Friday, July 31, 2015

හෘද සාක්ෂිය


අපි හැමෝටම හෘද සාක්ශියක් ඇත. මේ ලොවට සමාජයට කෙසේ සැඟවූවත්  ඔබට, මට අපි හැමෝටම මේ හෘද සාක්ෂියෙන් පැන යාමට නොහැක. මොකද එය හදවතට කෙලින්ම සම්බන්ධ ය. අපි කරන කියන දේවල් , ලෝකයට පෙන්නන දේ මේ හැමදේම අන්තිමට තමා තුලින් විනිශ්චයකට ලක්වේ. ඒ නිසා තමයි මිනිස්සු කියන්නෙ මගේ හෘද සාක්ෂියට එකඟව කියලා.

ඉතින් මම ත් ඔබ ත් අපි හැමෝමත් කරන කියන දේවල් හෘද සාක්ෂියට එකඟව කරන්නේ නම් කිසි දා හදවතට වරදකාරී හැඟීමක් දැනෙන්නේ නැත. කොතනක වුවත් බියක් නැතිව සෘජුව සිටීමට හැකියාව ලැබේ. බොහෝ  මිනිස්සු අවංක නැත. එපමණක්ද නොව හෘද සාක්ෂියට එකඟව ජීවත් වන්නේද නැත. මේ හේතුව නිසා ඔවුන් බියෙන් ජීවත් වේ. හැම වෙලේම වරද පිටස්තරව දකී. හැම වෙලේම අවුල දකින්නේ තමන්ගෙන් පිටයි. බාහිරවයි. නමුත් සත්‍ය වශයෙන් ගැටළුව පවතින්නේ තමා තුලයි.

ජීවිත ගමනේ විවිධ කාල වකවානු වලදී අපට විවිධ මිනිසුන් හමු වේ. ඔවුන් කෙරෙහි අපේ ප්‍රතිචාරයන් ඒ කාල වකවානුවේ අපේ සිතුවිලි රටාවට අනුකූලව සිදුවේ. බුද්ධ කාලයේ හිටපු අහිංසක නම් ළමයා අංගුලිමාල බට පත් වී ඉන් පසු රහතන් වහන්සේ කෙනෙක් වූ හැටි මතක් කරන්න. ඒ නිසා එකේක කාල වල අපි හිතන පතන හැටි එකිනෙකට වෙනස්ය.  ඒ කෙසේ වුවත් කිසිදු මිනිසෙකුගේ චිත්ත අභ්‍යන්තරයේ කිසි දුකක් ඉතිරි නොකර යන්න හිතට ගන්න. 





By: වින්ධ්‍යා හේවාවිතාරණ

Wednesday, July 29, 2015

මේ බ්ලොග් එක ගැන (About this blog)

මේ මාතෘකාව ලිවීමට සිත ඇති වූයේ වැරදි අවබෝධයන් ඇති වීම වලක්වා ලීම උදෙසාය. මෙය ලියන්නේ මම මගේ ජීවිතය ගැන, ගිහි ජීවිතය ගැන, කල කිරීමෙන් එසේත් නැත්නම් මහණ දම් පිරීමට සසුන් ගත වන අදසකින් නොවේ.හුදෙක්ම යහපත් චේතනාවකින් පමණක්මය.  මෙය කියවූ කෙනෙක් මගෙන් ඇසූ ප්‍රශ්නයක් නම් ඇයි දස සිල් මෑණියක් වී මහණ දම් නොපුරන්නේ මන්ද කියාය. යම් දිනක එය මට අවශ්‍ය වුවහොත් මා එය කරනු ඇත. වර්තමානයේ එබදු අදහසක් මා තුල නැත. යටි අරමුණු බලාපොරොත්තු මුකුත්ම නැත. Being spiritual doesn't mean that you are disable. Majority think it is a weakness.That is crazy. This is about contributing for the well being of yourself and others.

ඔබ මෙන්ම තරුණ වියේ කෙනෙකු අත් දකින සියලු දේ අත් දකිමින් හා වින්දනය කරමින් ජීවත් වන මට හැඟෙන දේවල් ප්‍රකාශ කිරීමක් පමණක්මය මේ. මම කිසිවක් ගැන කල කිරී නැත. වර්තමානයේ බොහොම උද්යෝගයෙන් හා නිරතුරු සතුටින් ජීවත් වන මට ඒ තත්වයට පැමිණි ආකාරය හා අවබෝධ වූ දේවල් බෙදා ගන්නටයි මේ ප්‍රයත්නය. මේ ගත කරන ජීවිතය ගැන මම අත්ශයින් තෘප්තිමත්ය. 

I really enjoy this life with every single experience. Writing this blog does not mean I prevent life. This is about letting life to blossom with love and compassion.

මා රචනා කරන මේ බ්ලොග් එක කියවා යම් අයෙක් ගේ සිත පහන් වේද එය සන්තුශ්ටියක්මයි.

මෙය ලිවීමට පාදක වූ කතා වස්තුව මෙයයි.  
මගේ ජීවිතය වෙනස් කල ශ්‍රේෂ්ඨ ගුරුතුමා මට මුණ ගැසුනේ මීට වසර කීපයකට පෙරයි. එය මා කරන ලද බරපතල කුසල කර්මයක ප්‍රතිපලයක්ය . ඔහු මට මග පෙන්නුවේය. එතැන් පටන් මා ඒ මාර්ගය ඔස්සේ ගමන් කිරීමට පටන් ගතිමි. මට අවබෝධ වෙන ආකාරයෙන් සරලව සතුටෙන් ජීවත් වීමේ , නිවනේ මාර්ගය පෙන්වූ  එතුමා ට මම මුලු හදවතින්ම නිරන්තරයෙන්ම කෘතවේදීය. ඔහු කෙරෙහි මා තුල ඇත්තේ අපරිමිත ආදරයක් හා කෘතවේදීත්වයකි. එය කිසිදා වෙනස් නොවන්නකි. පටාචාරාවට බුදු හාමුදුරුවන් හමු වූ ආකාරයෙන් මටද මගේ ගුරුතුමා හමු විය. එතැන් පටන් ඇති වූ ජීවිතාවබෝධය  නිසා නෙළුම් මලක් මෙන් මේ මොහොතේ මම ජීවත් වෙමි.

The infinite love and greatfulness towards my spiritual guru is never ending. If I'm in somewhere today at this moment the thanks should go to him. He showed me the way towards realizing things and I have lived that way since then. He never asked to follow him or he never tried to teach anything. But he clearly showed the way and said knowledge is not realization. From my entire self and whole heart full of love I mention about him here. Few words cannot express the much greatfulness and love towards him. 

ධර්මාවබෝධය පිණිස මා තුල තිබූ කැමැත්ත මුතුන් මිත්තන්ගේ පටන් පැවත එන්නක් විය හැක. සංසාරයේ විවිධ ආත්ම භාවයන් වල එකිනෙකට වෙනස් ආකාරයෙන් ඉපිද මේ මග යන්නට මා පෙරුම් පුරන්නත් කුසල් රැස් කරන්නත් ඇති. අනගාරික ධර්මපාල තුමාගේ {dති සහෝදරයෙකුගෙ පුතෙකු වූ මගේ සීයා වන දොන් ජුවානිස් හේවාවිතාරණ  තුල තිබූ බුද්ධිය හා අවබෝධය පුදුම සහගතය. බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා  අමිල සේවාවක් කල ඔවුන් ශ්‍රෙෂ්ඨ පුද්ගලයන්. අද මේ මොහොතේ මම ඔවුන් සිහිපත් කරන්නේ අතිශය කෘතවේදීත්වයෙනි. 

මේ මොහොතේ මේ පොළව මත ජීවත් වන ජීවිතය වෙනුවෙන් උදව් උපකාර කල මගේ දෙමාපියන් ඇතුලු හැමෝටම, හැ කෙනෙක්ටම මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙමි. අද මම සියල්ල දෙස බලන්නේ අතිශය කෘතවේදී හැඟීමකිනි.


By: වින්ධ්‍යා හේවාවිතාරණ


Tuesday, July 28, 2015

ධර්මය

මට හැඟෙන්නේ ධර්මය යනු අන් කිසිවක් නොව දේවල් වල ඇත්ත ස්වභාවයයි.  පවතින දේවල් වල ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. 

අපි මේ ස්වභාව ධර්මයේ කොටසක් වෙමු.මේ ලෝකයේ ජීවත් වන සාමන්‍ය මිනිසා මේ සරල සම්බන්ධය තේරුම් නොගනී. ස්වභාව ධර්මයේ පැවැත්මට යම් හානියක් අප විසින් කරයිද ඒ අපි අපේම කොටසකට හානි කර ගැනීමකි.

බුදු රජාණන් වහන්සේගේ ධර්මය වැදගත් වන්නේ කවර පුද්ගලයෙකුටද යන්න දැන් මට පැහැදිලිය. එය වැදගත් වන්නේ තමන්ගේ ජීවිත ගැටලුව වර්තමානයේ පවතින ගැටලුවක් බව පෙනෙන සහ වර්තමානයේ එයට විසඳුමක් අවශ්‍ය මිනිස්සුන්ටය.




By: වින්ධ්‍යා හේවාවිතාරණ

අනික් අය හිතන දේවල් හා කියන දේවල්

මේ ලෝකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ තමන්ට ඕනෙ විදියට නෙවෙයි. අනික් අයට ඕනෙ විදියට. එතකොට ඇත්තටම ඒගොල්ලො තමන්ට ලැබිච්ච ජීවිතේ අනුන් වෙනුවෙන් ජීවත් වෙලා. මේක හරියාකාරව වටහා නොගත්තොත් ගැටළුවක්. මොකද අපි අනික් අයට උදව් කරන්න ඕනෙ, සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනෙ. ආදරයෙන් කරුණාවෙන් දේවල් බෙදා ගන්න ඕනෙ. අපේ අම්ම, තාත්ත, සහෝදර සහෝදරියො එතකොට නෑදෑයො, යාලුවො , ආදරවන්තයො මේ හැමෝම එක්ක ජීවිතේ බෙදා ගත්තට, යන්න ඕනෙ අපේ ගමන.

මොකද තමන් තමන්ට ඕනෙ විදියට ජීවත් උනේ නැත්තම් අන්තිමට කල්පනා වෙනවා මම ජීවත් වෙලා නෑ කියල. හැබැයි ඒකත් අවබෝධයෙන් කරන්න ඕනෙ.මොකද තමන්ට ඕනෙ විදියට කියල අනික් අයට කරදරයක් වෙන විදියට එතකොට අනික් අයගෙ දේවල් අයුතු විදියට තමන්ගෙ ප්‍රයෝජනයට ගන්න එක නෙවේ මේ කියන්නෙ. ඉපදුණේ තනියම. එතකොට අවසන් ගමන යන්නෙත් තනියම. එතකොට මේ ඉපදීමෙ ඉඳලා මැරෙනකල් මට ලැබෙන කාලය මම තව කෙනෙක්ගෙ ගමනක් යන්න යොදා ගැනීම මට තේරෙන විදියට විහිලුවක්. මම යන්න ඕනෙ මගේ ගමන.

ඒ වගේමයි මිනිස්සු අපි ගැන කියන කතා. අපි කොහොම හිටියත් මොනා කරත් මිනිස්සු විවිධ විදියට ඒක  දකිනවා. එක එක අදහස් පල කරනව. දැන් හිතල බලන්න අපි හිටගත්තත්, ඉඳ ගත්තත්, කෑවත්, බිව්වත්, සල්ලි තිබ්බත්, නැතත්, ලස්සන උනත්, කලු උනත්, සුදු වුනත්, කසාද බැන්දත්, නොබැන්දත්, ළමයි හැදුවත්, නොහැදුවත්, කොටට ඇන්දත්, දිගට ඇන්දත් කොහොමත් මිනිස්සු කතන්දර කියනව. ඒක  ඉතින් සදාතනික ලෝක ස්වභාවය. ඒගොල්ලො කවදාවත් කතා කියන එක නවත්තන්නෙ නෑ. සමහර විට හොඳ කියනවා. සමහර විට නරක කියනවා. හිත සැනසෙන ඒවා කියනවා. ඒ වගේම දුක හිතෙන දේවල් කියනවා.මේවා කෙළවරක් නෑ. 

මේ දේවල් නිසා හිත සැලුනොත් ඒ කියන දේවල් අනුව අපේ ජීවිත ඒ අයට ඕනෙ ඕනෙ විදියට වෙනස් කරගෙන යන්න ගියොත් ඔබට අවසානයේ මහා පසුතැවීමක් දුකක් ඇති වේවි.

ඒ නිසා හැමෝම කියන දේවල් වලට ඇහුම් කන් දෙන්න. හැබැයි ඒ අනුව තමන්ගෙ ජීවිතේ තමන්ට නැති වෙන තත්වයට පත් කර ගන්න එපා. හැමෝම මේ ලෝකෙ ඉන්නත් ඕනෙ . අනික් එක දැන් කියන දේ නෙවේ අපි තව මාසෙකින් අවුරුද්දකින් කියන්නෙ.  අනික් අයත් ඒ වගේමයි. මේ දේවල් දිහා බලාගෙන තමන්ගෙ ජීවි ගමනේ හබල තමන් අතට අරන් ගනාන්තය දක්වා යන්නයි අපිට තියෙන්නෙ.
ඒ නිසා ඔබේ ගමනට අනෙක් අයව බාධාවක් කර නොගන්න. 





By: වින්ධ්‍යා හේවාවිතාරණ

Monday, July 27, 2015

අන්ධයා හා ආලෝකය


අන්ධයා ආලෝකය දැක නැත.කිසිදා ආලෝකය දැක නැති ඔහු අන්ධකාරයද දැක නැත. මොකද මේ දෙකම දකින්න ඇස් දෙකක් උවමනාය.නමුත් අන්ධයා ආලෝකය හා අඳුර ගැන සිතයි. කල්පනා කරයි.හැබැයි ඒ අන්ධ ස්වභාවයෙන්. එතකොට ඒක සත්‍යය නෙවේ.වචන පමණයි. සිතුවිලි පමණයි. ඒ වගේ තමයි අපිත්.

අපි නිවන සෙවීම අන්ධයා ආලෝකය හොයනවා වගේමයි.

ඔබ අතිශය නිහතමානී විය යුතුමය මේ සඳහා. මොකද දන්න දේවල් සහ අත්දැකීම් වලින් පවා අවසානයේ නිදහස් විය යුතුයි. මොකද හිත සත්‍යය ලුහු බඳින්න ලුහු බඳින්න එය ඈතට යයි. ඒ නිසා නිහඬ වී නැවතුනොත් සත්‍යයට ලඟා විය හැක.

මනස ක්‍රියා විරහිත වූ තැන නිවීම ඇත.




By: වින්ධ්‍යා හේවාවිතාරණ






සැප දුක නිති පෙරලේ



කොයි විදියේ සැපතක්, සුවයක් වුවත් එය වහාම දුකට, කණගාටුවට , පසුතැවිල්ලට පත් විය හැක. ධර්මය මෙය වුවත් ඔබේත් මගේත් සිත මෙය පිලිගැනීමට අකැමතිය.මෙතන වැරදුනාම තව තැනක් එතන වැරදුනාම ඊලඟ තැන හොඳයි කියා මෙතනින් අතන්ට අතනින් මෙතන්ට හිත දුවයි පනියි. මේක තමයි සාමාන්‍ය මනුස්ස අපේ ස්වභාවය. මේක තමයි ජීවිතය. මිනිස් ජීවිතය සැප දුක අශාවන් පසුතැවීම් සැකය භය ආදී වශයෙන් ගලා යයි. දැන් එබිකම් කලොත් තේරේවි අතරින් පතර කැඩිච්ච බිඳිච්ච සුඛයන් හා දුක්ඛයන් ගොඩක් නේද මේක. ඔබ ඉන්නෙ මාලිගාවක උනත් පැල්පතක උනත් මහ පාරේ උනත් ධර්මය මෙයමයි.

හැබැයි මොහොතකට මෙහි ඇති වෙනස් වන ස්වභාවය දෙස අවබෝධයෙන් බලන්න. ඔබට පෙනේවි මිනිස්සු මෙයාකාර දේවල් පස්සෙ ලුහු බඳින්නෙ ඇයි? නොදැනීම නිසයි. දන්න මනුස්සයෙක් තව තවත් ලුහුබඳින්නෙ නෑ.

මම සිතුවිලි වල පදනම ලුහු බැඳීම බව තේරුම් ගත්තොත්  එතකොට මට වෙනස් වන ස්වභාවය, එනම් ධර්මතාවය අවබෝධ වෙනවා. එතන ඉඳලා මම යන්නෙ දැනගෙනයි. එතකොට මට ලුහුබැඳීමක් අවශ්‍ය නැහැ.

මම සැපෙහි දැඩිව ඇලෙන්නේ නැතිනම් දුකේ ගැටෙන්නේ නැත්නම්. මම ඉන්නෙ මධ්‍යයේ නම් මට තියෙන්නෙ ගලා යාමක්. ඇත්තටම ගලා යන ගංගාවක් ගැන හිතුවම මට ජීවිතේ සැප දුක ඒ වගේ කියල හිතෙනව.













By: වින්ධ්‍යා හේවාවිතාරණ

Sunday, July 26, 2015

ආධ්‍යාත්මික මාර්ගය

ආධ්‍යාත්මික මාර්ගය

මේ සංසාරය මට පෙනෙන අයුරින් අනන්ත දුර ගමනකි.මෙහි නැවත ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කරන වාර අනන්තයක් විය හැක. ඉතින් මෙහි ඕනෑ තරම් කාලයද ඇත. ආධ්‍යාත්මික ගමන් මාර්ගයක යන්න ඔබ තීරනයක් ගන්නේ නම් එය ඔබේ තීරණය හදවතට එකඟව ගත යුතුය. 

තව කෙනෙක් මේ ගමන යන නිසාවත් අරය මෙයා කියූ පලියට මේ ගමන තෝරා ගන්න එපා. මට අවශ්‍ය මොකක්ද කියන දේ මම තරම් දන්න තව කවුරුවත් නෑ. ඉතින් ඔබට අවශ්‍ය කුමක්ද කියා නිශ්චය කරගෙන ඒ ගමන යන්න. එය වරදක් නොවේ මම දකින හැටියට. හැමෝම නිවන් දකින්නෙ නෑ මේ ආත්ම භාවයේදී. ඒ වගේම හැමෝටම තම තමන් සතුටු වෙන එක එක ගමන් මාර්ග තියනවා.

 ඉතින් මේ ලෝකෝත්තර ජීවිතය හා ලෞකික ජීවිතය අතර දෝලනය නොවී ජීවත් වන්න. නැත්නම් එය සන්කීර්ණ ගැටලුවක්. ඒ කොහොම උනත් සතුටෙන් ජීවත් වෙන්න. තව කෙනෙක්ට කරදරයක් නොවී ඉන්න හැඩ ගැසෙන්න. නිවන් දකින්න අපි ගිහි ජීවිතය හැර යන්න ඕනෙමයි කියල මම අද විශ්වාස කරන්නේ නැහැ. මේ ලෞකික ජීවිතය තුල ම නිවන් ගිය ජීවිතයක් ගත කරන්න පුලුවන්. තමන් නිරපේක්ශ ජීවියෙක් බව තේරුම් ගන්න. මම කියා තවක් අයෙක් නැත. එතකොට මම සාපේක්ශව හිතලා සංසංදනය කරනව නම් .එතනදි මම මාව සම්පූර්ණයෙන් පිලි අරගෙන(accept your self totally) නෑ.ඒක තමයි ප්‍රධාන ගැටලුව. තමන්ව සම්පුර්ණයෙන් පිලි අරගෙන(accept your self totally) එන දේකට මුහුණ දෙන්න.  මේ හැමදේකටම උත්තරේ මද්‍යස්තයේ ජීවත් වීමයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව. විශාඛා සිටු දුව සෝවාන් වෙලා පරිපූර්න පවුල් ජීවිතයක් ගත කලා නම් අපිට සෝවාන් වෙන්න මේක අතහරින්න ඕනෙ නෑ. මිනිස්සු දකින්නෙ ගොඩක් වෙලාවට හරි දේට වඩා වෙනස් දෙයක්. 

මම ලෞකික ජීවිතේට ආස කර කර ඒකෙ සිහින පොදි බැඳගෙන අනික් අය යන නිසා ආධ්‍යාත්මික මාර්ගයේ යනවනම් මම මාවම රවට්ටා ගන්නවා. ඒ විතරක් නෙවේ මම මේ ලෝක දෙක තුල අතරමැදියෙක් වෙනව. අන්න එහෙම උනාම මාව මට කරදරයක් ඒ වගේම අනික් අයට කරදරයක්.

මේක හරියට අවබෝධයෙන් යන්න ඕනෙ ගමනක්. ඇත්තටම මට මේක පේන්නෙ තියුනු මුවහත් තලයක් උඩින් අඩිය තිය තියා මහ ගැඹුරු ගංගාවක් මැදින් යන ගමනක් වගේ. අවබෝධයෙන් නොගියොත් ඇති වෙන තත්වය දැන් හිතා ගන්න පුලුවන්. ඒ නිසා මේ ගමන තෝර ගන්නවා නම් හරි ආකාරව යා යුතුයි. ඉස්සෙල්ලම මම මගෙන් අහන්න ඔනේ ප්‍රශ්නය මට යන්න ඕනෙ කොහාටද කියන එක....  හැබැයි මේ භෞතික ලෝකෙ අරමුණු කොච්චර ජය ගත්තත් ඒකෙ කෙළවරක් නම් නෑ. එකක් ජය අරන් අනික් එකට ඔහොම ඔහොම කෙලවරක් නැතුව ගමනක් තියෙන්නෙ. ඒත් ඒකෙ වරදක් නෑ. ඒක හරි හැටි අවබෝධ කරගෙන ආධ්‍යාත්මික පැත්තට ආවොත් ඔබ දැන ගෙන යන ගමනක් වෙනවා ඒක. 

සවන්දෙන්න හදවතට .... නමුත් හරි ආධ්‍යාත්මික ගමනක් යන මනුස්සයෙක්ට මේ භෞතික ලෝකෙ දේවල් එච්චර ගැටලුවක් නෑ. සමහර විට සෝවාන් සකෘදාගාමී අය මේ අපි අතර  රැකියාවක් කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන පවුලක් , ළමයින් එක්ක ජීවත් වෙන්න පුලුවන්. ඉතින් මට ගමක් යන්න ඕනෙ නම් මේ කිසි දෙයක් ගැටළු නෙවෙයි.

ඔබට යන්න මාර්ගයක් තියනවා. අප්‍රමාදීව තෝරාගෙන ගමන් කරන්න...




By: වින්ධ්‍යා හේවාවිතාරණ

උපත

මම දකින ආකාරයට මා උපත ලබා ඇත්තේ කුශල හා අකුශල යන දෙකම සම මටටමේය. මෙය ජීවිත කාලය පුරා මම අත් වින්දෙමි. නමුත් එක්තරා මොහොතකදී අකුශල කර්මයන් පල විපාක අවම ආකාරයෙන් ජීවත් වීමේ ක්‍රමයක් සොයා ගත්තෙමි.එය බොහෝ කර්ම අහෝසි කර්ම වන්නට හේතුවක් වන්නට ඇත. කෙනෙක් මට බැන්නාට මම එක් අවස්ථාවක පටන් ආපසු බැන්නේ නැත. මට අපහාස කළාට මම ප්‍රතිචාර දැක්වූයේද නැත. ප්‍රශංසා කල පමණින් අනවශ්‍ය ලෙස උද්දාමයටද පත් උනේ නැත. යමක් ප්‍රගුණ කළෙමි. යම් කෙනෙක් මට බනීද අපහාස කරයිද ගුණ වර්ණනා කරයිද එය ඔවුන්ගේ ගැටලුවක් මිසක් මට අදාල ගැටලුවක්ද නොවේ. ඒ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් පමනකි. මේ අයුරින් මට ඕනෑම අයෙක් දෙස එකම ආකාරයෙන් බලා සිනා සීමට හැකියාව ලැබුණි. මේ ක්‍රමය සොයා ගැනීමට පෙර මා එබඳු අවස්තා වෙනුවෙන් අනවශ්‍ය කාලයක් මිඩංගු කර ඇත. නමුත් සියල්ලෝම තුල ඇත්තේ එකම දෙයක් යන්න මට තේරුණ දා පටන් මම කවදාවත් කිසි කෙනෙකුට නොබැන්නෙමි. ඒ නිසා ලෝකය කෙබදු වුවත් තමන්ගේ ගමනට එය බධාවක් කර නොගන්න. 

කුමන ආකාරයකට උපත් ලැබුවද ඔබේ මේ මනුසත් ආත්මය තුල ප්‍රමාද නොවන්න. අප තව තවත් ඉපදුණත් මේ කරන කියන දේ වලට අමතර යමක් නොකරනු ඇත. මතක ඇති කාලයක පටන් නෙළුම් මලක් සේ ජීවත් වීමට මට අවශ්‍ය විය. අපි හැමෝටම නොයෙකුත් ආකාරයේ බැඳීම් ඇත. නමුත් මේ කිසිදු බැඳීමක් තමන්ගේ කර මතට නොගන්න. අප ජීවත් වන්නේ අවශ්‍ය අවස්තාවන්හි එකිනෙකාට උපකාර කිරීමට මිසක් ඉන් එහාට මෙහි දෙයක් නැත. ආදරය කරන්න. උදව් කරන්න. කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන්න. 

උපතේ සිට තමන් යන නිශ්චිත ගමන මරණය දක්වාය. මම හිඟන්නෙක් වුවත්, පාලකයෙක්, පූජකයෙක්, කවුරු උනත් මට උරුම නිශ්චිත ගමන මෙයයි. ඒ නිසා මම උපතේ සිට මරණය දක්වා මේ යන ගමන යා යුත්තේ කෙසේද , තව තවත් සංසාරයේ උපත ලබනවාද යන්න ඔබට අයත් තෝරා ගැනීමකි. මම තෝරා ගන්නේ කුමක්ද යන්න තව කෙනෙක්ට තෝරා දිය නොහැක. සියල්ල ඇත්තේ තමන් අතේය.




By: වින්ධ්‍යා හේවාවිතාරණ



Balance

Now I could see that whole universe as a perfect balanced system. Just for a moment think about this. The intelligence of nature which nothing can surpass. It is natural intelligence of universe. It is like this. you and I know this universe consist of everything. Almost everything. so why would you think certain things has to be there and certain things doesn't have to be ....It does not exist like that. Now this universe has planets trees animals bacteria etc., also it has murderers, thieves and sadhus sages priests also temples churches and liquor bars and schools. So this system consist almost everything. But it is very centered balanced system. It does not reject anything. I do not say you have to have every thing to be balanced. This is what I understand. Inside us there is a universe. we are also another universe in this universe. so when you are balanced you can handle everything. when you are centered you are not affected. think of this there are factories on earth which sends out sulfur dioxide which is harmful. but we humans as usual inhale exhale. the oxygen percentage is the same. the nature balanced this. of course there are other effects of SO2. but this centered system least affected. When you are awake you see , hear, taste, feel of the touch etc. with these you get affected and loose balance. just be in the center . do not get carried away. there is nothing to get carried away. this temporary life on earth for a short time you come and go. Nothing permanent. This way you do not get stressed or sad. You need to have a total acceptance. first you have to accept your own self totally. next the rest of the world. practice to be balanced. simple way is to start from the physical body as i see. when i sit I feel i'm seated centered. when balanced physically the mental balance is easy. then can go to spirituality. I think like this I (this being) on earth being at the center continuing day to day work. feel happy, excited, loving, whatever the feeling be at the very centre handling the things. You live in a system 100% balanced and why cant you become balanced. Amidst what ever the situation be in the center and handle it. you are least affected and others also least affected.




By : Vindhya Hewavitharana

Friday, July 24, 2015

Time

I have seen people too much bother about time. But everyone of us would may have experienced a moment that time goes instantly. just think at what occasion... when you are fully excited and full of love you loose the connection with time. so this is a secret. time influences when you are with the mind as per my experience. Otherwise time has nothing to do with mind not working state. Also I would say do not too much worry about time. this moment you live and the next moment you never know you will be there or not. so too much expectations and plans with time will lead towards sorrow. As per my experience the time is directly connected with mind. this feeling may change with the realization goes further. because im also still realizing.... this journey is exciting.





By: Vindhya Hewavitharana

සිහිය

සිහිය පිහිටුවා ගැනීම දුශ්කර කාර්යයක් නොවන බව මගේ හැඟීමයි.මම එය පුරුදු පුහුණු කළේ සරල ආකාරයකටයි. ඔබ නිරත වන කටයුත්ත කුමක් වුවත් මුලුමනින්ම සිහියෙන් එම කටයුත්තේ නිරත වන්න. ඔබ සිහියෙන් හැම මොහොතකම කරන කටයුතු වල නිරත වන විට අමුතුවෙන් සිහිය පිහිටුවා ගැනීමට වෙහෙස විය යුතු නොවේ. මෙය මහ පුදුම  ක්‍රියාවලියක් සේ මා දකින්නේ සිහියෙන් ජීවත් වන විට ඔබට සොරකම් කිරීමට සතුන් මැරීමට ආදී වශයෙන් වූ හානිදායක ක්‍රියා කිසිවක් කිරීමට බැරි වේ. ඔබ සොරෙක් නම් ඔබ ඒ ගැන පසුතැවෙන්නේ නම් සිහියෙන් එම කාර්යයේ නිරත වී බලන්න. ඔබට තව දුරටත් සොරකම් කල නොහැක. බුදු රජාණන් වහන්සේ සම්මා සතිය ලෙස දේශනා  කලේ යහපත් සිහිය පවත්වා ගැනීමයි. අද එහි නිවැරදි අර්ථය මට පසක් වී ඇත. සිහියෙන් යුතුව දවස ගත කිරීමේදී ඔබ කරන කියන සියලු දේ තුල ඔබ භාවනා යෝගීව ජීවත් වී ඇත. එක් ස්ථානයක වාඩි වී භාවනායෝගීව වැඩ සිටීමේ පලමු පියවර මෙය විය හැක.ආධ්‍යාත්මික මාර්ගයක ගමන් කිරීම තෝරා ගන්නේ ඉතා සුලු පිරිසකි. කවර කලෙක වුවත් මෙය මේ ආකාරමය. තරුණ කාලයේදී මේ මග තොරා ගන්නන් බොහෝ අල්ප වුවත් වසස ගත වන විට මේ ලොව අත්හැර  යන කාලය ලං වීමේදී අනිවාර්යයෙන් මේ ගැන සිතන්නන් එමටය. ප්‍රමාද නොවී සිහිය පිහිටුවා ගතහොත් ඔබේ ගමන සාර්ථක වනු නොඅනුමානය.





By: වින්ධ්‍යා හේවාවිතාරණ






Wednesday, July 22, 2015

About most people we meet


Most I mean the 99% of the people we meet are focused on other people's businesses. They talk about others and they worry about other peoples future. They never ever talk about themselves. They will be too late when they focus on to themselves. 

I feel that people are so afraid to look in to themselves. They look at others. Because they are afraid to live with them selves. So this is where people become inhuman. They do not have time for themselves. 

Being spiritual means looking inside yourself not at others. When you are focused on to yourself you save your energy.Also the harm for other people is very minimum. Your fear disappears when this happens. The sadhus in top mountains live with themselves at the peak of bliss is they are focused in to themselves.







Tuesday, July 21, 2015

Seeing my self as a travelling soul


I realize that we all are travelling souls. This life is one stop for us. We are on a trip. this is the trip on earth. so you really need to enjoy this. otherwise whats the point.Live each moment to full potential. and happy. just be happy as much as possible. what you have to do in this life trip on earth you the resources according to your need. contribute to the well being. not to harm mother earth or its beings. and just live fully enjoying.

Spiritual people are the most happy people even though they do not have anything. but in the present society they see spirituality as a disability. this makes me laugh and laugh. because being spiritual means you are so happy , contented and fulfilled. more alive and energized. So just see the misconception people bear in this world.

This travelling soul travels until you attain  nibbana. And according to all your actions the karma returns. You have to reap what you sow.

A person who understand this will never ever frown at another person. He will always keep on smiling. whatever happens. So this life make it a turning point to where we go... to heaven, or to hell. Its all a choice in your hands.




by: Vindhya Hewavitharana




The World is Black and White


As per my understanding in this world both black and white exist...That means you need to understand for the white to exist the black has to be there. The good to be in this world bad has to be there. You will not see the light if the darkness doesn't exist. so this is the nature of this world. For people to do meritful things the sinful things does exist. So this is the very nature of this world. 

Very less people get connected to the pure existence. Where you totally become love and you become the universe. Such people see this correctly. It may take sometime for the people to understand this. Have you heard of the story that a person named Angulimala killed 999 people but ultimately became arahant. You need to understand this correctly. 

This is always half half . 50% , 50% . so the nature is like this. you need to decide which side you have to be. please contribute to the well being of nature.

If you live your life according to nature automatically you are looked after by nature.  Buddha said it " ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ශා කරනු ලැබේ"





by : Vindhya Hewavitharana

People are mistaken


People are mistaken with "Dhamma". The original dhamma preached by Lord Buddha is not what has gone inside people's minds at the present. What Lord Buddha preached and what Jesus has preached is completely different to what people believe in nowadays. 

Lord Buddha and Jesus both said people not do do any action which will bring out harmful effects to any being. In this case tree is also a being. They preached loving kindness. Compassion. what do the Bikkus in the Buddhist temples do today... they develop the materialistic things in the temple and try to attract people. They try to collect money saying different things. That is not the way of serving people. People should be taught to live in a good heart and without any harm to the nature. Why do people steal, why do people tell lies. why would people have multiple partners for sex. This all is due to the mistaken understanding about dhamma. If people are shown the correct way to live. They would not do such things.

So as per my understanding this system need to be changed. The correct message from the divine(god) should reach the people. But this is not a easy process. Do you see when someone start telling the truth and start showing the correct way, majority doesn't believe.



by: Vindhya Hewavitharana

This moment


This Moment

I would like to express my idea upon "this moment". Because the core reason for my self kept on happiness without a break was this moment. I lived in this moment. I didn't think of future or the past. All I'm is this moment living being. I only live in this moment. When you are connected to this particular moment you feel aliveness , that you are living. Living means you have to feel you are living. So that life force within you is connected to the whole universe. Past means something which has happened . Future is yet to come. But always remember the present create the future. So being happy, and with loving kindness creates your future. so always live the present moment to the fullest. 

I see this as if we live that is only in this moment. We do not live in future or past. We only live in this moment. so that we cannot think of another moment. The ultimate truth is there is no point of thinking about the past. Because past never happen anymore. Its already happened. Future never know how it happens. So we cannot live in future. Only precious moment is this moment where we live. We have to live this moment with full potential. Living to the fullest would make us happy. That happiness is the only truth. Only truth exist in you is this moment.

When you live in the present moment you only have a action thought. You do not have any karma creating thoughts. So that what we need is to focus on the present moment and continue to live. That will keep you happy. This happiness will long last. Also the power of this moment is immense. When you live in now there is happiness, contentment. 

Being happy is not a difficult task. The secret is being in this moment through my own experience.

Only place you can be is this moment here and now. Look aroung with whole hearted gratitude. There are boundless things to be greatful.



by: Vindhya Hewavitharana




Monday, July 20, 2015

මනුශ්‍යත්වය (Humanity)

මනුශ්‍යත්වය

මා දකින ආකාරයට මිනිසා යනු මේ ලෝකය තුල පහළ වූ අසහාය බුද්ධිමත් ජීවියාය. මිනිසාගේ ස්වභාවික ආකාරය විය යුත්තේ අන්‍යන්ට උපකාර කරන අවිහිංසක ස්වභාවයයි. නමුත් වර්තමානය වන විට මිනිසා මේ ආකාර නොවේ. දැඩි ආශාවන් හා භෞතික සම්පත් රැස් කිරීමේ ලෝභීත්වය නිසා එකිනෙකා පරයා ඉහලට නැගීමට වෙහෙස වන මනුශ්‍ය ස්වභාවයන් අමතකව ගිය ජීවින් කොටසකි. මිනිසුන් වශයෙන් අපි සැවොම එකම ඔක්සිජන් ආශ්වාස කර කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නෙමු. රුධිර සං සරණය සිදු වන්නේද හදවත ගැහෙන්නේද එකම ආකාරයකටයි.  අපේ හමේ වර්ණය වෙනස් වන්නේ අප පෘතුවියේ ඉපදී ඇති භූගෝල පරිසරය අනුවයි.ඒ වාගේම විවිධ පරිසර වල විවිධාකාර සංස්කෘතියන් නිසා අපි වෙනස් ආකාරයේ පුරුදු ගති පැවතුම් ඇති අය විය හැක. නමුත් සියල්ලෝම අයත් වන්නේ මනුෂ්‍ය කුලකයටයි. අපි අනෙකාට ගරු කල යුතුය. ආදරය කල යුතුය. මේ පිලිබඳව මේ ලෝකයට කියා දුන් ජේසුස් වහන්සේ මම දකින අති ශ්‍රේෂ්ඨ ආගමික නායකයෙකි. උන් වහන්සේ තරම් සරලව මනුශ්‍යත්වය හා ආදරය ගැන අපට කියා දුන් අනෙකෙක් නැත.

මනුශ්‍යයෙකු වී උපත ලැබීම අති දුර්ලභය. එම නිසා අප මනුශ්‍යත්වයෙන් සියල්ලන්ටම සැලකිය යුතුය. 


By: වින්ධ්‍යා හේවාවිතාරණ

Love



Love is the only way to reach god. When you are full of love have you experienced that everything stops. Time stops mind stops. But your heart works. When your heart filled with love unwanted thoughts doesn't come to you. your focus is on love. nothing else disturbs. Why not continue this state. This is the beginning of compassion. You are born out of love. So your nature has to be love. But with the growth you distance your self with love and fill your heart with negativity. 99% of the people on earth are completely not in their natural state. You need to understand that practicing love directs you to the god. 

Real love is giving only. no expectation of a return. think you pray for god. god loves you. did ever god expect anything in return for the love he has for you. its simple as that. love in its pure nature is unconditional.Love is unconditional. 

Of course this love doesn't mean what you share with your girl friend or boy friend. but its the love comes from deep inside of your heart.  Love is not a relationship at all. It is a state of being. This begins from first you need to love your self before loving anybody else. If someone does not love themselves and says loving others is a damn lie. Only a person who loves himself will love another and also take care of another.

People are mistaken. They love for another person expecting hundred thousand things. where real love does not happen. that cannot be called love.

Therefore If you need to see god through your own eyes. practice love. that is the way. Love is the way to reach god. All your prayers will be answered...


By : Vindhya Hewavitharana  

නියත වූ සතුට

නියත වූ සතුට


ඔබ සතුට ලබා ගන්නේ බාහිරින් ලැබෙන යම් ආශ්වාදයක් හේතු කොට ගෙන නම් එය කෙටි කාලීනය. තාවකාලිකය. බොහෝ මිනිසුන් අසීමාන්තික ආශාවන් පසු පස ලුහු බඳිමින් සතුට සොයයි.එක් අරමුණක් සක්ශාත් වූ පසු තව එකක් ඉන් පසු තවත් එකක් ආදී වශයෙන්  නොනවතින අතෘප්තිකර ගමනක නියුතු වෙති. නමුත් එය සදාකාලික නොවේ. බාහිර දේවල් හඹා යන තාක් ඔබ තෘප්තිමත් නොවේ.තමා දෙස යොමු වූ සිත ඇතුලාන්ත සතුට සොයා ගනියි.එපමනක්ද නොව  එම සතුට කල් පවතී. එසේ වුවද මෙය ඉබේ පහල වන්නක් නොව ඔබ කාලයක් තිස්සේ පුහුනු කර ලබා ගත යුතු සමාධි මට්ටමකි. නමුත් එය අපහසු යැයි අත් හැර නොදමන්න.සදා කාලික සතුට ලබා ගැනීමේ ඒකායන මාර්ගය මෙයයි. මනුශ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභය. එයින් උපරිම ප්‍රයොජනය ලබා ගන්න. සියල්ලම අවසානයේ මහ පොළවට දිරාපත් වේ. අප බාහිර ශරීරයද ඇතුලුව. ඉතින් අපි මේ රැස් කරන සියළු භෞතික සම්පත් වල  කෙළවර එයම වේ. රැස් කිරීමේ ප්‍රතිපලය කුමක්ද? පොළවට දිරා යන ප්ලාස්ටික්, යකඩ, රත්‍රන්, ලී ආදී වශයෙන් ගොඩ ගැසීමනවතා තමාට ඇති පමණින් ලැබුණු සම්පත් ප්‍රයෝජනයට ගෙන ජීවත් වන්න. නියත වූ සතුට කරා ලඟා වීමේ පළමු පියවර මෙය වේ.



By: වින්ධ්‍යා හේවාවිතාරණ

Sunday, July 19, 2015

ජීවත් වීම


ජීවත් වීම


මා අත්දකින ආකාරයට මේ ලෝකයට අප ආගමනය වීම එක්තරා අකාරයකට සුදුසු වාහනයක් තෝරා ගෙන එකිනෙකාට සුවිශේෂී වූ කාල සීමාවකට පැමිණි චාරිකාවක් වැන්නකි. අප කිසිවෙක් සදාකල් මේ ලෝකය තුල ජීවත් වීමට පැමිණ නැත. අප වාසය කරන භූගෝලීය පරිසරයට අනුකූලව සුදුසු භෞතික ශරීරයක් අපට ලැබී ඇත. වාහනය මේ ශරීරයයි. මේ චාරිකාව ඉතා හොඳින් ගත කිරීමේ මූලිකම අවශ්‍යතාවය මේ ශරීරය මනාව රැක ගැනීමයි. මරණය යනු අප මේ ලොව චාරිකාව නිමා කර තවත්  චාරිකාවකට අවතීර්ණ වීමයි. අප කරන කියන දේවලට අනුකූලව අපිට මේ සඳහා අවශ්‍ය ක්‍රෙඩිට් ලැබේ. සන්සාර චක්‍රය යනු අප මේ ආකාරයට ජීවිතයකින් ජීවිතයකට මරණයෙන් කෙළවර කොට ගමන් කිරීමේ ක්‍රියාවලියයි. මේ භවයේ මිනිසුන් ලෙස ඉපිද සිටින අප මීලඟ භවයේ වෙනත් සතකු විය හැක.  පෙර භවයන් හිදී අනන්ත වාරයක් ඉපිද ඇති අප පණුවන්, කුරුල්ලන්, සිංහයන්, දෙවියන්, පෙරේතයින් ආදී විවිධ  ආත්මයන් පසුකර එන්නට ඇති. අප සතු කාර්ය භාරය මේ චාරිකාවේදී අන්‍යන්ට කරදරයක් හිරිහැරයක් නොවන අයුරින් ජීවත් වීම හා සතුටින් ජීවත් වීමයි.  දුක් විඳීමේ කිසිම තේරුමක් නැත. යම් දුකක් තමන් වෙත පැමිණෙන්නේ නම් එහි සම්පූර්ණ වගකීම තමන් භාර ගත යුතුය. ඔබ ඉඩ නොදේ නම් වෙනත් කිසිවෙකුට ඔබව දුකට පත් කල නොහැක. එබැවින් නිකරුණේ දුක වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැය නොකොට සතුටින් ජීවත් වීම පමණකි කළ යුත්තේ.  

සතුටින් ජීවත් වීමේ රහසක් ඇත. එනම් තරහ, ක්‍රෝධ , ඊර්ෂ්‍යා, මාන්නය, දැඩි ආශාවන් වලින් බැහැරව ජීවත් වීමයි. ඒ වෙනුවට කරුණාව, මයිත්‍රීය, ආදරය ඔබ තුල වගා කර ගන්න. එය ඔබව නිරතුරු සතුටින් තබනු ඇත.  පන්සිල් පද ආරක්ෂා වීම ඉබේම සිදු වේ.

සැකෙවින් ජීවත් වීම සුදුසු වාහනයකින් මේ ලෝකයට චාරිකාවක් පැමිණ සීමිත කාලයකට ඒ ගමන භුක්ති විඳ නැවත ගමන් කිරීමයි. නිවන් දැක්කොත් ඔබ තව දුරටත් මේ සංසාරයේ ගමන් කරන්නේ නැත.

By: වින්ධ්‍යා හේවාවිතාරණ

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා බුදු රජාණන් වහන්සේය....

මම මඩෙහි ඉපිද මඩෙහි හැදී වැඩී මඩෙන් ගොඩට මතු වී මඩෙහි නොගැටී නොගෑවී සිටින සහස්පතක් වැනිය. එනම් මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතර හැදී වැඩී මිනිසුන් සමග නොගැටී නොගෑවී නොබැඳී සිටින්නෙමි.

 - බුදු රජාණන් වහන්සේ