Sunday, July 19, 2015

ජීවත් වීම


ජීවත් වීම


මා අත්දකින ආකාරයට මේ ලෝකයට අප ආගමනය වීම එක්තරා අකාරයකට සුදුසු වාහනයක් තෝරා ගෙන එකිනෙකාට සුවිශේෂී වූ කාල සීමාවකට පැමිණි චාරිකාවක් වැන්නකි. අප කිසිවෙක් සදාකල් මේ ලෝකය තුල ජීවත් වීමට පැමිණ නැත. අප වාසය කරන භූගෝලීය පරිසරයට අනුකූලව සුදුසු භෞතික ශරීරයක් අපට ලැබී ඇත. වාහනය මේ ශරීරයයි. මේ චාරිකාව ඉතා හොඳින් ගත කිරීමේ මූලිකම අවශ්‍යතාවය මේ ශරීරය මනාව රැක ගැනීමයි. මරණය යනු අප මේ ලොව චාරිකාව නිමා කර තවත්  චාරිකාවකට අවතීර්ණ වීමයි. අප කරන කියන දේවලට අනුකූලව අපිට මේ සඳහා අවශ්‍ය ක්‍රෙඩිට් ලැබේ. සන්සාර චක්‍රය යනු අප මේ ආකාරයට ජීවිතයකින් ජීවිතයකට මරණයෙන් කෙළවර කොට ගමන් කිරීමේ ක්‍රියාවලියයි. මේ භවයේ මිනිසුන් ලෙස ඉපිද සිටින අප මීලඟ භවයේ වෙනත් සතකු විය හැක.  පෙර භවයන් හිදී අනන්ත වාරයක් ඉපිද ඇති අප පණුවන්, කුරුල්ලන්, සිංහයන්, දෙවියන්, පෙරේතයින් ආදී විවිධ  ආත්මයන් පසුකර එන්නට ඇති. අප සතු කාර්ය භාරය මේ චාරිකාවේදී අන්‍යන්ට කරදරයක් හිරිහැරයක් නොවන අයුරින් ජීවත් වීම හා සතුටින් ජීවත් වීමයි.  දුක් විඳීමේ කිසිම තේරුමක් නැත. යම් දුකක් තමන් වෙත පැමිණෙන්නේ නම් එහි සම්පූර්ණ වගකීම තමන් භාර ගත යුතුය. ඔබ ඉඩ නොදේ නම් වෙනත් කිසිවෙකුට ඔබව දුකට පත් කල නොහැක. එබැවින් නිකරුණේ දුක වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැය නොකොට සතුටින් ජීවත් වීම පමණකි කළ යුත්තේ.  

සතුටින් ජීවත් වීමේ රහසක් ඇත. එනම් තරහ, ක්‍රෝධ , ඊර්ෂ්‍යා, මාන්නය, දැඩි ආශාවන් වලින් බැහැරව ජීවත් වීමයි. ඒ වෙනුවට කරුණාව, මයිත්‍රීය, ආදරය ඔබ තුල වගා කර ගන්න. එය ඔබව නිරතුරු සතුටින් තබනු ඇත.  පන්සිල් පද ආරක්ෂා වීම ඉබේම සිදු වේ.

සැකෙවින් ජීවත් වීම සුදුසු වාහනයකින් මේ ලෝකයට චාරිකාවක් පැමිණ සීමිත කාලයකට ඒ ගමන භුක්ති විඳ නැවත ගමන් කිරීමයි. නිවන් දැක්කොත් ඔබ තව දුරටත් මේ සංසාරයේ ගමන් කරන්නේ නැත.

By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.