Monday, July 20, 2015

නියත වූ සතුට

නියත වූ සතුට


ඔබ සතුට ලබා ගන්නේ බාහිරින් ලැබෙන යම් ආශ්වාදයක් හේතු කොට ගෙන නම් එය කෙටි කාලීනය. තාවකාලිකය. බොහෝ මිනිසුන් අසීමාන්තික ආශාවන් පසු පස ලුහු බඳිමින් සතුට සොයයි.එක් අරමුණක් සක්ශාත් වූ පසු තව එකක් ඉන් පසු තවත් එකක් ආදී වශයෙන්  නොනවතින අතෘප්තිකර ගමනක නියුතු වෙති. නමුත් එය සදාකාලික නොවේ. බාහිර දේවල් හඹා යන තාක් ඔබ තෘප්තිමත් නොවේ.තමා දෙස යොමු වූ සිත ඇතුලාන්ත සතුට සොයා ගනියි.එපමනක්ද නොව  එම සතුට කල් පවතී. එසේ වුවද මෙය ඉබේ පහල වන්නක් නොව ඔබ කාලයක් තිස්සේ පුහුනු කර ලබා ගත යුතු සමාධි මට්ටමකි. නමුත් එය අපහසු යැයි අත් හැර නොදමන්න.සදා කාලික සතුට ලබා ගැනීමේ ඒකායන මාර්ගය මෙයයි. මනුශ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභය. එයින් උපරිම ප්‍රයොජනය ලබා ගන්න. සියල්ලම අවසානයේ මහ පොළවට දිරාපත් වේ. අප බාහිර ශරීරයද ඇතුලුව. ඉතින් අපි මේ රැස් කරන සියළු භෞතික සම්පත් වල  කෙළවර එයම වේ. රැස් කිරීමේ ප්‍රතිපලය කුමක්ද? පොළවට දිරා යන ප්ලාස්ටික්, යකඩ, රත්‍රන්, ලී ආදී වශයෙන් ගොඩ ගැසීමනවතා තමාට ඇති පමණින් ලැබුණු සම්පත් ප්‍රයෝජනයට ගෙන ජීවත් වන්න. නියත වූ සතුට කරා ලඟා වීමේ පළමු පියවර මෙය වේ.



By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.