Friday, July 24, 2015

සිහිය

සිහිය පිහිටුවා ගැනීම දුශ්කර කාර්යයක් නොවන බව මගේ හැඟීමයි.මම එය පුරුදු පුහුණු කළේ සරල ආකාරයකටයි. ඔබ නිරත වන කටයුත්ත කුමක් වුවත් මුලුමනින්ම සිහියෙන් එම කටයුත්තේ නිරත වන්න. ඔබ සිහියෙන් හැම මොහොතකම කරන කටයුතු වල නිරත වන විට අමුතුවෙන් සිහිය පිහිටුවා ගැනීමට වෙහෙස විය යුතු නොවේ. මෙය මහ පුදුම  ක්‍රියාවලියක් සේ මා දකින්නේ සිහියෙන් ජීවත් වන විට ඔබට සොරකම් කිරීමට සතුන් මැරීමට ආදී වශයෙන් වූ හානිදායක ක්‍රියා කිසිවක් කිරීමට බැරි වේ. ඔබ සොරෙක් නම් ඔබ ඒ ගැන පසුතැවෙන්නේ නම් සිහියෙන් එම කාර්යයේ නිරත වී බලන්න. ඔබට තව දුරටත් සොරකම් කල නොහැක. බුදු රජාණන් වහන්සේ සම්මා සතිය ලෙස දේශනා  කලේ යහපත් සිහිය පවත්වා ගැනීමයි. අද එහි නිවැරදි අර්ථය මට පසක් වී ඇත. සිහියෙන් යුතුව දවස ගත කිරීමේදී ඔබ කරන කියන සියලු දේ තුල ඔබ භාවනා යෝගීව ජීවත් වී ඇත. එක් ස්ථානයක වාඩි වී භාවනායෝගීව වැඩ සිටීමේ පලමු පියවර මෙය විය හැක.ආධ්‍යාත්මික මාර්ගයක ගමන් කිරීම තෝරා ගන්නේ ඉතා සුලු පිරිසකි. කවර කලෙක වුවත් මෙය මේ ආකාරමය. තරුණ කාලයේදී මේ මග තොරා ගන්නන් බොහෝ අල්ප වුවත් වසස ගත වන විට මේ ලොව අත්හැර  යන කාලය ලං වීමේදී අනිවාර්යයෙන් මේ ගැන සිතන්නන් එමටය. ප්‍රමාද නොවී සිහිය පිහිටුවා ගතහොත් ඔබේ ගමන සාර්ථක වනු නොඅනුමානය.





By: වින්ධ්‍යා හේවාවිතාරණ






No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.