Sunday, July 26, 2015

උපත

මම දකින ආකාරයට මා උපත ලබා ඇත්තේ කුශල හා අකුශල යන දෙකම සම මටටමේය. මෙය ජීවිත කාලය පුරා මම අත් වින්දෙමි. නමුත් එක්තරා මොහොතකදී අකුශල කර්මයන් පල විපාක අවම ආකාරයෙන් ජීවත් වීමේ ක්‍රමයක් සොයා ගත්තෙමි.එය බොහෝ කර්ම අහෝසි කර්ම වන්නට හේතුවක් වන්නට ඇත. කෙනෙක් මට බැන්නාට මම එක් අවස්ථාවක පටන් ආපසු බැන්නේ නැත. මට අපහාස කළාට මම ප්‍රතිචාර දැක්වූයේද නැත. ප්‍රශංසා කල පමණින් අනවශ්‍ය ලෙස උද්දාමයටද පත් උනේ නැත. යමක් ප්‍රගුණ කළෙමි. යම් කෙනෙක් මට බනීද අපහාස කරයිද ගුණ වර්ණනා කරයිද එය ඔවුන්ගේ ගැටලුවක් මිසක් මට අදාල ගැටලුවක්ද නොවේ. ඒ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් පමනකි. මේ අයුරින් මට ඕනෑම අයෙක් දෙස එකම ආකාරයෙන් බලා සිනා සීමට හැකියාව ලැබුණි. මේ ක්‍රමය සොයා ගැනීමට පෙර මා එබඳු අවස්තා වෙනුවෙන් අනවශ්‍ය කාලයක් මිඩංගු කර ඇත. නමුත් සියල්ලෝම තුල ඇත්තේ එකම දෙයක් යන්න මට තේරුණ දා පටන් මම කවදාවත් කිසි කෙනෙකුට නොබැන්නෙමි. ඒ නිසා ලෝකය කෙබදු වුවත් තමන්ගේ ගමනට එය බධාවක් කර නොගන්න. 

කුමන ආකාරයකට උපත් ලැබුවද ඔබේ මේ මනුසත් ආත්මය තුල ප්‍රමාද නොවන්න. අප තව තවත් ඉපදුණත් මේ කරන කියන දේ වලට අමතර යමක් නොකරනු ඇත. මතක ඇති කාලයක පටන් නෙළුම් මලක් සේ ජීවත් වීමට මට අවශ්‍ය විය. අපි හැමෝටම නොයෙකුත් ආකාරයේ බැඳීම් ඇත. නමුත් මේ කිසිදු බැඳීමක් තමන්ගේ කර මතට නොගන්න. අප ජීවත් වන්නේ අවශ්‍ය අවස්තාවන්හි එකිනෙකාට උපකාර කිරීමට මිසක් ඉන් එහාට මෙහි දෙයක් නැත. ආදරය කරන්න. උදව් කරන්න. කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන්න. 

උපතේ සිට තමන් යන නිශ්චිත ගමන මරණය දක්වාය. මම හිඟන්නෙක් වුවත්, පාලකයෙක්, පූජකයෙක්, කවුරු උනත් මට උරුම නිශ්චිත ගමන මෙයයි. ඒ නිසා මම උපතේ සිට මරණය දක්වා මේ යන ගමන යා යුත්තේ කෙසේද , තව තවත් සංසාරයේ උපත ලබනවාද යන්න ඔබට අයත් තෝරා ගැනීමකි. මම තෝරා ගන්නේ කුමක්ද යන්න තව කෙනෙක්ට තෝරා දිය නොහැක. සියල්ල ඇත්තේ තමන් අතේය.




By: වින්ධ්‍යා හේවාවිතාරණ



No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.