Monday, July 27, 2015

සැප දුක නිති පෙරලේ



කොයි විදියේ සැපතක්, සුවයක් වුවත් එය වහාම දුකට, කණගාටුවට , පසුතැවිල්ලට පත් විය හැක. ධර්මය මෙය වුවත් ඔබේත් මගේත් සිත මෙය පිලිගැනීමට අකැමතිය.මෙතන වැරදුනාම තව තැනක් එතන වැරදුනාම ඊලඟ තැන හොඳයි කියා මෙතනින් අතන්ට අතනින් මෙතන්ට හිත දුවයි පනියි. මේක තමයි සාමාන්‍ය මනුස්ස අපේ ස්වභාවය. මේක තමයි ජීවිතය. මිනිස් ජීවිතය සැප දුක අශාවන් පසුතැවීම් සැකය භය ආදී වශයෙන් ගලා යයි. දැන් එබිකම් කලොත් තේරේවි අතරින් පතර කැඩිච්ච බිඳිච්ච සුඛයන් හා දුක්ඛයන් ගොඩක් නේද මේක. ඔබ ඉන්නෙ මාලිගාවක උනත් පැල්පතක උනත් මහ පාරේ උනත් ධර්මය මෙයමයි.

හැබැයි මොහොතකට මෙහි ඇති වෙනස් වන ස්වභාවය දෙස අවබෝධයෙන් බලන්න. ඔබට පෙනේවි මිනිස්සු මෙයාකාර දේවල් පස්සෙ ලුහු බඳින්නෙ ඇයි? නොදැනීම නිසයි. දන්න මනුස්සයෙක් තව තවත් ලුහුබඳින්නෙ නෑ.

මම සිතුවිලි වල පදනම ලුහු බැඳීම බව තේරුම් ගත්තොත්  එතකොට මට වෙනස් වන ස්වභාවය, එනම් ධර්මතාවය අවබෝධ වෙනවා. එතන ඉඳලා මම යන්නෙ දැනගෙනයි. එතකොට මට ලුහුබැඳීමක් අවශ්‍ය නැහැ.

මම සැපෙහි දැඩිව ඇලෙන්නේ නැතිනම් දුකේ ගැටෙන්නේ නැත්නම්. මම ඉන්නෙ මධ්‍යයේ නම් මට තියෙන්නෙ ගලා යාමක්. ඇත්තටම ගලා යන ගංගාවක් ගැන හිතුවම මට ජීවිතේ සැප දුක ඒ වගේ කියල හිතෙනව.













By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.