Friday, July 31, 2015

හෘද සාක්ෂිය


අපි හැමෝටම හෘද සාක්ශියක් ඇත. මේ ලොවට සමාජයට කෙසේ සැඟවූවත්  ඔබට, මට අපි හැමෝටම මේ හෘද සාක්ෂියෙන් පැන යාමට නොහැක. මොකද එය හදවතට කෙලින්ම සම්බන්ධ ය. අපි කරන කියන දේවල් , ලෝකයට පෙන්නන දේ මේ හැමදේම අන්තිමට තමා තුලින් විනිශ්චයකට ලක්වේ. ඒ නිසා තමයි මිනිස්සු කියන්නෙ මගේ හෘද සාක්ෂියට එකඟව කියලා.

ඉතින් මම ත් ඔබ ත් අපි හැමෝමත් කරන කියන දේවල් හෘද සාක්ෂියට එකඟව කරන්නේ නම් කිසි දා හදවතට වරදකාරී හැඟීමක් දැනෙන්නේ නැත. කොතනක වුවත් බියක් නැතිව සෘජුව සිටීමට හැකියාව ලැබේ. බොහෝ  මිනිස්සු අවංක නැත. එපමණක්ද නොව හෘද සාක්ෂියට එකඟව ජීවත් වන්නේද නැත. මේ හේතුව නිසා ඔවුන් බියෙන් ජීවත් වේ. හැම වෙලේම වරද පිටස්තරව දකී. හැම වෙලේම අවුල දකින්නේ තමන්ගෙන් පිටයි. බාහිරවයි. නමුත් සත්‍ය වශයෙන් ගැටළුව පවතින්නේ තමා තුලයි.

ජීවිත ගමනේ විවිධ කාල වකවානු වලදී අපට විවිධ මිනිසුන් හමු වේ. ඔවුන් කෙරෙහි අපේ ප්‍රතිචාරයන් ඒ කාල වකවානුවේ අපේ සිතුවිලි රටාවට අනුකූලව සිදුවේ. බුද්ධ කාලයේ හිටපු අහිංසක නම් ළමයා අංගුලිමාල බට පත් වී ඉන් පසු රහතන් වහන්සේ කෙනෙක් වූ හැටි මතක් කරන්න. ඒ නිසා එකේක කාල වල අපි හිතන පතන හැටි එකිනෙකට වෙනස්ය.  ඒ කෙසේ වුවත් කිසිදු මිනිසෙකුගේ චිත්ත අභ්‍යන්තරයේ කිසි දුකක් ඉතිරි නොකර යන්න හිතට ගන්න. 





By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.