Sunday, July 26, 2015

ආධ්‍යාත්මික මාර්ගය

ආධ්‍යාත්මික මාර්ගය

මේ සංසාරය මට පෙනෙන අයුරින් අනන්ත දුර ගමනකි.මෙහි නැවත ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කරන වාර අනන්තයක් විය හැක. ඉතින් මෙහි ඕනෑ තරම් කාලයද ඇත. ආධ්‍යාත්මික ගමන් මාර්ගයක යන්න ඔබ තීරනයක් ගන්නේ නම් එය ඔබේ තීරණය හදවතට එකඟව ගත යුතුය. 

තව කෙනෙක් මේ ගමන යන නිසාවත් අරය මෙයා කියූ පලියට මේ ගමන තෝරා ගන්න එපා. මට අවශ්‍ය මොකක්ද කියන දේ මම තරම් දන්න තව කවුරුවත් නෑ. ඉතින් ඔබට අවශ්‍ය කුමක්ද කියා නිශ්චය කරගෙන ඒ ගමන යන්න. එය වරදක් නොවේ මම දකින හැටියට. හැමෝම නිවන් දකින්නෙ නෑ මේ ආත්ම භාවයේදී. ඒ වගේම හැමෝටම තම තමන් සතුටු වෙන එක එක ගමන් මාර්ග තියනවා.

 ඉතින් මේ ලෝකෝත්තර ජීවිතය හා ලෞකික ජීවිතය අතර දෝලනය නොවී ජීවත් වන්න. නැත්නම් එය සන්කීර්ණ ගැටලුවක්. ඒ කොහොම උනත් සතුටෙන් ජීවත් වෙන්න. තව කෙනෙක්ට කරදරයක් නොවී ඉන්න හැඩ ගැසෙන්න. නිවන් දකින්න අපි ගිහි ජීවිතය හැර යන්න ඕනෙමයි කියල මම අද විශ්වාස කරන්නේ නැහැ. මේ ලෞකික ජීවිතය තුල ම නිවන් ගිය ජීවිතයක් ගත කරන්න පුලුවන්. තමන් නිරපේක්ශ ජීවියෙක් බව තේරුම් ගන්න. මම කියා තවක් අයෙක් නැත. එතකොට මම සාපේක්ශව හිතලා සංසංදනය කරනව නම් .එතනදි මම මාව සම්පූර්ණයෙන් පිලි අරගෙන(accept your self totally) නෑ.ඒක තමයි ප්‍රධාන ගැටලුව. තමන්ව සම්පුර්ණයෙන් පිලි අරගෙන(accept your self totally) එන දේකට මුහුණ දෙන්න.  මේ හැමදේකටම උත්තරේ මද්‍යස්තයේ ජීවත් වීමයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව. විශාඛා සිටු දුව සෝවාන් වෙලා පරිපූර්න පවුල් ජීවිතයක් ගත කලා නම් අපිට සෝවාන් වෙන්න මේක අතහරින්න ඕනෙ නෑ. මිනිස්සු දකින්නෙ ගොඩක් වෙලාවට හරි දේට වඩා වෙනස් දෙයක්. 

මම ලෞකික ජීවිතේට ආස කර කර ඒකෙ සිහින පොදි බැඳගෙන අනික් අය යන නිසා ආධ්‍යාත්මික මාර්ගයේ යනවනම් මම මාවම රවට්ටා ගන්නවා. ඒ විතරක් නෙවේ මම මේ ලෝක දෙක තුල අතරමැදියෙක් වෙනව. අන්න එහෙම උනාම මාව මට කරදරයක් ඒ වගේම අනික් අයට කරදරයක්.

මේක හරියට අවබෝධයෙන් යන්න ඕනෙ ගමනක්. ඇත්තටම මට මේක පේන්නෙ තියුනු මුවහත් තලයක් උඩින් අඩිය තිය තියා මහ ගැඹුරු ගංගාවක් මැදින් යන ගමනක් වගේ. අවබෝධයෙන් නොගියොත් ඇති වෙන තත්වය දැන් හිතා ගන්න පුලුවන්. ඒ නිසා මේ ගමන තෝර ගන්නවා නම් හරි ආකාරව යා යුතුයි. ඉස්සෙල්ලම මම මගෙන් අහන්න ඔනේ ප්‍රශ්නය මට යන්න ඕනෙ කොහාටද කියන එක....  හැබැයි මේ භෞතික ලෝකෙ අරමුණු කොච්චර ජය ගත්තත් ඒකෙ කෙළවරක් නම් නෑ. එකක් ජය අරන් අනික් එකට ඔහොම ඔහොම කෙලවරක් නැතුව ගමනක් තියෙන්නෙ. ඒත් ඒකෙ වරදක් නෑ. ඒක හරි හැටි අවබෝධ කරගෙන ආධ්‍යාත්මික පැත්තට ආවොත් ඔබ දැන ගෙන යන ගමනක් වෙනවා ඒක. 

සවන්දෙන්න හදවතට .... නමුත් හරි ආධ්‍යාත්මික ගමනක් යන මනුස්සයෙක්ට මේ භෞතික ලෝකෙ දේවල් එච්චර ගැටලුවක් නෑ. සමහර විට සෝවාන් සකෘදාගාමී අය මේ අපි අතර  රැකියාවක් කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන පවුලක් , ළමයින් එක්ක ජීවත් වෙන්න පුලුවන්. ඉතින් මට ගමක් යන්න ඕනෙ නම් මේ කිසි දෙයක් ගැටළු නෙවෙයි.

ඔබට යන්න මාර්ගයක් තියනවා. අප්‍රමාදීව තෝරාගෙන ගමන් කරන්න...




By: වින්ධ්‍යා හේවාවිතාරණ

1 comment:


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.