ඉවසීම හා විඳ දරා ගැනීම
මේ මහ පොළව මත උපන් අපට ඉවසීම ගැන මේ මහ පොළව තරම් කියා දෙන තව කිසිවෙකුත් නැත. මේ මහ පොළව සියල්ල දරා සිටී. මිනිසුන්, සතුන්, කඳු වැටි වගේම ගංගා, මුහුදු හැම දේම.
මෙයින් මොහොතකට කල්පනා කරල බැලුවොත් මේ පොළව මත ජීවත් වන මිනිස්සු ගැන. හිතල බලන්න එකිනෙකට වෙනස් ජීවිත කොයිතරම් මහ පොළව මත ජීවත් වනවාද කියා. හොරකම් කරන , සත්තු මරන, හානිකර වූ බොරු කියන මේ හැමකෙනෙක්ම දරාගෙන මේ පොළව පවතිනවා.
අපි කීප දෙනෙක් විතරයි ලෝභ , ද්වේශ, මෝහ දිය කර හරින්නට වෙර දරන්නේ. අනික් අය ඒ කියන්නෙ සමාජය එහෙම නැහැ.කෙලෙස් වලින් පිරිලා.
මේ පාරෙ යනකොට මහා ප්‍රපාත හමු වෙනවා. නොවැටී ගමන් කරන්න මහ පුදුම ඉවසීමක් හා ආත්ම ශක්තියක් අවශ්‍යයි. මොකද ගොඩක් අය එකම පැත්තකට යනවා. මෙලෝ සිහියක් නැතුව දුවනවා. අනික් පැත්තට යන කෙනා ට මාර්ගය ලේසි නෑ.
ඉවසීම හා විඳ දරා ගැනීම අත්‍යාවශ්‍යයි.
By: වින්ධ්‍යා හේවාවිතාරණ
No comments:
Post a Comment
What do you think?
It’s your turn.
Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.