Thursday, August 20, 2015

මිනිසුන් ධර්ම මාර්ගය තෝරා ගැනීම


ලෝකයේ නැත්නම් සමාජයේ වර්තමානයේ එසේත් නැත්නම් සදාකල් පවතින අර්බුද වලට බාහිර බලපෑම් හෝ පිලියම් වලින් ස්ථිර විසඳුමක් තිබේද යන්න කල්පනා කර බලන්න.

මට තේරෙන ආකාරයට ඇත්තටම බාහිර විසඳුම් ස්ථිර නැත. මෙය අභ්‍යන්තරයෙන්ම සිදු විය යුත්තකි.

මේ ලෝකෙ පවතින සෑම ජීවිතයකින්ම බලාපොරොත්තු වන අපේක්ෂා දෙකකි. 
1. ජීවත් වීම 2. සැප විඳීම

ඔබත් මමත් සැප විඳීම වෙනුවෙන් ,ඒ බලාපොරොත්තුවෙන් දරන වෙහෙස හා සිතේ පීඩනය ගණනය කල හැකිද?නොහැක. නුවණ ඇති මිනිසා මෙය බුද්ධියෙන් දකියි. ඔහු/ඇය ධර්මය සොයන්නට පටන් ගනී. කලින් ගිය පාර නොව හරි මේ නිවැරදි මාර්ගය බව තේරුම් ගනියි.

ධර්ම මාර්ගයට පිවිසීම  මේ අයුරින් සිදු වේ. මේ මාර්ගයට පිවිසීම සිදු විය යුත්තේ අවබෝධයෙනි. නැත්තම්  ඔබ ලෞකික සැප හා ලෝකෝත්තර සැප යන දෙකම අතපසු කරගනී. 

අවබෝධය දැනුමට වඩා හාත්පසින්ම වෙනස් ය.




By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.