Tuesday, August 25, 2015

සුබවාදී වීම සහ මධ්‍යස්ථය

මේ ලෝකයේ ජීවත් වන බොහෝ මිනිසුන් සිතන්නේ දේවල් වල අසුබවාදී පැත්ත මිස, සුබවාදී පැත්ත නම් නොවේ. ඔබත් මමත් පමණකි සිදු වන සියලු දේ වල යහපත් ස්වභාවය හා සුබවාදී පැත්ත දකින්න උත්සාහ කරන්නේ.

ඉතින් ඔබ මෙය අත් හදා බලන්න. බොහෝ මිනිසුන්ට /කෙනෙක්ට අද හොඳ දවසක් යයි කී විට ඔවුන් කල්පනා කරන්නේ අයියෝ තව ටිකකින් කළුවර වැටෙනවා නේද යන්නයි. අද හොඳට ඉර පායලා කියා කීවොත් ඔවුන් කියන්නේ තව චුට්ටකින් වහින්ඩ පුළුවන් කියායි.  ලස්සන රෝස මලක් පෙන්වා බලන්න. අනේ මේකෙ නටුවේ කටු තියනවා යයි කියයි. තව කෙනෙක් ගැන එයා හොඳ මනුස්සයෙක් කියා කියන්න. පවසාවි ඔබට නැහැ මෙවන් නරක ගතිගුණ එයා තුල  තියනවා යයි කියා.

ඉතින් මෙවන් වාතාවරණයක් තුල බොහෝ මිනිසුන්ට පුළුවන්ද යථාර්තය තුල මේ මොහොතේ සිදු වන දේවල් අත් දකිමින් ජීවත් වන්නට.... එතකොට ඔබ තේරුම් ගත යුතුයි මිනිසුන්ට යමක් අවබෝධ කරවීමට හා සත්‍යය පහදා දීමට මොනතරම් අපසුයිද කියා.

මෙයයි ස්වභාවය..... මෙය ප්‍රතික්ශේප නොකර, තමන් තුලට ගෙන දුකක් නිර්මාණය කර නොගෙන, තුලනාත්මකව/සමතුලිතව සිටීමයි වැදගත් වන්නේ.

ඔබටත් මටත් කළ හැකි දේ නම් ලෝකයේ සහ මිනිසුන්ගේ ඇත්ත ස්වභාවය නුවණින් දැක මධ්‍යස්ත සිතකින් සමබරව ජීවත් වීමයි.


By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.