Tuesday, August 4, 2015

"මම" යනු


"මම" යනුවෙන් අපි අදහස් කරන කෙනා කවුරුන්දැයි මදක් සිතන්න. ඇත්තටම ඒ පුද්ගලයා කවුද? දේපොළ, මුදල්, උගත්කම, තනතුර,කුලය, ආදර, කෑදරකම,කෲරකම,බුද්ධිමත් බව, මයිත්‍රීය,පරිත්‍යාගශීලි බවද "මම"? ඉතින් කෝකද මේවයින් "මම" කියන්නේ? මේ සඳහන් කල සියලුම දේ මොහොතින් මොහොත වෙනස් වෙනවා.-නිරතුරුවම. ඒ වගේම මේ සියල්ලක්ම මතකයයි. වෙන කිසිම දෙයක් එහි ඇත්තේම නැත. එතකොට හොඳින් සිතා බලන්න මේ මතකයද "මම"? වරෙක ආදරය, ඒ එක්කම කෑදර කම සහ තරහ... එතකොට බුද්ධිමත්කම හා මෝඩ කම- නිතරම ප්‍රතිවිරුද්ධ සිතිවිලි.........ඉතින් මේවා තුල "මම" ක් ඇත්ද?

ඔබ සතු වත්කම්, තනතුරු, දේපොල, නෑදෑ හිත මිතුරන්, උගත්කම එකී මෙකී නොකී මේ සියල්ල අමතක කලොත්, අත හැරියොත් "මම" කියාගන්නේ කාටද?

බාහිර සමබන්ධකම් අත හැරියොත් "මම" යනු නිකම්ම නිකන් හිස් සංකල්පයක් බව වැටහේ.

මේ කාරණය අවබෝධ වන්නට අපිට ගොඩක් කල් ගතවේ. සරල කාරණාවක්  නොවන නිසා. නමුත් අපි මේ ගමන යද්දි මොහොතක් නැවතිලා මේ ගැන අවබෝධ කර ගත්තොත් නිවීම එතන ඇතැයි මට හැඟේ.

By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.