Wednesday, August 5, 2015

නිහතමානී වෙන්න



මට හැඟෙන ආකාරයට නිහතමානී බව ඇති පුද්ගලයාට ඕනෑම තැනක ජීවත් වීමට  හා ඕනෑම තැනකට යා හැක. එපමනක් නොව ඕනෑම ගණයක මිනිසුන් ඇසුරු කල හැක.ආධ්‍යාත්මික මාර්ගයක යන කෙනෙක් අනිවාර්යෙන් නිහතමානී විය යුතුයි.

අහංකාර වීමට තරම් අප්‍රමාණ හේතු ඇති මේ ලෝකේ නිහතමානී වීම උතුම් ගුණාංගයකි. තමන්ට ලැබෙන වස්තු, සම්පත්, තානාන්තර ආදී වශයෙන් වූ දේවල් නිසා කෙනෙක් අහංකාර වේ නම් අනික් අය තමන්ට වඩා අඩු මට්ටමක දමා සලකන්නේ නම් එය අනුවණ ක්‍රියාවකි.

දේවල් ලැබෙන්න ලැබෙන්න විය යුත්තේ නිරහංකාර වීමයි. මානයෙන් තොර වීමයි. ජීවිතයේ අපිට අහංකාර වීමට ඇති හේතුවක් මට නොපෙනේ.

රූපය  ලස්සන නිසා, හමේ පාට නිසා , එතකොට වස්තුව දේපල නිසා, තනතුරු නිසා, එතකොට තමන් සතු ඉහල සම්බන්ධකම් නිසා, තමන් අහංකාර වේ නම් යන්නෙ වැරදි පාරක බව තේරුම් ගත යුතුයි. මේ සියල්ල මොහොතින් මොහොතට වෙනස් වේ. අපි සන්තක කිසිවක් ස්ථිර නැත. එපමණක්ද නොවේ කිසිවක් අපට අවශ්‍ය ආකාරයට පවතින්නේද නැත.

කාලයකට ඉහත අහංකාර කම පසු කරගෙන ආ නිසා අද දින නිහතමානී බව සතු තෘප්තිය ගැන මට  මනාව අවබෝධ වී ඇත. ඔබත් අත්හදා බලන්න. නිවීමේ මාර්ගයේ එක සන්දිස්ථානයක් ලෙස හැඟේ.

ගේ ඉස්සරහ පොකුණේ හැදුනු නෙළුම් මලක් ගැන සිතන්න. එහි අහිංසකත්වය අවබෝධ කර ගන්න. කවදාවත් ඒ නෙළුම් මල එන්න මම ලස්සනයි, සිප බලන්න, සුවද විඳින්න යයි කියයිද?නැත.  කිසිම ආඩම්බර කමක් නැත. කිසිවක් ගැන විනිශ්චයක්ද නැත.



By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.