Wednesday, August 5, 2015

සිල්වත් වීම අපහසු නැත

සිල්වත් වීම අපහසු නැත

සිල්වතෙක් වීමට මානසිකව පීඩාවක් හා වෙහෙසක් දරමින් උත්සාහයක් දැරී අර්ථ විරහිතය. ප්‍රථිපල රහිතය.

මොහොතින් මොහොතට අවදියෙන් සිහියෙන් සිටින විට සීලය නිරායාසයෙන් පිහිටයි. එය ස්ථිරය. මේ වෙනුවෙන් වෙනමම උත්සාහයක් දැරීම අවශ්‍ය නොවේ. 

අවදි බවෙන් හා සිහි බුද්ධියෙන් ඉන්න විට ඊට කළින් අමුතුවෙන් සීලයක් සමාදන් වීම අවශ්‍ය නොමැත. හරියාකාරව එය සිදු වෙයි නම් සිත කය වචනය ඉබේම පිරිසිදු තත්වයට පත්වේ. මෙය අත්හදා බලන්න. ඔබේ අත්දැකීම පිරිසිදු උසස්ම සීලයක්ය. අමතරව මනස තෙරපීමක්, වද දීමක් , බල කිරීමක් කරනකොට එතන ඇති වෙන්නෙ ගැටීමක්. ගැටුමක් ඇතිවන තැනක කොයින්ද සැනසීමක්?

කිසිම බල කිරීමක් , තෙරපීමක් , පීඩනයක් නොවන විටකදී මනස නිදහස් වී එහි සැබෑ තත්වය එලි වේ. නියම ශීලය පිහිටයි. නිවීම හා සැනසීම ඇතිවේ.




By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.