Wednesday, September 2, 2015

කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක් අපට අවශ්‍ය ආකාරයෙන් නොපවතී


ජීවත් වන කාලය තුල අපට හමු වන කිසිවෙක් හෝ කිසිම දෙයක් අපි බලාපොරොත්තු වන ආකාරයට පවතින්නේ නැත. මෙයයි ලෝක සත්‍යය.

අප විසින් එවන් දෙයක් බලාපොරොත්තු වුවහොත් ඒ නිර්මාණය කර ගන්නේ දුක් පැළයකි. දුක් පැළයක් රෝපණය කලොත් ඔබට ලැබෙන්නේද දුකම පමණයි.

ඇත්තටම මෙතන තියෙන්නෙ මේ දේවල් දිහා උපේක්ෂාවෙන් හා මැදහත් සිතකින් බලමින් ජීවත් වීමක් පමණමයි.

ඔබට /මට තේරුම් ගැනීමට ඇත්තේ අපේ ශරීරය වත් අපට අවශ්‍ය ආකාරයට නොපවතිද්දී, අපේ සිතුවිලි පවා නිරතුරුවම වෙනස් වන ස්වභාවයක පවතිද්දී මේ ලෝකෙ අනික් මිනිස්සු අපිට අවශ්‍ය විදියට ඉන්න ඕනෙ කියල හිතුවොත් ඒක විහිළුවක්.

දුක් පැළ නොව අප නිර්මාණය කල යුත්තේ අනික් අයට හානියක් නොවන සතුට උපදවන පැළ වේ. ලැබෙන ප්‍රතිපලද එවිට සතුටුදායක වේ.

මේ ලෝකෙ මිනිස්සු ඒ ඒ අයට ආවේණික ආකාරයට සහ උවමනා ආකාරයට ජීවත් වුනාවේ. ඔවුන්ගේ කර්ම රටාව අනුව ඔවුන්ට ලැබෙන දේවල් ලැබුණාවේ.  

අපි අනික් අයගේ  ජීවිත ගමන් අපේ අවශ්‍යතාවන් අනුව වෙනස් නොකල යුතුයි. එවිට ඔවුන්ගේ කර්ම අපේ කර්ම බවට පත්වේ. එම නිසා තමයි මේක ගොඩක් පරිස්සමින් යන්න ඕනෙ ගමනක් කියලා හැම වෙලේම අවබෝධ වන්නේ.

උතුරා යන සැබෑ , ආදරය , කරුණාව, මයිත්‍රීය, දැනුම ආදී වශයෙන් වූ සියලු යහපත් දේ අපි එකිනෙකා හා බෙදාගෙන මනුශ්‍යයින් වශයෙන් සහජීවනයෙන් ජීවත් විය යුතුයි. නමුත් කිසිම විටක අනෙකා හෝ අනෙක් දේවල් මට /ඔබට අවශ්‍ය ආකාරයට පැවතිය යුතුයි කියා කිසිවිටක නොසිතන්න/බලාපොරොත්තු නොවන්න.

සතුටින් ජීවත් වීමේ මාර්ගයේදී අවබෝධ වූ තවත් එක් සත්‍යයකි මෙය.
නෙළුම් මලක් සේ ජීවත් වීම.



By: වින්ධ්‍යා හේවාවිතාරණ

1 comment:


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.