Saturday, September 12, 2015

ප්‍රඥාව - නියම මිනිසත් කම


නියම මිනිසත් කම පැන නගින්නේ ප්‍රඥාව  තුළින්ය. මට හැඟෙන ආකාරයට සිලවත් වීම , හැදියාව හා මිනිසත් කම ක්‍රමයෙන් දියුණු කරන තත්වයන් නොවේ. සිලවත් වීම , හැදියාව හා මිනිසත් කම දියුණු කරනවා යනු බොලඳ කතාවකි. මොකද එසේ කරන විට ගැටීමක් හට ගන්නා නිසාය. නියම මිනිසත් කම  ප්‍රඥාව තුලින් පැන නැගුණු විට ගැටුමක් ඇති නොවෙයි. ඒ ස්වභාවික අවිහිංසාවයි.

ගැටයක් ගෙඩියක් වී , එය පැසී ඉදී ක්ෂණිකව පොළව මතට පතිත වේ. ප්‍රඥාව පැන නැගුනු විට එය නැවත අප හැර නොයයි.

මේ ලෝකය තුල හැම කාලයකම වරින් වර උගතුන් හා දාර්ශනිකයන් බිහිවෙති. ඒ බොහෝ දෙනෙක් කතා කරන්නේ  හා ලියන්නේ තමන් ගැන නොව අනුන් ගැනයි. 

ඉතාම කලාතුරකින් තමයි අපිට තමන්ගේ අභ්‍යන්තරය ගැන කතා කරන ලියන අය හමු වෙන්නේ. ඒක දුලබයි. නමුත් එවන් පුද්ගලයින් හමු වීම විශාල වාසනාවක්.

මතක තබා ගන්න. මේ සමාජයට අපි වැදගත් වන්නේ උගත්කමත් ආධ්‍යාත්මික කොටසට අයත් හදවත එක ලෙස දියුණු නම් විතරයි. රුව මෙන්ම සුවඳ ඇති මල් වලට අපි ප්‍රිය කරමු. අගය කරමු. 

උගතුන්, ධනවතුන්,කුලවතුන් හා තනතුරු ඇත්තන් කරන කෲර කම් හා දූෂණ අපි දකිමු. ඒ ඔවුන්ගේ හදවතේ පැත්තක් නැති නිසාය.

ප්‍රඥාව ඇති නියම මිනිසත් කම ඇති වූ මිනිසුන් කිසිදා එවැනි දේ නොකරති.




By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.