Saturday, September 26, 2015

භාවනාව අත්දැක්කෙමි


මමත් ඔබත් , අපි අතරින් බොහෝ දෙනෙක් භාවනා කරන්නේ බලාපොරොත්තු සුන් වූ විටයි. එහෙම නැත්නම් යම් ආකාරයක  සුරක්ෂිත තාවයක් හෝ ස්ථිරත්වයක් ලැබීමේ අරමුණෙනි.

එනමුත් මට සිතෙන්නේ අපේ මේ භෞතික ශරීරය අපිරිසුදු වූ විට අප එය සෝදා පිරිසිදු කරන්නාක් මෙන් සිත පවිත්‍ර කිරීමේ ක්‍රමයකි භාවනාව.

භාවනා ක්‍රම නම් සිය ගනනක් අප අතර පවතී. 


මට හැඟෙන්නේ උවමනා විට සිත ක්‍රියා කිරීමත් අවශ්‍ය නොවන විට සිත නිශ්චලව තැබීමයි භාවනාවක් කිරීමේ සැබෑ අරමුණ.

අවසන් වූ අතීතයත් තවම නොපැමිණි අනාගතයත් යන දෙකම අත් හැර මේ මොහොතේ මෙතන සිටීම නියම භාවනාවකි.

වේදනාව, භය, දුක, සැකය, පීඩනය යන දේවලින් පැන යාමක් නෙවෙයි ඇත්තටම භාවනාවකින් වෙන්නේ. මේ ආකාර සිතිවිලි හඳුනා ගැනීමත් සිතුවිලි ඇතිවීම හා නැතිවීම පිලිබඳ අවබෝධයක් ඇති වීමයි.

සිතත් කයත් යන දෙකම අපට පාලනය කල නොහැකි බව ඔබත් මමත් තේරුම් ගත යුතුයි. පාලනය කරන්න උත්සාහ කරන හැම මොහොතකම ඇතිවන්නේ පීඩනයක්. භාවනාමය අත්දැකීම හරියාකාරව වචනයට පරිවර්තනය කිරීමට නොහැකි දෙයකි. නමුත් එය පුදුමාකාර සුවයකි.

සරලව අත්විඳිය හැකි භාවනාව අපි බොහෝ දෙනෙක් සන්කීර්ණ ආකාරයෙන් දැකීමයි ගැටලුව. ඒ අත්දැකීම ගිලිහී යන්නේත් ඒ හේතුව නිසා විය යුතුයි.

දේවල් වල ඇත්තම ස්වභාවය දැකීම වචන වලට  විස්තර කරන්න බැහැ. මොකද එය අවබෝධ වෙන දෙයක් නිසා.

මේ පවතින දේවල් වලට විරුද්ධ නොවී, පක්ෂපාතීද නොවී උපේක්ෂාවෙන් මේ හැමදේම දිහා ත්/ඔබටත් බලන්න පුලුවන් නම් මගේත්/ඔබගේත් භාවනාව සාර්ථකයි. එතන නියම සමතුලිතතාවය හෙවත් නිවීම ඇත.




By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.