Saturday, September 5, 2015

නොසැලී ජීවත් වීම


මොනතරම් අවබෝධයෙන් ජීවත් වුවත්, ආදරයෙන්  හා සතුටින් ජීවිත ගමන ඉදිරියට ගෙන ගියත් කිසි විටක තක්සේරුවකට පැමිණීමට අපිට හැකියාවක් නැත. යම් ගැටලුවක් තමන් ඉදිරියට ආ විට තමයි තේරෙන්නෙ අපි ඉන්නේ කොතනද කියන එක. ඒ සඳහා අපි දක්වන ප්‍රතිචාරය නොවෙයි වැදගත් වන්නේ ඔබේත්/මගේත් අභ්‍යන්තරයට එයින් යම් කිසි බලපෑමක් සිදු වේද යන්නයි.

ඔබට සහ මට සැලෙන්නට , දුක් වන්නට , තැවෙන්නට නොයෙකුත් කාරණා ඉදිරියට පැමිනෙන්නට පුලුවන්. එයින් ප්‍රධානම දේ තමයි බය. මේ බය ඇති වෙන්නෙ තමන්ට ලැබිලා තියන  දේවල් නැති වෙන්න පුලුවන් කියලා හිතෙන නිසායි. උදාහරණ කීපයක් කීවොත් තමන් සතු ධනය, දේපල, රැකියාව, හිත මිතුරන්, සමාජ තත්වය ආදී වශයෙන් වූ දේවල් නැති වේය කියා තමයි අපි ගොඩක්ම බය වෙන්නෙ.

හැබැයි තමන්ට තමන් ගැන තියන දැඩි විශ්වාසය ට පුලුවන් මේ බය නැති කරන්න. මුදල් නැති වුනොත් ඒවා හොයා ගන්න මාර්ග තියනවා. රැකියාව නැති වුනොත් ඔබේ හැකියාවන්ට අනුව තවත් රැකියාවක් සොයා ගත හැකියි. මෙතන තියන්නෙ ඔබත් මමත් මානසිකව ඇති කරගත් රාමුවක් නිර්මාණය කල බය යි. තමන්ට ගැලපෙන පෙම්වතා /පෙමවතිය තෝරා ගන්න නිදහස හා අවස්ථාවන් එමට තියනවා. 

කිසි දේකින් නොසැලී ඉදිරියට යන්න. ශක්තිමත් වන්න. තමන් ගැන විශ්වාස කරන්න. මේ ලෝකෙ සතුටෙන් ජීවත් වෙන්න දැඩි ආත්ම විශ්වාසයක් හා ආත්ම ශක්තියක් උවමනායි. කිසිම හේතුවක් නිසාවත් බාහිර කිසිම දෙයක් නිසා ඔබේ අභ්‍යන්තරයට හානියක් නොවෙන අයුරින් සමතුලිතව ජීවත් වීමට අවශ්‍යයි.






By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.