Tuesday, October 6, 2015

සැබෑව හා මුලාව

අපි හැමෝටම ජන්මයෙන් ලද දැනීමක් ඇත. එනම් දකින දෙය, අහන දෙය, විඳින දෙය නොව අපට දැනෙන දේ ය. බොහෝ විට දැනෙන දේ සත්‍යයයි. 

නමුත් ඔබත් මමත් බොහෝ දේවලින් මුලා වී සිටිමු. උදාහරණයක් කීවොත් ඔබට යම් පුද්ගලයෙක් මුණ ගැසුනේ යයි සිතන්න.මේ පුද්ගලයා මුණ ගැසුනු විට ඔබට දැනෙන්නේ ඔහු අනිවාර්යෙන්ම සොරෙක් විය යුතුය කියාය. නමුත් ඔහු ඉතා සුපිරි ගණයේ ඇඳුම් වලින් සැරසී සිටියි නම් අදහස මදක් වෙනස් වේ. ටයි පටියක් පැලඳ සිටී නම් මහත්මයෙක් යැයි සිතේ. තව දුරට කාර් එකකින් ඇවිත් බැස්සේ නම් තවත් අපි මුලාවට වැටේ. මුලින් දැනුන දේ සත්‍ය වුවත් මේ ස්වරූපයන්ගෙන් සිත මුළා වේ.

නමුත් මේ සියලු බාහිර ස්වරූපයන් අනුන්ගෙන් සොරකම් කළ දේවල් විය හැක. මුලින් දැනුන දේ සත්‍යයකි. යම් කාලයක් ගත වෙද්දී සත්‍යය පසක් වේ.

මිනිසුන්ගේ බාහිර ස්වරූපය අපව මුලා කරයි. 

අපි ජීවත් විය යුත්තේ අපේ පැවැත්ම මෙලොව ජීවී හෝ අජීවී කිසිම දේකට හානියක් නොවන ආකාරයටයි. අයුතු ලෙස ලබාගත් දේවල් වලින් බාහිර ස්වරූපය වෙනස් කර ගත්තත් මිනිසුන්ගේ අභ්‍යන්තරය කකියයි. ලොවට සතුටින් සිටී යයි පෙන්වුවත් සැබෑ සතුටක් ඒ තුළ නැත.

යථාර්තය දැකීමට තරම් බුද්ධියක් අප සතු නොවන තාක් මුලාව හා දුක අපව ලුහු බඳී.  සතුට හා නිවීම අවශ්‍ය නම් ඇත්ත ඇති සැටියෙන් දකින්නට නුවණ දියුණු කර ගත යුතුයි.

ජීවිතයේ යා යුතු ගමන් මාර්ගය වෙනස් වී මේ සංසාරයේ  අපව අතරමන්  කරන නොයෙකුත් නා නා ප්‍රකාර දේ අප ඉදිරියට පැමිණේ. ඒවායින් මුළාවට වැටුන හොත් ගොඩට ඒමද අසීරුය.

ඔබේ සතුට හා නිදහස නැතිවී යන කිසිවක් ඔබ නොකල යුතුයි.පසුතැවීම් ඇති නොවන්නට ජීවිතය ගත කළ යුතුයි.

මනුෂ්‍ය ජීවිතයක් ලැබීමද දුර්ලභය. ලැබුණු අවස්තාවේ ප්‍රමාද නොවී කුසල් රැස් කල යුතුයි.

මමත් ඔබත් ලද මේ ජීවිතය තුල සමතුලිතතාවය අපෙන් ගිලිහී යන අවස්තා අපමණ උදා විය හැක. නමුත් සියලු සිදුවීම් හා අවස්තාවන් තුලනය කර ගනිමින් ගලා යා යුතුයි ජීවිතය ගංගාවක් සේ.



By: වින්ධ්‍යා හේවාවිතාරණ

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.