Tuesday, January 19, 2016

ඔබට /මට නුවණැසින් දකින්නට යමක්



මට හමු වූ එක්තරා විදේශයක කාන්තාවක් මෙසේ පවසන ලදි.

"මා තරුණ වියේදීම යෝගා සහ භාවනා කෙරෙහි යොමු වීම නිසා අනෙක් අය නොවිදින තරම් පැහැදිලි සැනසීමක් මට ලැබී ඇත. මේ ලෝකයේ පවතින කිසිවක් මට අතාරින්නට උවමනාවක්ද නැත-මක් නිසාද යත්  මා විසින් කිසිම දෙයක් අල්ලාගෙන නැත. මේ මහ පොළව මත මා ඇවිදින්නේ ඉතා සැහැල්ලුවෙනි. ඔසවාගෙන යන්නට බර පොදියක් මට නැත. හදවත පුරා උතුරා යන සැබෑ ආදරයක් පමනක් ඇත. තනතුරු, මිල මුදල්, එක් රැස් කිරීමේ ආශාවක් එසේත් නැත්නම් ගේ දොර, ඉඩ කඩම් ආදී කිසිවක් ගැන තන්හාවක් හෝ ආශාවක් ඇත්තේම නැත. පැවැත්ම උදෙසා රැකියාවක් කරන අතර බැඳීම් නිසා හට ගත් ගැටුම් කිසිවක්ද නැත. අවශ්‍ය අවස්තාවන් හිදී ලැබෙන දේවල් භුක්ති වින්දත් ඒ සියල්ල ඒ මොහොතේ පමණි. ඉදිරියට ගෙන යාමක් නැත.

ජීව්ත් වීම මට ගැටලුවක් නොවේ. ඊලඟ මොහොතේ මරණය මා කරා පැමිණියද එහි කිසිම ගැටලුවක් මට නැත. අත්හැර යාමට බැරි තරමේ කිසිවක් මා එක් රැස් කරගෙන නැත. බිය වීමට කිසිවක්ද මට නැත.බය හට ගන්නේ යම් යම් දේ නැති වේ යයි හිතෙන නිසා වෙනි.. එවැනි නැති වීමට දෙයක් මට නැත. නොදන්නා දේ නොදන්නා බව කීමට තරම් ආත්ම විශ්වාසයක් මට ඇත. 

මා අත් කරගත් මේ සැනසීම අන් අයටත් විඳීමට ලැබේවා යයි මම නිරතුරු ප්‍රාර්ථනා කරමි. මා තව දුර යා යුතුව ඇත.පැමිණි ගමනේ මේ මොහොතේ දැනෙන පැහැදිලි සතුට මේ ආකාර නම් නිර්වානය කොතරම් පරම සැපතක් විය යුතුද?"

ඔබට /මට නුවණැසින් දකින්නට යමක්.....................

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.