Friday, April 1, 2016

සැබෑ ආදරය , කරුණාව, මයිත්‍රීය




මයිත්‍රීය , කරුණාව, ආදරය තමන්ගේ හදවත් තුල නොමැති සියලු මිනිසුන් ජීවත් වන්නේ අපායේය. මයිත්‍රීය නිවැරදිව දකින්නට ඔබටත් මටත් හැකියාව ලැබෙන්නේ එසේ නොවන දේ දුටු විටයි.

සැබෑ මයිත්‍රීය, ආදරය තුල ආපසු ඉල්ලීමක් හෝ බලාපොරොත්තු වීමක් ඇත්තේම නැත. මොකද මයිත්‍රීය හට ගන්නේ මයිත්‍රීයෙන්ම නිසාවෙනි.  මෙයට යටින් නූලක් නොයයි. නැවත සැළකිල්ලක් නොපතයි.

ඔබ ආදරය කරන්නේ ඔබට ආදරය ලැබෙතොත් පමණක් නම් ඔබ සැබෑ ආදරයක් අත් විඳ  හෝ ප්‍රදානය කර නැත. එය එසේ නම් එය ක්‍රියාවකට දක්වන ප්‍රතික්‍රියාවක් නැතහොත් ගනු දෙනුවකි.  මේ ලෝකය තුල බොහෝ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා මේ ආකාරයෙනුයි පවතින්නේ.

ඒත් සැබෑ ආදරය සහ මයිත්‍රීය ක්‍රියාවක් මිස ප්‍රතික්‍රියාවක් නොවේ.  මෙ ආකාරයෙන් ආදරය අත් විඳීමට කෙනෙක්ට ලැබෙන්නේ නම් සහ තමා තුලින් මෙවන් වූ ආදරයක් ප්‍රදානය කල හැකි නම් එය ඉතා දුර්ලභ ගණයේ වාසනාවකි.

නමුත් ආශාවන් හා ආකර්ෂණ ශක්තිය යන දේවල් ජීවිත තුල සැහැල්ලු බව නැති කරයි. ඔබ කෙනෙක් හෝ දෙයක් තදින් අල්ලා ගත් විට ඔබව පහළට ඇද බැඳ ගැනීමකි සිදුවන්නේ.  මහා පරිමාණ වෙහෙසක් හා බරක් නිර්මාණය වේ.

අපේ සිත්  තුල ආදරය , කරුණාව, මයිත්‍රීය වැඩි දියුණු වූ විට සිතට නිතරම දැනෙන්නේ සැහැල්ලුවකි. 

කරුණාව  සහ සැබෑ ආදරය තමන් තුල පවතින නිරහංකාර මිනිසා සැබවින්ම අහිංසකය. කොතරම් දේවල් ලැබුණත් පිම්බෙන්නේ නැත. බොරු පුහු මාන්නය නැත. නින්දා, අපහාස වලින් සැලෙන්නේද නැත.

කෑදරකම, තරහ, මාන්නය , ඊර්ෂ්යාව තමන් තුල ඇත්දැයි නිරතුරු සොයා බලන්න. ඒවායින් අත මිදෙන්න. මේවා ඔබ තුල නැත්නම් නිවන් නොදැක්කත් ජීවත් වන මේ කෙටි කාලය තුල පුදුමාකාර සැහැල්ලුවක් හා සතුටකින් ජීවත් වීමට හැක.


Avalokiteshvara Mantra

Namo Ratna Trayaya,
Namo Arya Jnana
Sagara, Vairochana,
Byuhara Jara Tathagataya,
Arahate, Samyaksam Buddhaya,
Namo Sarwa Tathagate Bhyay,
Arhata Bhyah,
Samyaksam Buddhe Bhyah,
Namo Arya Avalokite
shoraya Bodhisattvaya,
Maha Sattvaya,
Maha Karunikaya,
Tadyata, Om Dara Dara,
Diri Diri, Duru Duru
Itte We, Itte Chale Chale,
Purachale Purachale,
Kusume Kusuma Wa Re,
Ili Milli, Chiti Jvalam, Apanaye Shoha


Chanting the Mantra of Avalokiteshvara is of great benefit to the modern day seeker of Enlightenment, Salvation, and Liberation. Avalokiteshvara is the Bodhisattva of Compassion.


No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.