Wednesday, April 27, 2016

ආකර්ශණය සහ ආදරය




වර්තමානය වන විට බොහෝ දෙනෙක් ආකර්ශණය ආදරය යයි වටහාගෙන ජීවිත අවුල් කර ගෙන ඇත. ආකර්ශණය මුලින් ඇති වී එය පසුව ආදරයක් බවට පරිවර්තනය විය හැක. නමුත් කිසිදාක ලස්සන රූපයකට නැත්නම් සමාජ තත්වය හෝ ධනය, බලය, තනතුරු වෙනුවෙන් මිනිසුන් තව කෙනෙක් වෙනුවෙන් ඇති කර ගන්නා ආකර්ශණය ආදරය නම් නොවේ.

ආකර්ශණයක් ඇති වූ කෙනෙක් වෙනස් වීම දරා ගන්නේ නැත. ලස්සන රූපය කාලයත් සමග වියැකී යයි. අද මහා ධනවතුන් හෙට දුප්පතුන් විය හැක.බලය හා තනතුරු සදාකල් පවතින්නේද නැත. ආකර්ශණයක් ඇති වූ කෙනෙක් මේ සියල්ල සදාකාලික යයි සිතයි.

සැබෑ ආදරය හාත්පසින්ම වෙනස් දෙයකි. එහිදී මේ කිසිවක් දැඩිව බලපාන්නේ නැත. මොකද සැබෑ ආදරය අතිශය මානුශිකය. වෙනස් වීම් ගැටලුවක්ද නැත.

ආකර්ශණය මිනිසා තදින් දේවල් හා පුද්ගලයින් කෙරේ ඇද බැඳ තබා ගනී. අසාමාන්‍ය වෙහෙසක් ඇති කරයි.

සැබෑ ආදරය එසේ නොව ඔබව නිරතුරු සතුටින්, සැහැල්ලුවෙන් තබයි. අනෙකාගේ සතුට, නිදහස මානසික සහනය ට ඔබ ගරු කරයි නම් ඔබ තුල සැබෑම ආදරයක් පවතී.

මූලිකම දේ  තව කෙනෙක්ගෙන් දෙවල් ලබා ගන්න, තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් අනිකා පාවිච්චි කරන්න තමන්ගේ ජීවිතේට එන්න හදන කිසි කෙනෙක් ඇත්ත ආදරයක් ඇති අය නම් නෙවේ. ඒ නිසා කිසිම මොහොතක ආකර්ශණයක් හෝ අනුකම්පාවක් ආදරය විදියට පටලවා ගන්න එපා.

ගොඩක් ලස්සනට ජීවත් වෙන මිනිස්සු ආකර්ශණය හෝ අනුකම්පාව ආදරය කියලා හිතලා වැරදි තීරන අරගෙන ජීවිතේ ගොඩක් ආපස්සට යනවා. තමන්ගෙ තිබුන සතුට නැති කර ගන්නවා.  ආදරය බොහොම මානුශික මයිත්‍රී සහාගත හැඟීමක්.  වර්තමානයේ ජීවිත් වෙන මිනිස්සු දිහා සැලකිල්ලෙන් බැලුවොත් තේරෙනවා මේ අය මිනිස්සුන්ව පාවිච්චි කරන අජීවී භාණ්ඩ වලට ආදරය කරන කොටසක් බව. නමුත් ඇත්තටම වෙන්න ඕනෙ මේකෙ අනික් පැත්ත නේද?

ජීවිතේ සැබෑම ආදරයක් අත් විඳින්න කොයි තරම් පින් කරන්න ඕනෙද. විශේෂයෙන්ම අපි මේ ඉපදිලා තියන කාලය තුල එහෙම දෙයක් අත් විඳින එක දුර්ලභ ගණයේ වාසනාවක්.ආදරය සහ මයිත්‍රීය යනු ලඟා විය යුතු ඉලක්කයක් නොවේ. යා යුතු මාර්ගයම ආදරය සහ මයිත්‍රීයයි.

There is no path to love. But Love is the path.

1 comment:


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.