Saturday, April 30, 2016

බුදුන් දැකීම



බුදු රජාණන් වහන්සේ යනු නිවන නැතහොත් ප්‍රබුද්ධ බව, අප හදවත් තුලම , අපේ ලඟම ඇති බව නැවත නැවතත් දේශනා කළ අති ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. උන් වහන්සේ ගේ පරම ප්‍රාර්ථනය වන්නට ඇත්තේ ඒ දේශනා කළ මාර්ගය ඔස්සේ ගමන් කොට මේ ජීවිතය තුලම බොහෝ පිරිසක් සත්‍යාවබෝධය ලබත්වා යන්න විය යුතුය. 

එසේ නැතුව කිසිම අවබෝධයක් නැතුව පිරිත් සහ ගාථාවන් කට පාඩම් කරන , එහෙමත් නැත්නම් අවබෝධයකින් තොරව මහා විශාල පිලිම හදන , කිසිම තේරුමක් නොදැන කට පාඩමින් උන් වහන්සේගේ ගුණ වර්ණනා කරන නිකම්මු පිරිසක් බෝ කිරීමට නොව උන් වහන්සේ මේ නිර්මල ධර්මය දේශනා කළේ. උන් වහන්සේ මහා කරුණාවෙන් අපට මාර්ගය පෙන්වා දුන්නේ අප්‍රමාදීව මේ භවය තුලම නිවන් සාක්ශාත් කර ගැනීමටයි.

බුද්ධ ස්වභාවය සියලුම දේ තුල පවතී. ඒ සත්‍යය ඒ ප්‍රබුද්ධත්වය සෑම මිනිසෙක් තුලම පවතී. නමුත් එය කිසිසේත් වචනයෙන් විස්තර කිරීමට නම් නොහැකි තත්වයකි. බුද්ධ යනු පරම නිර්මල සත්යයයි.

ධර්මය යනු ස්වභාව ධර්මයයි. නුවණැසින් බැලූ විට මෙය දකින්නට පුලුවන.  ස්වභාව ධර්මය තුල සියලු දේ පවතින ස්වභාවය නියමාකරයෙන් දැකීම ධර්මය දැකීමයි.

බුදුන් වහන්සේ දේශනා කලේ "ධර්මය දැකීම යනු බුදුන් දැකීම   හා සමානයි" යනුවෙනි. කිසිවක් වර්ග නොකොට , බෙදා වෙන් නොකර සමස්තයක් විදියට සියලු දේ දැකීම නිවැරදි දැකීමයි.

තමන් දෙස බලා සිටින විට, තමා කවරෙක්දැයි ගවේශණය කරන්නට පටන් ගත් විට සියලු අනිකුත් බාහිර ප්‍රශ්න අවසන් වේ. එය තමා ක්‍රමය විය යුත්තේ.

මේ ලෝකය තුලම මේ පවතින තත්වය තුලම , මේ කිසිවක් අනුමත කිරීමකින්ද තොරව, ප්‍රතික්ශේප කරන්නේත් නැතුව මද්‍යස්ථයේ අපට ඉන්නට පුලුවන් නම් එතන සැනසීම ඇත.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.