Friday, July 29, 2016

සම්මා දිට්ඨිය - නිවැරදි දැක්ම




බුදු රජාණන්  වහන්සේ එක්තරා අවස්ථාවක දාරුචීරිය ට මෙසේ වදාළහ.

දැක්කොත් දැක්කා පමණයි -ඇසුනොත් ඇසුණා පමණයි

ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ හා සුවඳ, දිවට දැනෙන රස , ගතට දැනෙන ස්පර්ෂය යන මේ සියල්ලම ඉහත ආකාරයි කියලා ඔබත් මමත් අවබෝධ කරගත යුතුයි.

එතකොට ඉතුරු වන්නේ මනස පමණයි. මනසටත් හිතෙනවා පමණයි.

නිවැරදි දැක්ම හෙවත් සම්මා දිට්ඨිය නම් මෙයයි. හරියාකාර සිහි බුද්ධිය.

අපි මේ පණිවිඩය හරියට දැකලා , අපි අහලා තියන සියලු සංකල්ප පැත්තකට දාලා අවංකවම මේ උපදෙස් මානසික වීර්යයෙන් ලබා ගත්තොත් අපිට  නිසැකවම අවබෝධය නිසැකවම ලැබෙනවා.

හැබැයි මේ නිවැරදි දැක්ම ඇති කරගන්න අපි අපේ මතක පොදිය හා මුලු අතීතයෙන්ම සමු ගෙන වර්තමාන මේ මොහොතේ ජීවත් විය යුතුයි. මෙය කිරීමට අප්‍රමාණ මානසික වීර්යයක් අවශ්‍යයි. මේ සඳහා භාවනාව අපිට උදව් කරනවා.

බොහෝ අයට පව් පින්, පන්සල, ආගම , ධර්මය, බණ අහන්න මතක් වෙන්නෙ වයසට ගියාම. එහෙම නැත්තම් ලෙඩක් දුකක් හැදිලා එකතැන් උනාම. ගොඩක් වයස් ගත වෙච්ච අය ඉන්නෙම පන්සලේ. එයාලට ඉපදි ඉපදි කෙලවරක් නැතුව ගමන් කරන මේ සංසාර ගමන පේන්න ගන්නෙ එතකොට.නමුත් එතකොට එයාලා හුඟක් ප්‍රමාදයි. හැබැයි තරුණ වයසෙ කෙනෙක් නිවැරදි ධර්මාවබෝධය ලැබුවොත් ඒක මැරෙන මොහොත දක්වාම උපකාර වෙනවා.

නිවැරදිව ධර්මය අවබෝධ කරගත්තු කිසි කෙනෙක් කල කිරිල නෑ. ඒගොල්ලො බොහොම ලස්සනට,සතුටින්, සාර්ථකව ජීවත් වෙන සෞම්‍ය ,අනික අයට උපකාර කරන කාරුණික හදවත් ඇති අය.

ධර්මයේ හැසිරෙන සියලු මිනිසුන් ඒ ධර්මය විසින්ම ආරක්ෂා කරනවා.

නිවැරදිව දෙවල් දකින්න, ධර්මය අවබෝධ කරගන්න හැමවිටම අප්‍රමාදී වෙන්න. උතුම්ම දානය නිවැරදි ධර්ම දානයයි.



No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.