Sunday, August 21, 2016

නූතන මිනිසා සහ මනස




මිනිසාට මනසක් දී ඇත්තේ තමන්ට අවශ්‍ය කටයුතු කරගැනීමටයි. 

අපිට ජීවත් වීමේදී මනස  අවශ්‍ය වන්නේ ජීවත් වීමට අවශ්‍ය රැකියාවක් කිරීමට, තව එදිනෙදා අවශ්‍යතාවයන් වන ආහාර සකස් කර ගැනීම, ගමන් බිමන් යාම, යම් නිර්මාණයක් කිරීම වැනි වූ විවිධකාර ක්‍රියා ඉෂ්ට කර ගැනීමට යි.

අපිට මනසක් ඇත්තේ අපේ අවශ්‍යතාවයක් ඉටුකර ගැනිමට මිස, මනසට අවශ්‍ය ආකාරයට මනස කියන කියන දේ අප විසින් කිරීමට නම් නොවේ.

එය හරියටම මෙන්න මේ කතාව වගේ. අපි දැකල තියනවා වඳුරන් නටවා එය නරඹන අයව සතුටු කර මුදල් උපයාගෙන ජීවත් වෙන මිනිස්සු. මේ මිනිස්සුන්ගෙ  රක්ෂාව තමයි වඳුරන් පුරුදු කර ඔවුන් ගේ ක්‍රියාකාරකම් වලින් මුදල් ඉපයීම. දැන් හිතලා බලන්න හදිස්සියෙවත් මේකෙ අනික් පැත්ත සිද්ද වුනොත්????? ඒ කියන්නෙ වඳුරා කියන විදියට මේ මිනිහා නටන්න පටන් ගත්තොත් මොකද වෙන්නෙ. එතකොට වෙන්නෙ මහ විනාශයක්.

මනස හරියට මෙන්න මේ වඳුරා වගේ.

වර්තමාන සමාජයේ සමහර මිනිස්සුන්ට වෙලා තියෙන්නෙත් මේකමයි. තමන්ට අවශ්‍ය ආකාරයට මනස මෙහෙයවනවා වෙනුවට , මනසට අවශ්‍ය ආකාරයට මිනිස්සු ජීවත් වෙනවා. මිනිස්සු හිතන් ඉන්නෙ මනස ත් තමනුත් එකක්මයි කියල. ඉතින් මනස කියන කියන කතන්දර පස්සෙ ගිහිල්ලා මේගොල්ලො ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ.

මිනිස්සුන්ට හැදෙන ගොඩාක් ලෙඩ දුක් වලට හේතුව ඇත්තටම හොයා බැලුවොත් ශරීරයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් නෙවෙයි. මානසික ප්‍රශ්න සහ හේතූන්.  

අපේ ශරීරයේ සහ මනසේ පාලනය තිබිය යුත්තේ අපේ ලඟ මිසක්, ඒක මනසට බාර දීල හරියන්නෙ නෑ.

ඉතා දුර්ලභ මිනිසත් බව ලැබූ අපි ආලෝකයෙන් ආලෝකයට යා යුතුයි. කිසියම් හේතුවකින් අඳුරට පත් වුවහොත් නැවත අඳුරෙන් ආලෝකයට පැමිණිය යුතුයි. 

අපි ලබා ඇති මේ ජීවිතයේදීම  ලෞකික සම්පත් විඳිමින්ම ධර්මය අවබෝධ කළ හැකිය.  ගිහිව සිටියදී සෝවාන් ඵලයේ සිට අනාගාමි ඵලය දක්වා ලොව්තුරා සුවය ලැබීමට හැකියාව තිබෙන බැව් බුදු රජාණන් වහන්සේ කිහිප අවස්ථාවකදීම පෙන්වා දී ඇත. අවුරුදු හතේදී සෝවාන් ඵලයට පත් වූ විශාඛා මහෝපාසිකාව ගෘහ සම්පත් විඳිමින් විවාහයට පත්ව දරුමල්ලන් පවා ඇති දැඩි කරමින් ගත කළ ජීවිතය ඊට කදිම නිදසුනකි. එක්තරා අවස්ථවක බුදු රජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණි දීඝජානු කෝලිය සිටුතුමා ගිහි සම්පත් විඳිමින් සිටිය දීම මාර්ගඵල අවබෝධ කරගත හැකි දැයි විමසූ අවස්ථාවේ ගිහි සම්පත් විඳිමින්ම මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා මාර්ගය ඔහුට පැහැදිලි කර දී ඇත. 


(Above content is based on a discussion had with the Wise Yogi, who has explained about how the mind works and  about modern society.  His original message has been put in to words by me )


No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.