Thursday, August 25, 2016

යථාර්තය සහ මායාව




මායාව තුල ,මායාවට හසු වී ජීවත් වන තුරුම කිසිදාක අපට යථාර්තය දැකීමට නොහැක. 

මායාව යනු දේවල් සැපයි /සුන්දරයි සහ ස්ථිරයි,සදාකාලිකයි කියා සිතන සිතයි. ඒ වගේම හැමදේම දුකයි,කල කිරෙන සුලුයි ආදී වශයෙන් සිතීම තවත් අන්තයකි. මේ අන්ත දෙකම මැද නොවෙනස් වන්නාවූ සතුට හමුවේ. 

සැපේ ඇලෙන්නේත් නැති දුකේ ගැටෙන්නේත් නැති සිත කොයිතරම් සැනසීමක්ද.

යථාර්තය මග හැරීම අවබෝධය නම් නොවේ. යථාර්තයට මුහුණ දෙන කෙනෙක්ට තමයි හරි අවබෝධයක් ලැබෙන්නේ. මේ යථාර්තය නම් සියලු දේම පවතින ඇත්තම ස්වභාවය/ස්වරූපය දැකීමයි. මේක තමයි නිවැරදි දැක්ම. අවශ්‍ය නම් යථාර්ථය මග හැර මායා ලෝකයක් තුල ලස්සන ලස්සන සිහින දකිමින් සිහින සිතින් ජීවත් විය හැක. ඒත් කිසි කෙනෙක්ට යථාර්තයෙන් පැනයන්නට නොහැක. යම් දිනයක මුහුණ දීමට වෙනවාමයි.

මායාව තුල පෙනෙන ,දකින කිසිවක් සත්‍ය නොවේ.  මායාව තුල මුලාවේ වැටීමට ඇති අවකාශ එමටයි. 

මායාවෙන් යථාර්තය ට පිවිසීම තුල අන්ධ වූ නෙත් විවර වීම සිදුවේ. නින්දෙන් අවදි වෙයි. 

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.