Friday, September 16, 2016

ක්ෂණිකව රැවටෙන සුලු සහ රවටන සුලු අපේම සිත



අපේ සිතෙන් අපිට බොහෝ දේ කල හැක. උදාහරණයක් ලෙස සිතේ බල මහිමයෙන් ලෝකය තුල ඇතිවී තිබෙන තාක්ෂණය පෙන්විය හැක.

මේ සිතම  යහපතෙහි යෙදවූ විට මල් යහනාවක් බදුයි.

ධ්‍යාන, මාර්ග ඵල, බුදු, පසේ බුදු, මහාරහත් පදවි ලබන්නට උපකාරවත් වෙන්නේත් මේ සිතමයි.

දහසකුත් දේ අපේ සිත් තුල එක් රැස් වී ඇත. ඒවා පිලිබඳ අදහස් හා උදහස් ඒ දේවල් පිලිබඳ අපේම කල්පනා මට්ටමෙන් (මෝඩ /බුද්ධිමත් ලෙස ) ගත් නිගමන පවා මේ සිතේම තැන්පත් වී ඇත.

සිත දෙස බැලූ විට එය ශක්තියක් ලෙස වැටහේ. සිත නිතරම සිතයි. මේ සිතට අරමුණක් නොගෙන පවතින්නට බැරිය. සිත හරිම සියුම් බවෙන් යුත් ශක්තියකි. සිතේ වේගය හරියටම විදුලි බලය වගේ. විදුලියට බල්බයක් සම්බන්ධ කර ඇත්නම් එය ක්‍රියා නොකලත් ඒ ශක්ති විශේෂය විනාශ වී නැත.

මනස +අරමුණ+ඇස තුනම එක් වූ විට දැකීම සිදුවේ. මේ දැකීම අපි කරනවා නොවේ. නමුත් මුලා වූ අපි "මම" දැක්කා යයි සිතන්නෙමු. ඒක මුලාවක්. මෙය ක්‍රියාවලිය යාන්ත්‍රිකයි. සිතකුත්, රූපයක්  හා ඇස ඇත්නම් ඒවායේ එක්වීම වලක්වන්නට නොහැක.

මේ සිත යනු සිතීම ම පමණයි. ඊට එහා ගිය දෙයක් මේ සිතට නැත. සිතට කිසි විටක ස්ථිර බවක් නම් ඇත්තේම නැත. හදවත සතු ආදරය, කරුණාව, දයාව වැනි ගුණාංග මේ සිත සතුව නැත.

සිතුවිලි මේ ඉන්ද්‍රීයන් මාර්ගයෙන් එක් රැස් වූ චිත්ත රූප සමූහයක් පමණමයි. ඉතා පැහැදිලි බුද්ධියකට සිත නිවැරදිව දැකිය හැක.

සිතක සිතීම ඇති වෙන්නේ අප අරමුණක් ගත් විටයි. එවිට මේ සිත් ගැටලුවකට හසු වේ. ගැටලුව ඇති වන්නේ සිත අරමුණක් සමග සම්බන්ධ වීම නිසයි. සම්බන්ධයක් ඇති නොවේ නම් ගැටලුවක්ද නැත. ගැටීමක් හට ගන්නේ මෙන්න මේ විදියටයි.

මේ සිතුවිලි ..............සිතනවා පමණමයි. සිතුවිල්ල විසින් සිතන්නෙක් නිර්මාණය කරනවා. ඒ විදියට කෙනෙක් නිර්මානය කරන මේ සිතම ඒ කෙනාට ස්ථිරත්වක් ලබා දෙනවා. පුද්ගලයෙක් නිර්මාණය කරනවා. ඒත් ඒවා හුදෙක්ම සිතුවිලි පමණයි. 

මේ කාරණය දෙස බැලූ විට අවබෝධ වෙනවා හරිම හිස්, ශූන්‍යයි....මෙහි හරයක් ඇත්තේම නැති බව.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.