Monday, September 19, 2016

ඇත්ත නිරපේක්ෂයි




සිතේ තවමත් කඩා වැටීම්, ක්ලේශයන් තියන බව තම විසින්ම තමන් ගැනම තේරුම් ගත්තම අපිට සත්‍යය අවබෝධ කරගන්න ගොඩක් ලේසියි.

අපි සන්තක වන මේ කපටි වූත් ශූර වූත් සිත වරෙක කෘතිම වශයෙන් සියල්ලෙන් නිදහස් වූ බවක් අපිට පෙන්නන්න පුලුවන්. ඒත් හුඹසක නිදාගෙන ඉන්න නාගයෙක් එකවරම නැගිටිනවා වගේ මේ කෙලෙස් වරෙක මතුවෙන්න පුලුවන්. ඒ මතු වෙච්ච වෙලාවට ඒක දැක්කොත් ඒකෙන් නිදහස් වෙන්න පුලුවන්.

මේ ලෝකෙ පුරාම පුන්චිම දේ ඉඳන් ලොකුම දේ දක්වාම තියෙන්නෙ බොරුවක්. මේ බොරුව තුල තව තව බොරු හොයමින් ජීවත් වීම සාමන්‍ය මිනිස් අපේ ස්වභාවය බවට පත් වෙලා. බොරුවක කොහෙන්ද ඇත්තක්.

එකම එක ඇත්තක් හැර අනික් ඔක්කොම දේවල් බොරු. එකම එක ඇත්ත තමයි බුදු රජාණන් වහන්සේ අවබෝධ කර දේශනා කල සත්‍යය.ඒ නිර්වාණය මිසක් අන් කිසිවක් නොවේ.

වරින් වර ඉපදි ඉපදි මැරිච්ච අපට නොයෙකුත් බුදුවරු, ශාස්තෲවරු හමු වෙලත් මේක අවබොධ කරගන්න බැරි උනා. මේක අවබෝධ කරන්නත් ඇත්තටම අපිට ලොකු පිනක් තියෙන්නම ඕනෙ. නැත්තම් මෙච්චර ධර්මය ව්‍යාප්ත වෙලා තියෙද්දිත් අපිට මේක තේරෙන්න ඕනෙ.

ආයාසයක් දරමින් පුරුදු කරන කිසි දේකින් කිසිම දෙයක් අවබෝධ වෙන්න විදියක් නෑ. වෑයමක්  තුල තියෙන්නෙ යම් කිසි ගැටීමක්ම විතරයි.

මම නොදන්න බොහෝ දේ තියනවා, මට නොතේරුන ගොඩක් දේ තියනවා, මට ගොඩක් නොහැකියාවන් තියනවා කියල අපි වෙලාවක දැක්කොත් ඇත්තටම නිවෙන්න පුලුවන්.

හැමදේම අපි අපිටම සාපේක්ෂව බලලා යටි හිතෙන් හිතනවා අපි හරි කියලා. ඒත් ඒක බොරුවක්, සාපේක්ෂ දෙයක් කොහොමද ඇත්තක් වෙන්නෙ. ඇත්ත නිරපේක්ෂයි.

කාටහරිම මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනෙ නම් සියලු බැඳීම් වලින් නිදහස් වෙන්නම ඕනෙ. බැඳීමක් ඇති තැන නිවනක් නෑ. බැඳීම් වලින් ගැලවෙන්න ඕනෙ අපේ සිතයි.

පාරිශුද්ධ වූත් පිවිතුරු වූත් මයිත්‍රී සහගත වූත් සැබෑ ආදරය අපිව නිදහස් කරනවා.

ඒ නිදහස උපරිමයි.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.