Sunday, October 30, 2016

මායාවෙන් මිදී අවබෝධය සොයා



සැබෑ අවබෝධයක් අපිට ලැබෙන්න නම් අපි ඕනෙම දෙයක එක් පැත්තක් විතරක් බලල හරියන්නෙ නෑ.  ඕනෙම දෙයක් හෝ කෙනෙක් දෙස , පූර්ණ ලෙස සියලු පැතිකඩ වලින් බැලිය යුතුමයි. එතකොට තමයි අපිට නියම ස්වභාවය නැත්තම් සත්‍යය පේන්නෙ.

මේ ලෝකෙ අපිට පේන දේට වඩා නොපෙනෙන දේ බොහොම වැඩියි. ඒකයි අපි බොරුවකට , මුලාවකට අහු වෙලා ජීවත් වෙන්නෙ. අපිට පේන දේ, අපි හිතාගෙන ඉන්න දේ හරි කියලා හිතාගෙන මේ අපි යන්නෙ මායාව තුල තව තවත් පැටලෙමින් මිසක් ගැලවීමක් නෑ.

මේ ඇත්ත ස්වභාවය පෙනෙන්න පෙනෙන්න අපිට සමහරවිට කලකිරීමක් ඇති වෙන්න පුලුවන්. ඒකත් සිතේ මායාවක්. ඒත් ඇත්තටම මෙතෙන කළ කිරෙන්න දෙයක් නෑ. ස්වභාවය දැනගෙන නෙවෙයි ,අවබෝධ කරගෙන මරණය පැමිණෙන තුරු ජීවත් වීමයි කල යුත්තේ.

ගැලවෙන්න නම් අවබෝධ කරගැනීම හැර මගක් අපිට නැහැ. 

මායාව තුලම , මායාවෙන් මිදී, සත්‍යය අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඇත්තටම පුලුවන්. එහෙම උතුමන් මේ ලෝකෙ වැඩ ඉන්නවා. නෙළුම් මල ජීවත් වෙන්නෙත් ඒ වගේමයි. මඩ ගොඩක ඉපදිලා, ඒ මඩේම හැදිලා , වැඩිලා , මඩෙන් උඩට මතුවෙලා, මඩේ නොගෑවී නොගැටී පවතිනවා. මේ තුල කොයිතරම් ගැඹුරු ධර්මයක් තියනවද අපි අවබෝධ කල යුතු.

මේ මහා විශ්වයේ , එක විශාල මණ්දාකිනියක් ඇතුලෙ, එක ග්‍රහ ලෝකයක, එක රටක, පුන්චි නගරෙක ජීවත් වෙන පුන්චිම පුන්චි තිතකටත් වඩා පොඩි මිනිස්සු වන අපි නේද මේ. ඉතින් අපිට අපි ගැන ලොකුවට හිතන්න දෙයක් තියනවද. අපි ලොකුයි කියල හිතාගෙන ඉන්න අපි ඇත්තටම කොයිතරම් පුන්චිද?

නින්දා කල පමණින් දුකට පත්වෙන්නටත්, ප්‍රශංසා කල පමණින් උදම් වෙන්නත් ඇත්තටම දෙයක් තියනවද මෙතන. මේ හැම දේම සම සමව භාර ගන්න අපි පුරුදු වෙන්න ඕනෙ. මේ දෙකේම වෙනසක් නෑ.

නින්දා කරන මිනිස්සු ඒගොල්ලන්ට හිතෙන දේවල් කියනවා.ප්‍රශංසා කරන මිනිස්සු ඒත් කියන්නෙ ඒගොල්ලන්ට හිතෙන දේ. ඉතින් ඒකෙන් අපට ඇති ප්‍රයෝජනයක් නෑ. සැලෙන්න හෝ අහංකාර වෙන්න කිසිම හේතුවක් නෑ.

කෙනෙක් කාලයක් තිස්සෙ බොහොම සතුටින්, නිදහස්ව, සිහියෙන් ජීවත් වුනාම, ඒ සතුට, නිදහස හා සිහිය  එයා තුල තැන්පත් වෙනවා.  ජීවිතය වෙනස් වෙලා සුන්දර වෙනවා . කාටවත් හානියක් නොවී , සතුටෙන් ජීවත් වන විදිය එයා අනික් අයටත් කියනවා. ඒක බොහොම යහපත් ක්‍රියාවක්. ඒත් අවබෝධය ඊට වඩා ගොඩක් පුළුල් පරසයක් තුල පවතින දෙයක්. 

සරලව මුලින්ම අපි දුකෙන්, විඳවීමෙන් මිදෙන්න ඕනෙ. සතුටෙන් ජීවත් වෙන්න ඕනෙ. 

ඊට පස්සෙ අපි මද්‍යස්ත‍යට එන්න පහසුයි. ඒ කියන්නෙ මද්‍යම ප්‍රතිපදාවට ඇවිත් ජීවත් වෙන්න පටන් ගත්තම , ඒක ජීවිතය තුල පුරුදු කරාම ඉබේම අවබෝධය ඇතිවීම සිදු වෙනවා.

තමන්ව අවබෝඅධය හෝ අනවබෝධය කර ගෙනියන්නෙ තමන්මයි. තමන්ටමයි පුලුවන් තමන්ට යන්න ඕනෙ තැන තෝරා ගන්න. ඒක වෙන කාටවත් කරන්න බෑ.  

මායාව තුලම , මායාවට හසු නොවී සත්‍යම දකින්න අපි විසින්, අප මෙහෙයවීමයි කරන්න ඕනෙ.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.