Sunday, October 30, 2016

අපි ගමන් කරන දිශාව


හැම මනුශ්‍යයෙක් තුලම භෞතික ශරීරයක්, මනසක් සහ ආත්මයක් (physical body, mental body and energy body) පවතිනවා. 

අපි ජීවත් වෙන මේ පුංචි කාල සීමාවේ මේ තුල තියන සත්‍ය ස්වභාවය අවබෝධ කරගන්නෙ බොහොම ටික දෙනෙක්. 

මොකද අපි ගොඩක්ම අය හිතන් ඉන්නෙ එක්කො මේ ශරීරය තමන් කියලා. ඒ අය ශරීරයට දැඩි ලෙස සැප ලබා දෙන්න නොනවතින අරගලයක් කරනවා. වෙන විදියකින් කියනවනම් උදාහරණයක් විදියට 
සමහර අය ජීවත් වෙන්නෙම කන්න විතරයි. එහෙම නැතුව කෑම කන්නෙ ජීවත් වෙන්න නෙවෙයි. කන්ඩ ජීවත් වෙන අයයි, ජීවත් වෙන්න කන අයයි අතර ලොකු වෙනසක් තියනවා.

තව කොටසක් හිතන් ඉන්නවා. මමයි මගේ හිතයි කියන්නෙ එකක්මයි කියලා. ඒ කට්ටිය මැරෙන කල් හිත කියන කියන දේ කර කර හිත සතුටු කරන්න අපමණ වෙහෙසෙමින් ජීවත් වෙනවා. කවදාවත් හිතක් සතුටු කරලා ඉවර කරන්න බෑ භෞතික සම්පත් වලින්. 

ඉතින් මේ කයත් සිතත් තමන් කියල හිතාගෙන මේකට සැපම ලබා දෙන්න උත්සාහ කරන මිනිස්සු තමා මේ ලෝකෙ වැඩිපුරම ඉන්නෙ.

එතකොට ඇත්තටම මම කියන්නෙ කවුද. මම කියන්නෙ මගේ හිත වත් , කය වත් නෙවෙයි. 

ඒ වගේම මේ මම කියලා අපි ගොඩක් අය දකින්නෙ අපිට තියන මිල මුදල්, දේපොල,තනතුරු, නෑ හිත මිතුරො කියල තමන් හදා ගත්ත මහා බර පොදියක්.  ඇත්තටම ඒ මමද?

ජීවත් වෙනවා කියලා මොකද්ද මේ කරන්නෙ හුගක්ම අය. හති දමාගෙන රේස් එකක් දුවනව, කට්ටියම පෝලිමේ දුවනවා. දුවන්නෙ එකේක දේවල් හඹාගෙන. අන්තිමට මේ දුවන මිනිස්සුන්ටම තේරෙනවා අනේ අපි නිකාන් දිව්ව විතරයි, ජීවත් වෙලා නෑ. එතකොට ප්‍රමාද වැඩී.

තමන්ට තමන් ජීවත් වෙන බව දැනෙන්න ඕනෙ, තමන්ගෙ පණ  සහ ආත්මය දැනෙන්න ඕනෙ. බොරුවට හිතට හිතිලා වැඩක් නෑ, දැනෙන්න ඕනෙ.

භෞතික සම්පත් නිසා උපරිම සතුටක් ලබපු මනුශ්‍යයෙක්ට ඒක ඇති වුනාම තමයි පේන්නෙ , මීට එහා ගිය සත්‍යයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ අය අවබෝධය හොයනවා.

ඒ වගේම මිනිස්සු වෙච්ච අපිට අපේ මනස පවතින ආකාරය අනුව විවිධ තලයන් ස්පර්ෂ කරන්න පුලුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි දැඩි තරහ, ක්‍රෝධ ඊර්ෂ්‍යාකම්  තියන මිනිස්සු යක්ශයින් වගේ. නිරන්තරයෙන් යක්ෂ ස්වභාවයක් පේනවා. ඒ වගේම දැඩි තණ්හා, ලෝභකම්, අසීමිත ආශාවන් කෑදරකම් තියන මිනිස්සු ප්‍රේතයො වගේ.  ඒ වගේම දන් දෙන, සිල් රකින, අනෙකාට සැබෑ මයිත්‍රීයක් දක්වන  යහපත් දිවි පෙවෙත් ගත කරන අය මිනිසත් කමින් පිරිපුන්. 

දේව කියන මානසික තල ස්පර්ෂ කල හැකි මිනිසුන්ද, බ්‍රහ්ම කියන තලයට පත් විය හැකි අයද අපි අතරම ඉන්නවා.  

ත්තටම ප්‍රේත , යක්ශ , භූත, මනුස්ස, දේව, බ්‍රහ්ම මේ හැම තලයක්ම මේ විශ්වයේ පවතිනවා. 

සතුටින් ඉන්න මිනිස්සු, තමන්ටත් අනුන්ටත් හානියක් නොකර යහපත්ව ජීවත් වෙන අයට දිව්‍ය ලෝක වලට යන්න පුලුවන්. තරහ, ඊර්ෂ්‍යා , ක්‍රෝධ වලින් පිරිලා, දුකම විඳිනවා නම් යන්න වෙන්නෙ අපායට.

ඒ වගේම සමහරු අනික් අයට හරි යහපත්. නමුත් තමන්ට අයහපත්. එතකොට වෙන්නෙ දුගතියක්. උදාහරණයක් කිව්වොත් එක මිනිහෙක් දැඩි කුසගින්නකින් පෙලි, පෙලී, කිසිම දෙයක් කන්නෙ නැතුව මහා පරිමාණයෙන් අනික් අයට කෑම බෙදල දෙනවා. මතුපිටින් නම් මේක හොඳ වැඩක් වගේ පේනවා. ඒ උනාට ඇත්තටම එහෙම නෙවෙයි. මේ මනුශ්‍යයා තමන් කුසගින්නෙන් දැවී දැවී සිතින් සාප කරමින් අනික් අයගේ කුසගින්න නිවනවා. ඒ වගේ මිනිස්සු තුල තමන් ගැනවත් අනුන් ගැනවත් සැබෑ කරුණාවක් නෑ.

අපිට මිනිස්සු විදියට මේ කොතන්ටද යන්න ඕනෙ කියන එක අපේ ක්‍රියාකාරකම් වලින්ම පැහැදිලි කරගන්න පුලුවන්.  ඒ වගේම අපි දේව , බ්‍රහ්ම තලයන්ට ගියත් සමහරවිට නැවත මනුශ්‍ය තල වලට පත් වෙන්නත් පුලුවන්. ඒකයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අප්‍රමාදී වන්න කියලා.  

සියලු සැපයන් තාවකාලිකයි, වෙනස් වන සුලුයි. ඉතින් මේවට ඇලිල තේරුමක් නෑ. සියලු දුක් පවා එහෙමයි, තාවකාලිකයි, වෙනස් වෙන සුලුයි. 

අවබෝධයෙන් දැකලා නිවන් අවබෝධ කරගන්න මාර්ගය මහා කරුණාවෙන්, මයිත්‍රීයෙන් බුදු රජාණන් වහන්සේ අපිට දේශනා කළා. ඒ සත්‍ය වූ ර්මය ජීවමානව පවතින මේ කාලය තුලම අපි උපත ලැබීම පවා මහා භාග්‍යයක්.

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.