Sunday, November 27, 2016

බාහිර ලෝකයෙන් මනසට ඇතිවන බලපෑම් වලින් මිදීම


අපේ සිත තවමත් විවිධ බාහිර සාධක/ප්‍රශ්න හේතු කොට ගෙන සැලෙනවා නම් එතනදි අපිට අවබෝධ කර ගන්න තියෙන්නෙ  තවමත් මනස අපිව අපිව විවිධ ආකාරයෙන් පාලනය කරනවා කියන දේයි. ඒ විතරක් නෙවේ තේරුම් ගන්න ඕනෙ අපේ ඇතුලෙ තියන නිවීම තාමත් බාහිර සාධක වලට පුලුවන් නැති කරලා දාන්න. එතකොට මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ බාහිර දේවල් වල නෙවෙයි, ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ තුලයි.

සමහරවිට අපි නොදැනුවත්වම  අපිට හිතෙනවා අනේ මම යහපත් විදියට, කාටවත් කරදරයක් නොකර, අනික් අයටත් උපකාර කරගෙන බොහොම හොඳින් ජීවත් වෙන නිසා අනික් මිනිස්සු මට කිසිම කරදරයක් නොකරාවි කියලා. ඒක නොදැනුවත්වම අපේ සිත තුල ඇති වන මෝඩ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව නිසා අපිට යම් මොහොතවල් වල දුක ඇති වෙන්න පුලුවන්. නිවීම නැතිවෙන්න මේක හේතු සාධකයක් වෙන්න පුලුවන්.

මේ සමාජය තුල ඉන්න විවිධ මිනිස්සුන් විවිධාකාරයි. ඒ විතරක් නෙවෙයි ,ඒ ගොල්ලො කවදාවත් එයාලගෙ ස්වභාවය වෙනස් කරන්නෙ නෑ. ඉතින් අපි මොනතරම් යහපත්ව ක්‍රියා කලත් අපිට කිසිම විදියකින් බලාපොරොත්තු වෙන්න බෑ මේ මිනිස්සු අපිට යහපත් විදියට සලකයි කියලාවත් අපි එයාලට දක්වන මයිත්‍රීය කරුණාව එයාලගෙන් අපිට ආපහු ලැබෙයි කියලවත්. නොදැනුවත්ව හෝ අපිට එහෙම සිතුවිල්ලක් ආවොත් ආයෙත් අපි මුලාවට වැටිලා.

අපිට කරන්න පුලුවන් එකම දේ මේ සියලු දේට මුහුණ දෙන්න පුලුවන් ශක්තිය අපි තුළ ඇති කර ගැනීම. මේ ලෝකෙ ජීවත් වෙන්න නම් අපිට වෙන කරන්න දෙයක් නෑ.

අපේ මනස බාහිරින් එන ප්‍රශ්න දැක්කහම ඒවයෙ තියන කරදරකාරී බව දැකලා , මෙතනින් අතන්ට, එතන හොඳ නැති වුනාම තව තැනකට ආදී වශයෙන් පැන පැන යනවා.
මනස හැම වෙලේම අපිට කියන්නෙ "ඔයා හරි, අනික් මනුස්සය වැරදී"කියලා. ඇත්තටම අනික් පුද්ගලයින් වැරදි උනත් , කොයි විදියට හැසිරුනත් අපිට ඒකට කරන්න දෙයක් නෑ. එකම දේ බාහිර දේවලින් සැලෙන ස්වභාවයෙන් අපි මිදෙන්න ඕනෙ.

අපි යම් ක්‍රියාවක් කරනවා නම් සත්තකින්ම ඒක ඇත්තක්. හැබැයි මොනාහරි ක්‍රියාවක් කරන්න කලින් මනස විසින් අපිට කියන සියලු සිතුවිලි බොරු. ඉතින් මේ බොරු සිතිවිලි නිසා තව දුරටත් සැලෙන එක මෝඩ කමක්.

මිනිස්සු අපේ මූණට බැන්නොත් / අපහාස කලොත් අපිට දුක හිතෙනවා, අපි ඉදිරියේ වැරදි විදියට හැසිරුනොත් ඒත් අපිට දුක හිතෙනවා. හැබැයි ඔය මිනිස්සු අපි නැති තැන්වලදි අපිට මොනතරම් බනිනවා ඇත්ද? කොච්චර අපිට අපහාස කරනවා ඇත්ද. අපි ඒවා දැක්කෙ නැති නිසාත්, අපිට ඒවා ඇහුනෙ නැති නිසාත් අපිට දුකක් නෑ. එතකොට  අපි දකින සුලු ප්‍රමාණයක් නිසා  කම්පා වීම මොනතරම් මුලාවක්ද.

අපි කොහොම හිටියත් අපිට ජීවිත කාලය පුරාම කරදර ප්‍රශ්න එන්න පුලුවන්. ඒ දේවල් වලට නොසැලී ඉන්න අපේ අභ්‍යන්තරය සකස් කර ගත යුතුයි. 

මෙතෙන්දි තමයි අපිට භාවනාවේ තියන වැදගත්කම අවබෝධ වෙන්නෙ. අනික් සියලු එදිනෙදා කරන දත් මැදීම, නෑම ආදී වූ පුරුදු වගේම භාවනාවත් පුරුද්දක් කර ගත යුතුයි. 

ගංගාවක් වගේම ජීවිතයත් ගලා යා යුතුයි. බාධකයක් , ගල් කුලක් හම්බුනාම ගංගාව නවතින් නැතුව ඒක මග හැරලා , ලස්සනට ගලාගෙන යනවා. 
ගලාගෙන යන ගංගාවයි අපේ ජීවිතයි මොනතරම් සමානද?

ධර්මය දැකීම



බුදු රජාණන් වහන්සේ , ජේසු ක්‍රිස්තුස් වහන්සේ ආදී මේ ලෝකයට පහල වූ සියලු ශාස්තෲවරුන් ධර්මය දේශනා කලේ ඒ ඒ අවස්ථාවට සහ පුද්ගලයින්ට උචිත ආකාරයෙනි. උදාහරණ වශයෙන් කිව්වොත් අපි යම්කිසි ශාස්තෲවරයෙක් කියන ලද සැබෑ සත්‍ය ධර්මය කොටසක් පරිශීලනය කරන්නේ නම් මේ කරුණ පිලිබඳ අවධානය යොමු කල යුතු වෙනවා.  උදාහරණ වශයෙන් කිව්වොත් බුදුන් වහන්සේ දේශනා කල සද්ධර්මය "කුමක් අරබයා/ කවර ස්ථානයකදී/කා හට දේශනා කරන ලද්දක්ද යන්න විමසා බැලිය යුතුයි. බයිබලය තුල පවා ප ඒ ඒ අයට උචිත ආකාරයෙන් ජේසුස් වහන්සේ සත්‍ය ධර්මය දේශනා කොට තියනවා.

අපි ධර්මය පිලිබදව උනත් නිවැරදි අවබෝධයෙන් නොබැලුවොත් එතනදී මුලාවකට හසු විය හැකියි. සරලව පැහැදිලි කලොත් බුදුන් වහන්සේ  බුදුන් වහන්සේ කිසා ගෝතමියට කිව්වෙ "නොමළ ගේකින් අබ ටිකක් ගේන්න කියලා" ඒකෙන් ඇයට ධර්මය අවබෝධ උනා. අංගුලිමාලට කිව්වෙ " මම නැවතිලා ඉන්නෙ, ඔබත් නවතින්න කියලා". එතකොට රූපයෙන් උදම් වෙලා හිටපු ඛේමා ට පෙන්නුවා රූපය ටිකෙක් ටික වෙනස් වෙවී ජරාවට පත් වෙන හැටි.ඒකෙන් ඇයට ධර්මාවබෝධය ලැබුණා. ඒ වගේම නන්ද කුමාරයට දිව්‍යංගනාවක් පෙන්නලා ධර්මය දෙසට යොමු කළා. තවත් කිව්වොත් දාරුචීරියට"දැක්කොත් දැක්කා විතරයි, ඇහුවොත් ඇහුවා විතරයි "කියන ගාථාව දේශනා කළා. එයින් ඔහුට අවබෝධය ලැබුණා. ආනන්ද තෙරුන් වහන්සේ විවිධ අවස්ථා වලදී බුදුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට උන්වහන්සේ පිලිතුරුරු ලබා දුන්නා. 

මේ විදියට එක එක්කෙනාට අවබෝධ කරගන්න පුලුවන් මට්ටමෙන් විවිධ විදියට ධර්මය දේශනා කළා.

මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නෙ මේකයි. එක එක්කෙනාගෙ අවබෝධයේ මට්ටම වෙනස්. ඒ නිසා හැමවෙලේම ධර්මය දේශනා කරලා තියෙන්නෙ ඒ ඒ තැනට උචිත විදියට. ඒ නිසයි අපි යම් අවස්තාවක කවුරුහරි ශාස්තෲවරයෙක් කියන ධර්මය අහනවා නම් බලන්න ඕනෙ මේක කවුරු වෙනුවෙන් මොන අවස්ථාවක කුමන කරුණක් උදෙසා කියපු දෙයක්ද කියන එක. එතකොට කිසිම තැනකදි අපි  වැරදි වැටහීම් ඇති වෙන්නෙ නෑ. අවබෝධයෙන් ගමන් කරන්න පුලුවන් වෙනවා.

අනික් කාරණේ තමයි වර්තමානයේ මිනිස්සු බොහෝ දේවල් හා දර්ශනයන් පස්සෙ යනවා. පස්සෙ ගොඩක් දේවල් මනසට දාගන්න ගිහින් ඔවුන්ගේම මනස විසින් ඔවුන් අතරමන් කරනවා. තමන් අදහන ආගම මොකක් උනත් ප්‍රශ්නයක් නෑ, මොන ශාස්තෲවරයා විශ්වාස කලත් ප්‍රශ්නයක් නෑ. හරියට ඒ ඔස්සේ ගිහින් අවබෝධ කරගන්නවා නම්. එහෙම නැත්තම් ස්වභාව ධර්මය තුල තියන සත්‍යය දැකීමෙනුත් අවබෝධය ලබන්න පුලුවන්.

කිසිම අවබෝධය ලබපු ශාස්තෲවරයෙක්ට තමන් වහන්සේ අවබෝධ කරගත් සියලු දේ වචන වලින් කියන්න බැහැ. මොකද නිවැරදිම සත්‍ය වූ සද්ධර්මය පොදුවේ මිනිස්සුන්ට කිව්වොත් ඒගොල්ලන් ඒවා තෙරුම් ගන්නෙ තමන්ට ඕනෙ විදියට. මිනිස්සු ධර්මය උනත් තමන්ට වාසි වෙන විදියට වෙනස් කරලයි තේරුම් ගන්නෙ. ඒක තමයි ස්වභාවය. 

වචන වලට වඩා අපිට තව කෙනෙක් දිහා බලලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න ගොඩාක් දේවල් තියනවා. වචනයට වඩා ක්‍රියාවයි වැදගත්.

බුදුන් වහන්සේගෙ ජීවිතය එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙ ජීවිතය දිහා බැලුවම අපිට බොහෝ දේ අවබෝධ කරගන්න පුලුවන්. 

අපි මේ ජීවත් වෙන කාලෙ වචන වලින් මොනවා කිව්වත් වැඩක් නෑ, එකම දේ අපි ක්‍රියාත්මක වෙන හැටි , අපේ හැසිරීම සහ අපේ ජීවිතය තමයි අපි මේ ලෝකෙට දෙන පණිවිඩය.

Monday, November 21, 2016

The Sun of truth is covered by the clouds of Maya in this world



If someone start to speak of the real true dharma in this world, majority of people cannot get the true meaning of it and they do not want to embrace it. Only very less amount of people are able to get the true meaning and realize the true dharma.

The reason for many people cannot see the truth is, their minds are conditioned and full of conceptions that they cannot get rid of them. It is not anyone's fault. From the childhood that is how we are all  practiced. 

The Sun of truth is covered by the clouds of Maya in this world. But anyone who truly wishes to realize, can realize the truth.

We create different different illusive dreams as we want and continuing to live with a dreamy mind. We are caught up in these dreams, expectations etc. Even though we see these are endless and cannot fulfill all what mind says and become contented.We are still going after them. We are afraid that we will loose our dreams. Major percentage of us are living this way. We think we are awake, but actually we are sleeping.

There are truly awakened souls living on this earth. These beings are trying to awaken the others also. When someone is awakened from the Maya he or she sees how blissful, peaceful, free, contented is the state of being awakened. So with a compassionate heart they try to awaken others.

But when the awakened ones are trying to  awake others from the deep slumber they are in...the sleeping ones refuse it. They think the illusion is true and permanent. They do not want to get rid of the illusion created by themselves. So they continuously journey life after life caught up in Maya until realize the truth.

The Buddha who had such a infinite compassion and showed the path to liberation, when so many people started to walk on the path & realized truth .... there were some people who tried to attack Buddha. When Jesus was preaching the truth and people started to follow him, the priests could not tolerate it and tried to harm the son of God-Jesus.  

Every time when someone like that appears on this earth the society is acting that way. This is the nature. There is a resistance force happening. Also for an Enlightened being who start telling the truth there could be a resistant force trying to put it down. 

But similar to the sun & moon appears distancing the clouds and bringing light to the darkness...the real true Dharma also comes out spreading the light everywhere.

Also the real true Dharma cannot be explained by words. If Dharma  is an ocean, An awakened one  can offer only a handful of water to others. Could be even less than that.

Friday, November 18, 2016

ද්විත්වත්වය දැකීම සහ අවබෝධය



මේ ලෝකෙ පවතින හැම දේකම දෙපැත්තක් තියනවා. ඒ කියන්නෙ ද්විත්වත්වයක් තියනවා. මිනිස්සු හැම වෙලේම මේ ද්විත්වත්වය මත ජීවත් වෙනවා. සරලව කිව්වොත් හොඳ- නරක, පව් -පින්, කලු-සුදු, ගෑණු- පිරිමි, එලිය-අඳුර විදියට හැම දෙයක්ම පවතින්නෙ ඒකෙම ප්‍රතිවිරුද්ධ දේත් එක්කමයි. කවදාවත් එළියට බෑ අඳුර නැතුව පවතින්න. හොඳ කියල අපි දේවල් දකින්නෙ සහ වර්ග කරන්නෙ නරක කියල දෙයක් තියන නිසා. ඒ විතරක් නෙවේ හැම දෙයක්ම එක එක මනුස්සය දකින්නෙ එයාට සාපෙක්ෂව.උදාහරණයක් කිව්වොත් කෙනෙක්ට හොඳ දෙයක් තව කෙනෙක්ට නරක වෙන්න පුලුවන්, ඒ වගේම කෙනෙක් පින් කියලා දකින එකම දේ තවත් කෙනෙක් පව් විදියට දකින්න පුලුවන්. මේ හැමදේම පුද්ගල සාපේක්ෂ දේවල්. එතකොට තේරෙනවා මේ සාපේක්ෂ කිසිදේක සත්‍යය ස්වභාවයක් නැහැ කියන එක. නිරපේක්ෂ දේ තමයි සත්‍යම සත්‍යය.

පැවැත්මක් තියෙන්නෙ ඒකෙම අනික් පැත්ත නොපැවැත්මක් තියන නිසා. කවුරුහරි කිව්වොත් පැවැත්ම විතරයි තියෙන්නෙ කියලා එයා දැකල තියෙන්නෙ එක පැත්තයි. තව කෙනෙක් කිව්වොත් නෑ මෙතන පවතින කිසිම දෙයක් නෑ කියලා එයත් ඉන්නෙ මුලාවක. මේ පැවැත්ම නොපැවැත්ම දෙකම දකින සහ අවබෝධ කරන කෙනාට තමයි හරි දැක්මක් තියෙන්නෙ.

ඇත්තටම මේ ද්විත්වත්වය මත පවතින අපි එක පැත්තක් විතරක් දකින තාක් සහ එක පැත්තක් ගන්න තුරුම අපි ඉන්නෙ මුලාවක. වෙන විදියකින් කියනවා නම් යම් කිසි දෙයක  එක පැත්තක් දකින කෙනෙක්ට යථාර්තය හෙවත් නියම ස්වභාවය දකින්න අමාරුයි. උදාහරණයක් කිව්වොත් ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා කියලා හිතන්න එයා බොහොම යහපත් පැවැත්මක් ඇති කෙනෙක්,එයාට පුලුවන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න , සෙත් පතන්න වගේ දේවල්, ඒ කෙනා ඒවම කරනවා කියලත් හිතන්න. හැබැයි ආශිර්වාද කරන කෙනාට සාප කිරීමේ හැකියාවකුත් තියනවා කියලා අපි තේරුම් ගන්න/දකින්න ඕනෙ, එයා ඒක පාවිච්චි කරන්නෙ නැති වෙන්න පුලුවන්.  නමුත් දෙපැත්තම දකින්න අපිට නුවණ තියෙන්න ඕනෙ. කෙනෙක් සුවපත් කරන කෙනාටම පුලුවන් ලෙඩ කරන්නත්. ඒක තමයි මේ ස්වභාව ධර්මය නිර්මාණය වෙච්ච හැටි. යතාර්ථය ඒකයි.

අරයා හොඳයි , මෙයා නරකයි ආදී වශයෙන් අපි කරන බෙදීම් සියල්ල සත්‍යය නෙවෙයි/සාපේක්ෂයි.

අපි හැම වෙලේම කෙනෙක් ගත්තත් දෙයක් ගත්තත් ඒකෙ එක පැත්තක් දැකල වර්ගීකරණය කරන් නැතුව දෙපැත්තම දකින්න පුරුදු වෙන්න ඕනෙ. අන්න එතකොටයි /එහෙම දැක්කමයි අපි ඉන්නෙ මොනතරම් මුලාවකද කියලා අපිටම පේන්න පටන් ගන්නෙ.

 සියලු දෙයෙහි දෙපැත්තම දැකලා එක පැත්තක් වත් ගන්නෙ නැතුව මේ දෙපැත්තෙන්ම අයින් වෙලා ඉන්න පුලුවන් කෙනෙක් මොනතරම් ආශ්වාදයකින් ජීවත් වෙනවා ඇත්ද? මොකද එයාට සම්පූර්ණ විදියට දේවල් දකින්න පුලුවන්. පූර්ණ දකීමක් ඇතිවෙලා.

නිවැරදි සත්‍යාවබෝධයට පත්වූ කෙනෙක්ට ද්විත්වත්වයක් නැහැ. පින් පව්, හොඳ නරක ආදී වශයෙන් වර්ග කිරීමක් එතන්දි නෑ. ඒවයෙ කිසි ප්‍රශ්නයකුත් නැහැ. මේ සියලු ද්විත්ව වර්ග කිරීම් බෙදීම්, සාපෙක්ෂතාවයන් සියල්ල පවතින්නේ අපි අවබෝධත්වයට පත් වන තුරු පමණයි.

Thursday, November 17, 2016

ඇතිවීම - පැවතීම - නැතිවීම



අපි ඇත්තටම ජීවත් වෙනවා කියලා කරන්නෙ නොනවත්වා ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියකට හසුවෙලා ගමන් කරන එක(continuous process) .මේ ක්‍රියාවලිය තමයි- ඇතිවීම,පැවතීම, නැතිවීම කියන ස්වභාවය. හැමතැනකම තියෙන්නෙ මේ එකම ක්‍රියාදාමයමයි. මේකට පරිබාහිර කිසිම ක්‍රියාවලියක් මේ සොබාදහම තුල නැහැ.

අපි ඉපදෙනවා. ඊට පස්සෙ ආයුෂ ඉවර වෙනකල් මේ ලෝකය තුල පවතිනවා. පැවතිලා අන්තිමේදි මැරිලා/නැතිවෙලා යනවා.  නිවන් දකින කල්ම මේ විදියට ඉපදි ඉපදි මැරි මැරි අපි දිගටම කෙළවරක් නැතුව සන්සාරෙ ගමන් කරනවා.

අපි මේ ලෝකෙ පවතින/ජීවත් වන කාලෙ මොනාද ඇත්තටම දවස ගානෙම කරන්නෙ. අපි හැමදාම වගේ කනවා, බොනවා, නිදගන්නවා වගේ ක්‍රියාවන් කරනවා. මේකෙ කෙළවරක් දකින්න පුලුවන්ද? බෑ.
බඩගිනි දැනෙනවා - කෑවම බඩගින්න නිවෙනවා, තිබහ දැනෙනවා- බිව්වම තිබහ නැතිවෙනවා, නිදිමත දැනිලා නිදාගෙන නැගිට්ටම ආයෙත් ටික වෙලාවකින් නිදිමත එනවා. බඩගින්නක් හැදිලා කෑම කෑවම බඩ පිරුනට ආයෙ ටිකකින් බඩගිනි වෙනවා.  තිබහට වතුර බීලා, ආයෙ ටිකකින් තිබහ දැනෙනවා.ඔය විදියට අපි හැමදාම මැරෙනකල්ම මේවා කරනවා. නුවණ මෙහෙවලා බැලුවහම පේනවා මොකක්ද මෙතන ඇත්තටම සිද්ද වෙන්නෙ. මේ හැම ක්‍රියාවකම තියෙන්නෙ එකම ස්වභාවයක්. ඇතිවීමක්, පැවතීමක් හා නැතිවීමක්.

අපි හැමෝම ඇතිවීම, පැවතීම, නැතිවීම කියන චක්‍රයට හසුවෙලා තමයි ජීවත් වෙන්නෙ. ඇත්තටම ස්වභාව ධර්මය පවතින නියම ආකාරය තමයි ඒක.

මේ ස්වභාව ධර්මය පවතින නියම ස්වභාවය දැක්කම තමයි අපිට ධර්මය අවබෝධ වෙන්නෙ. ඒ කියන්නෙ අපේ පැවැත්ම අපිට අවබෝධ වෙනවා. පැවැත්ම අවබෝධ වෙච්ච මනුස්සයෙක්ට තමයි ඉන් එහාට ගිය දෙයක් දකින්න පුලුවන්. ඒ කියන්නෙ පැවැත්ම වගේම නොපැවැත්මත් දකින්න පුලුවන්. මොකද මේ පැවැත්ම පවතින්නෙ නොපැවැත්ම තුල නිසා.

යම් කිසි කෙනෙක් පැවැත්ම සහ නොපැවැත්ම දෙකම නිවැරදිව දැකලා අවබෝධ කරගෙන, තමන්ගේ මද්‍යස්ථය තුල (මධ්‍යම ප්‍රතිපදාව ) ජීවත් වෙන්න පටන් ගත්තොත් යම් දිනයක එයාට පුලුවන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව , ජීවිතය පවතින කල් අවශ්‍ය විට පැවැත්ම තුලත්, අවශ්‍ය විට නොපැවැත්ම තුලත් ඉන්න.  ඒ වගේ කෙනෙකුට මේ දෙකම කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම කෙනෙක් කිසිම චක්‍රයට හසුවෙලා නැහැ, ඒ කියන්නෙ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන නැවත නැවත සිදුවෙන චක්‍රයෙන් එයා මිදුන කෙනෙක්.

Spiritual people are the most able people in this world



Spiritual people are the most able people in this world. The most compassionate, happy, free, contented, peaceful souls on earth are them. 

Enlightened people are living in all corners of this earth. They are the most able & blissful beings that exist. 


There is a misconception among the people and they think that if someone start walking in the spiritual path their lives will be disable. That is a damn lie. 

When talk about a spiritual person the picture most people get is that they are always walking slowly wearing a robe ,putting their eyes down, can't even talk louder, they cant feel taste,  they cant see beauty , cant hear melodious tones or feel a good touch etc. This is how it is pictured in most people's minds, which is not true.

But in reality if you meet someone enlightened, you can even feel their ability & blissfulness in their presence. 

Nothing is more interesting than realization. Actually when you start realizing and seeing the true nature of everything ....that is ..... cannot be explained in words.

First thing is...... we need to throw away all the conceptions others have put inside us and start seeing the reality with an open & free mind. Then we can embrace the reality. When we see the reality /real nature of things .... we ourselves are able to find true happiness within us which will never leave us.

Who does not like a life which .... there is continuous bliss, no end to the satisfaction, peace, freedom and happiness. If some one wishes to have a life like this, very first thing is to embrace the true Dharma/ in other words the reality with completely free mind.

Just like a diamond is cut and shaped for it to spread light & brightness.....we also have to shape and free the mind to experience the real beyond mind.

Sunday, November 13, 2016

සියලු දේට මනසින් නොඇලී නොගැටී ජීවත් වෙන හැටි



අපි හැමෝගෙම  වර්ථමානයේ පවතින ජීවිතය බොහෝ දුරට සකස් වෙලා තියෙන්නෙ  අපි පෙර කරන ලද කුසල් හා අකුසල් කර්මයන් මත . නමුත් අපේම උත්සාහයෙන් සහ අවබෝධයෙන්,  පින්කම් හා කුශල කර්ම වල නිරත වීමෙන් අපි ජීවිත ගමන් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමේ හැකියාවක් තියනවා.

ආදරය, කරුණාව, මයිත්‍රීය අපිව දිව්‍ය ලෝකය දෙසටත්....තරහ, ඊර්ෂ්‍යාව, තණ්හාව අපිව අපාය දෙසටත් රැගෙන යනවා. අපි කොහෙද යන්නෙ කියන එක අපේම තීරණයක්.

බොහෝ සැප සම්පත් ඇතුව මේ ලෝකයට ඉපදෙන මිනිස්සු බොහොම පින් කරපු අය. ඉතින් ඒ වගේ තැනක ඉපදිලා ඒ ලැබෙන සැප සම්පත් නිසි විදියට භුක්ති විඳින්නෙ නැත්නම් ඒ ගොල්ලො මෝඩයි. මොකද තමන්ට ලැබෙන සැප සම්පත් භුක්ති විඳීමේ කිසිම වරදක් නැහැ. හැබැයි එකම දේ ඒ  සැප වලට මනසින් ඇලී ගැලී, නැවත නැවත මතක් කර කර, නැත්තම් ඒ සැප අවශ්‍යයි කියල තණ්හාවක් ලෝභ කමක් ඇති කර ගන්නවා නම් එතන ඇත්තටම කර්ම රැස් වීමක් සහ දුක ඇතිවීමක් සිද්ද වෙනවා.

හැබැයි කවුරුහරි කෙනෙක් මනසින් ඇලීමක් නැතුව බොහොම හොඳින් සැප විඳිමින්, තමන්ගේ ජීවිතය වින්දනය කරමින්, අනෙක් අයට සෙත සලසමින්, සතුටින් ජීවත් වෙනවනම් ඒක ඇත්තටම කොච්චර වාසනවන්ත ජීවිතයක්ද?
මනස පුරුදු පුහුණු කලේ නැති කෙනෙකුට මේක එකපාරම කරන්න අමාරුයි. මොකද මනස හැම වෙලේම හදන්නෙ සිතුවිලි ඔස්සේ කොහොමහරි අපිව මේ මොකක්ම හරි දේකට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරවන්නමයි. හැබැයි අපි හැමෝටම අවබෝධයෙන් මේ තැනට පත්වෙන්න පුලුවන් කමක් තියනවා.

තමන්ට දිව්‍ය ලෝක සැපතක් ලැබුනත් මනසින් නොඇලී ඒක විඳීමටත්, යම් මොහොතක දුකක් විඳින්න වුණොත් මනසින් ගැටීමක් නැතුව ඒකත් එක සමානව භාරගන්නත් පුලුවන්කමක් තියනවනම් අපේ ජීවිතය තුල ඇලීම් ගැටිම් නිසා ඇතිවන පීඩනය නැති වෙලා යනවා.

අපේ මනස තුල රාගය, ද්වෙශය, මෝහය වගේ සිතුවිලි ඇතිවෙන්න පුලුවන්. ඒ වගේ සිතිවිලි ඔස්සේ අපි ක්‍රියාත්මක වෙන්න පවා පුලුවන්.  ඒ වගේ සිතුවිල්ලක් අපේ මනසට ආවම අපට පුලුවන්නම් එහෙම සිතිවිල්ලක් ඇති වුන බව දකින්න සහ ඒක තුලට කිඳා බැහැලා ඒකෙ ස්වභාවය දකින්න, ඒ අවබෝධයෙන්ම ඒවා නැතිවෙලා යනවා.

ඇත්තටම රාග ද්වේශ හා මෝහ ඇතිවෙන්නෙ මෙහෙමයි. 

රාගය කියන්නෙ කැමැත්ත. මේ කැමැත්ත විවිධාකාර වෙන්න පුලුවන්. 

රසම රස කෑමක් කාලා, ඒ ගැන හිත හිතා, ඒ කෑම ආයෙ ආයෙ ඕනෙ කියලා හිතන මනුස්සය තුල රාගයක් ඇති වෙලා. ඊට පස්සෙ මේ කෑම වෙනකෙනෙක් ගනීද, නැත්නම් ඒක තවකෙනෙක් කාලා, ඒ රසය වෙනස් වෙලා ආදී වශයෙන් ඒ මනුස්සය තුල ඇතිවෙන්නෙ තරහක්. මේ ඇති වුනේ ද්වේශය. ඊට පස්සෙ ඒත් එක්කම මේ කෑම නැවත ලබාගන්න හොරකම් කරන්න, බොරු කියන්න, එතකොට අනුවණ වැඩ කරන්න පෙළඹීම තමයි මෝඩකම හෙවත් මෝහය.

තව උදාහරණයක් කිව්වොත්,මනුස්සයෙකුට අයිති විශාල දේපලක් නැත්නම් වස්තු සම්භාරයක් තියනව කියල හිතන්න. දැන් මේකට මේ මනුස්සයා දැඩි ලෙස මනසින් ඇලිලා රාගයෙන් ජීවත් වෙනවා. තව කෙනෙක් වැරදිලාවත් මෙයින් කොටසක් ලබා ගනී, එහෙම නැත්නම් මේක නැතිවෙලා යයි වශයෙන් ද්වේශය ඇති වෙනවා. ඊට පස්සෙ මේ කෙනා තණ්හාවයි ද්වේශයයි පදනම් කරගෙන අනික් අය එක්ක  රණ්ඩු වෙනවා, අනුවණ කම් කරනවා. එතකොට ඒ ක්‍රියා කරන්නෙ මෝහයෙන්.

තවත් උදාහරණයක් කිව්වොත් යම් ගැහැනියක් හෝ පිරිමියෙක් තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ කෙනෙක් එක්ක රාගයෙන් මනසින් බැඳුනොත්, එයා ඊලඟට අනික් කෙනාගෙ වෙනස්කම් දරාගන්නෙ නෑ, සැක සංකා ඇතිවෙනවා, වෙනස්වීම , අනිත්‍ය බව දකින්නෙ නැතුව නිතරම ද්වේශයකින් පසු වෙනවා. ඊට පස්සෙ මේ ද්වේශය නිසා මෝඩකම් කරනවා.

මේකෙ අනික් පැත්ත වෙන්නත් පුල්වන්. 

ඒ කියන්නෙ මනුස්සයෙක් යම් දෙයකට හෝ කෙනෙක්ට ඇකමැතියි කියල හිතන්න. දැන් මේ මනුස්සයා මේ අකමැති දේ දකිද්දි නැත්නම්  කෙනා හමුවෙද්දි මෙයා තුල ඇති වෙන්නෙ තරහක්. එතකොට මේ මනුස්සය තුල ද්වේශය ඇති වුනා. දන් මේ අකමැති දෙය හෝ කෙනා නැති කරන්න/හානි කරන්න  විවිධ මෝඩකම් කරනවා. අන්න මෝහය ඇතිවුනා.

මෙන්න මේ විදියටයි රාග , ද්වේශ , මෝහ කියන සිතිවිලි ඔස්සේ මිනිස්සු තුල කර්ම රැස්වෙන්නෙ සහ භවය නිර්මාණය වෙන්නෙ.


මේ සිතුවිලි අපි තුල ඇතිවෙන හැටි සහ ඇත්ත ස්වභාවය දැක්කම අපිට හැකියාව ලැබෙනවා මේවායින් මිදිලා ජීවත් වෙන්න.

බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි "නිර්වාණය උතුම්ම පරම සැපතයි" . ඉතින් මේ පරම සැපතට පත් වෙන්න අවස්තාව ලැබිලත් අපි තාවකාලික ඇලීම් ගැටීම් වලට අහුවෙලා මෝඩකම නිසා දුක් විඳිනවා.

අපි දේවල් වල මනසින් ඇලෙන්නේත් නැතුව, ගැටෙන්නේත් නැතුව , භාරගන්නෙත් නැතුව, ප්‍රතික්ශේප කරන්නෙත් නැතුව මැදුම් පිලිවෙත ඔස්සේ කාලයක් ජීවත් වීමෙන් අපිට සියලු දුක් නැති කරගන්න පුලුවන්.

අපිට ජීවිතේ ලැබෙන දේවල් පරහරණය කළාට, සැප වින්දට ප්‍රශ්නයක් නෑ මනසින් සිතිවිලි ඔස්සේ කර්ම රැස්කිරීමක් කරන්නෙ නැත්නම්.

මේ වගේ දේවල් මිනිස්සු ගොඩක් වැරදියට පටලවල තේරුම් ගන්නවා.මේකෙන් අදහස් කරන්නෙ නෑ ඔක්කොම අතෑරලා සැප විඳින්න කියලවත් නැත්නම් අනික අයට හානියක් වෙන දේවල් කිරීමෙන් සැපත සොයන්න ආදී වශයෙන්. මේකෙන් කියන්නෙ කොහොමද තමන් සමතුලිත මනුස්සයෙක් වෙලා අනික් අයටත් හානියක් කරදරයක් නොවන පරිදි මනසින් නොඇලී සියලු සැප සම්පත් වින්දනය කරමින් මධ්‍යයේ, සතුටින්, සාමකාමීව, අනික් අයටත් යහපතම උදා කරමින්  ජීවත් වෙන විදිය.

ධර්මය උනත් අපි අල්ල ගන්න ඕනෙ අපිට තේරෙන සරල තැනකින්. වැරදි තැනකින් අල්ල ගත්තොත් , වරදවා තේරුම් ගත්තොත් ඒකෙන් අපිව විනාශයට පත් වෙන්න පුලුවන්. හරියට සර්පයෙක්ව වරදි තැනින් ඇල්ලුවොත් ඌ අපිව කන්න පුලුවන් වගේ.




Thursday, November 10, 2016

සැබෑ අවිහින්සාව



මනුශ්‍යයින් වන අපිට මේ  ලෝකය තාවකාලික නවාතැන් පලක්. වෙනත් විදියකින් කිව්වොත් යම් කිසි කාල සීමාවකට පැමිණි චාරිකාවක්. සියලු දේ වෙනස් වෙමින් පවතින ලෝකයක අපිත් මොහොතින් මොහොත වෙනස් වෙමින් ජීවිතය අවසාන මොහොත වෙනකල් ගමන් කරනවා. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර හෝ සදාකාලික නැහැ.

ජීවිතේ කිසිම සැපක්වත්, කිසිම දුකක් වත් ස්ථිර නෑ. නිතරම වෙනස් වෙනවා. ඉතින් සැප ලැබෙද්දි ඒකෙ ඇලිලා වැඩකුත් නෑ, දුක ලැබෙද්දි ගැටිලා වැඩකුත් නෑ. ස්වභාවය නුවණින් අවබෝධ කරගෙන සතුටින්, පහන් සිත් ඇතුව ජීවත් වෙන්නයි අවශ්‍ය වෙන්නේ. 

අපි ජීවත් වෙන මේ කාල සීමාව තුල  අපි කොහොමද තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවී ජීවත් වෙන්නේ.  

මූලිකම දේ  තමයි තමන් සතුටින් ජීවත් වීම.  සතුටින් ජීවත් වීම ඇත්තෙන්ම ආශ්චර්යයක්. අපි හැමෝම නිතරම සිහිකරන්න ඕනෙ දෙයක් තමයි, අනික් අයත් තමන් වගේමයි කියන එක. මට දුකක් කරදරයක් දැනෙනවට මම අකැමති වගේම අනෙක් මනුස්සයොත් කැමති නෑ දුක් කරදර වලට. මම සතුට, සැපතට කැමති වගේම අනික් අයත් ඒවට කැමතියි. අනික් අයත් මම වගේම නිසා මම කාටවත් දුකක්, කරදරයක්, හිරිහැරයක් නොකරන කෙනෙක් වෙන්න ඕනෙ. ඒ වගේම අනික් අයට සතුට, පහන් සිත් ඇති කරන කෙනෙක් වෙන්න ඕනෙ. මේක තමයි සැබෑ අවිහින්සාව.

තමන් තමන්ට ආදරේ මිනිස්සු තමයි අනික් අයටත් ආදරේ. තමන්ටම කරුණාවන්ත මිනිස්සු අනික් අයටත් කරුණාවන්තයි. තමන් තමන්ව හොඳින් රැක බලා ගන්න අයට පුලුවන් තවත් අයව රැක බලා ගන්න. හැම දේම ආරම්භ වෙන්නේ තමන් තුලින්මයි. මම මට කරුණාවක් නැත්තම් මට බෑ තව කෙනෙක්ට සැබෑ කරුණාවක් දක්වන්න. මම ලඟ නැති දෙයක් මන් කොහොමද තව කෙනෙක්ට දෙන්නේ. ඒ නිසා ලෝකයේ අනික් මිනිස්සුන්ගේ අඩු පාඩු බලන්න කලින් අපි බලන්න ඕනෙ තමන් දිහා.

තමන් කරන කියන දේවල් දිහා බලාගෙන ජීවත් වෙද්දි ඇතිවෙන අවබෝධය වචනෙන් කියන්න බෑ. ඒක ඒ තරම් පුළුල්, යම් යම් දේවල් වල නියම ස්වරූපය දැකීම,  සැබෑ ලෙසින්ම අවබෝධ වීම තරම් ආශ්වාදජනක නෑ වෙන කිසිම දෙයක්.

මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තු, ගහ කොළ වලට පවා අපි කාරුණික විය යුතුයි. ඒ සියලු ජීවී, අජීවී දේවල් වලට දැනීමක් තියනවා. ඒ නිසා අපි තුල ඇතිවන අව්‍යාජ මයිත්‍රීය, කරුණාව කොයිතරම් අත්‍යාවශ්‍යද මේ විශ්වයට.

අපි සියලු දෙනාම අනික් අයත් මම වගේමයි කියලා අවබෝධ කරගෙන තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවී අවබෝධයෙන්  ජීවත් වෙද්දි , අපි ජීවත් වෙන පරිසරයේ ප්‍රශ්න අඩු වෙලා සාමකාමී , සුන්දර තැනක් වෙනවා. අපිටත් අනික් අයටත් ජීවත් වෙන්න සුදුසු තැනක් ඉබේම නිර්මාණය වෙනවා.


Monday, November 7, 2016

A clear mind is the solution for many problems in life


When our minds are clear it comes out of our eyes. By looking at someone's eyes we can see lots of things. If we are in clarity the eyes reflects it.  The clarity is seen through our entire body, the way we behave and it is included in all vibrations we send out. Other people can feel it.

It is very important for us to have a clear and balanced mind to continue our life journey. If our minds are clear our actions are clear and the atmosphere we live in also automatically becoming clean, tidy and clear.

Why are the humans given a mind. We really need our mind to conduct day to day work, engage in a job, do various stuff etc. When the mind is only associated with action thoughts there is no karmic consequence for it.  We need to take actions in different situations and we sometimes need the mind to do them. 

But what does the most humans do with the mind. The greatest mistake we do is  identifying our self as mind. Self and mind are two different things. What does most of us do is using the mind we go on mental trips. Mind says this , that and the other thing and we are tripping over what it says. If we are all the time on mind trips then we loose the clarity.

The next thing we do is we are trying to fulfill whatever the thing s mind says/commands. When we complete one thing mind says another thing. After doing that mind continues to say many things such as do this do that etc. What happens is if we continue to do everything mind says, we become very complicated.  We cannot satisfy the mind by doing everything it says. If we continue to live doing each and everything what mind says for us to do.... then we are lost.

Clear minded people are very simple and peaceful.

When we need to do something, we can utilize the mind at its full capacity and other times we can keep it aside. 

Actually how do we become clear minded?
This should be a unique way for each individual. Because my mind is completely known by myself. Your mind is fully known by yourself. So I should know the nature of my own mind and how to balance it. Like wise we all have to find our own way. Generally when we continue to stay in one yoga posture for few minutes, when we do meditation or chanting.....it helps the mind to become clear.

Here there is no complicated process to have clarity in mind. What we need to realize and see is, the nature of mind. The nature of a mind is generating thoughts. By realizing the nature of it... is easy for us to find the balance. 

If a thought comes and goes it is not at all a matter. It is like the clouds are passing by on a sky. 

The great Master explained this with an example. "Mind is like a servant given for human. We  humans can tell the mind what to do. But what happened is most humans are doing the opposite. It is similar to doing what servant says."

Mostly people are trying to stop thoughts. It is incorrect. If you try to force your mind to stop thoughts it creates pressure in you. Wherever when there is pressure..... there is no clarity. Therefore we don't have to forcefully stop thoughts generation in mind. What we have to do is to realize the nature of mind. We have to go deeper inside us and discover mind's nature. When we realize it... we know where the center is and the clarity stays with us in all the ways. 

May we all become clear minded, peaceful and continue to be in the center!!!