Sunday, November 27, 2016

බාහිර ලෝකයෙන් මනසට ඇතිවන බලපෑම් වලින් මිදීම


අපේ සිත තවමත් විවිධ බාහිර සාධක/ප්‍රශ්න හේතු කොට ගෙන සැලෙනවා නම් එතනදි අපිට අවබෝධ කර ගන්න තියෙන්නෙ  තවමත් මනස අපිව අපිව විවිධ ආකාරයෙන් පාලනය කරනවා කියන දේයි. ඒ විතරක් නෙවේ තේරුම් ගන්න ඕනෙ අපේ ඇතුලෙ තියන නිවීම තාමත් බාහිර සාධක වලට පුලුවන් නැති කරලා දාන්න. එතකොට මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ බාහිර දේවල් වල නෙවෙයි, ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ තුලයි.

සමහරවිට අපි නොදැනුවත්වම  අපිට හිතෙනවා අනේ මම යහපත් විදියට, කාටවත් කරදරයක් නොකර, අනික් අයටත් උපකාර කරගෙන බොහොම හොඳින් ජීවත් වෙන නිසා අනික් මිනිස්සු මට කිසිම කරදරයක් නොකරාවි කියලා. ඒක නොදැනුවත්වම අපේ සිත තුල ඇති වන මෝඩ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව නිසා අපිට යම් මොහොතවල් වල දුක ඇති වෙන්න පුලුවන්. නිවීම නැතිවෙන්න මේක හේතු සාධකයක් වෙන්න පුලුවන්.

මේ සමාජය තුල ඉන්න විවිධ මිනිස්සුන් විවිධාකාරයි. ඒ විතරක් නෙවෙයි ,ඒ ගොල්ලො කවදාවත් එයාලගෙ ස්වභාවය වෙනස් කරන්නෙ නෑ. ඉතින් අපි මොනතරම් යහපත්ව ක්‍රියා කලත් අපිට කිසිම විදියකින් බලාපොරොත්තු වෙන්න බෑ මේ මිනිස්සු අපිට යහපත් විදියට සලකයි කියලාවත් අපි එයාලට දක්වන මයිත්‍රීය කරුණාව එයාලගෙන් අපිට ආපහු ලැබෙයි කියලවත්. නොදැනුවත්ව හෝ අපිට එහෙම සිතුවිල්ලක් ආවොත් ආයෙත් අපි මුලාවට වැටිලා.

අපිට කරන්න පුලුවන් එකම දේ මේ සියලු දේට මුහුණ දෙන්න පුලුවන් ශක්තිය අපි තුළ ඇති කර ගැනීම. මේ ලෝකෙ ජීවත් වෙන්න නම් අපිට වෙන කරන්න දෙයක් නෑ.

අපේ මනස බාහිරින් එන ප්‍රශ්න දැක්කහම ඒවයෙ තියන කරදරකාරී බව දැකලා , මෙතනින් අතන්ට, එතන හොඳ නැති වුනාම තව තැනකට ආදී වශයෙන් පැන පැන යනවා.
මනස හැම වෙලේම අපිට කියන්නෙ "ඔයා හරි, අනික් මනුස්සය වැරදී"කියලා. ඇත්තටම අනික් පුද්ගලයින් වැරදි උනත් , කොයි විදියට හැසිරුනත් අපිට ඒකට කරන්න දෙයක් නෑ. එකම දේ බාහිර දේවලින් සැලෙන ස්වභාවයෙන් අපි මිදෙන්න ඕනෙ.

අපි යම් ක්‍රියාවක් කරනවා නම් සත්තකින්ම ඒක ඇත්තක්. හැබැයි මොනාහරි ක්‍රියාවක් කරන්න කලින් මනස විසින් අපිට කියන සියලු සිතුවිලි බොරු. ඉතින් මේ බොරු සිතිවිලි නිසා තව දුරටත් සැලෙන එක මෝඩ කමක්.

මිනිස්සු අපේ මූණට බැන්නොත් / අපහාස කලොත් අපිට දුක හිතෙනවා, අපි ඉදිරියේ වැරදි විදියට හැසිරුනොත් ඒත් අපිට දුක හිතෙනවා. හැබැයි ඔය මිනිස්සු අපි නැති තැන්වලදි අපිට මොනතරම් බනිනවා ඇත්ද? කොච්චර අපිට අපහාස කරනවා ඇත්ද. අපි ඒවා දැක්කෙ නැති නිසාත්, අපිට ඒවා ඇහුනෙ නැති නිසාත් අපිට දුකක් නෑ. එතකොට  අපි දකින සුලු ප්‍රමාණයක් නිසා  කම්පා වීම මොනතරම් මුලාවක්ද.

අපි කොහොම හිටියත් අපිට ජීවිත කාලය පුරාම කරදර ප්‍රශ්න එන්න පුලුවන්. ඒ දේවල් වලට නොසැලී ඉන්න අපේ අභ්‍යන්තරය සකස් කර ගත යුතුයි. 

මෙතෙන්දි තමයි අපිට භාවනාවේ තියන වැදගත්කම අවබෝධ වෙන්නෙ. අනික් සියලු එදිනෙදා කරන දත් මැදීම, නෑම ආදී වූ පුරුදු වගේම භාවනාවත් පුරුද්දක් කර ගත යුතුයි. 

ගංගාවක් වගේම ජීවිතයත් ගලා යා යුතුයි. බාධකයක් , ගල් කුලක් හම්බුනාම ගංගාව නවතින් නැතුව ඒක මග හැරලා , ලස්සනට ගලාගෙන යනවා. 
ගලාගෙන යන ගංගාවයි අපේ ජීවිතයි මොනතරම් සමානද?

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.