Thursday, December 15, 2016

ස්වභාවය ධර්මයේ ධර්මතාවයන් දැකීම තුළින් අවබෝධය ලැබීම


මේ ලෝකෙ බොහෝ බැදීම්/ඇලීම් නිර්මාණය වන්නේ "චලනය" එහෙම නැත්නම් "වේගය" කියන සංසිද්ධිය/ස්වභාවය මුල් කරගෙනයි. තව දුරටත් පැහැදිලි කලොත් "නිශ්චල" කියන ස්වභවයට වඩා අපි හැමෝම කැමති චලනය වන ස්වභාවයකටයි. උදාහරණ වශයෙන් කිව්වොත් නිකම්ම ඔහේ එක තැන වාඩි වෙලා ඉන්න ගෑනු ළමයෙක් දිහා බලනවට වඩා මිනිස්සු කැමති නටන ඒ කියන්නෙ චලනය වන ගෑනු ළමයෙක් දිහා බලන්න. එක තැන වතුර එකතු වෙලා තියන වැවක් දිහා බලනවට වඩා කැමතියි ගලා ගෙන යන හෙවත් චලනය වෙන ගංගාවක් දිහා බලන්න. සිද්ධ වෙන හැම දෙයක්ම දිහා බලද්දි අපිට පේනවා මේ චලනය වෙන ස්වභාවයත් එක්ක අපේ මොනතරම් බැඳීමක් තියනවාද කියලා. චලිත ස්වභාවය, ලතාවක් තිබීම වගෙ දේවල් වලට අපි නිරතුරුවම දැඩිව ආකර්ශණය වෙනවා.

ශබ්දයක් ගත්තත්, දැනීමක් ගත්තත්, සුවඳක් ගත්තත්, රසක් ගත්තත් අපි එකිනෙකාට සාපේක්ෂව අපේ සිතේ ඇතිවන චංචල ස්වභාවය නිසා තමයි අපි ඇලීම් සහ ගැටීම් වලට හසු වෙන්නෙ. 

මේක දෙපැත්තටම වෙන්න පුලුවන්. දෙයක් දැකලා, ඒ වෙනුවෙන් ඇති වෙන කැමැත්තත් එක්ක හිතේ චලනය වන ප්‍රමාණය අනුව ඒකත් එක්ක ඇලීමක්  සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේම තවත් දෙයක් දැකලා ඒ කෙරේ ඇති වෙන අකැමත්ත නිසා හිත සැලිලා ගැටීම් ඇති වෙන්න පුළුවන්.

මේ බැඳෙන/ගැටෙන ස්වභාවයත් අපි එකිනෙකා අනුව වෙනස් වෙනවා සහ එය සාපේක්ෂ දෙයක්.සිතේ සැලෙන ස්වභාවය වැඩී නම් අන්න ඒක නිසා අපි දුකට පත් වෙනවා. සතුට හා දුක සම සිතින් භාර ගන්නයි අපි පුරුදු වෙන්න ඕනෙ.

ඇත්තටම අපේ සිත නිශ්චලයි නම්, නිවිලා නම් බාහිර පරිසරයේ මොනවා සිද්ධ උනත් අපේ සිත චංචල වීමක් හෙවත් සැලෙන්නෙ නෑ.

පැවැත්මේ ස්වභාවය නිරන්තරයෙන්ම වේගයකට හසු වෙලා පවතින එකයි. චලනය වෙන ස්වභාවයක් මයි තියෙන්නෙ. ජීවී අජීවී හැම දේකම යම් කිසි සංඛ්‍යාතයක් හෙවත් frequency එකක් තියනවා. මේ විදියට පවතින එක ප්‍රශ්නයක් නෙවෙයි ,ඒක තමයි ස්වභාවය.

අපි මේ ස්වභාව ධර්මයේ පවතින ආකාරය හෙවත් ස්වභාවයන් නුවණැසින් දකින්න ඕනෙ. එහෙම දැක්කහම අපිට නියම සත්‍ය ස්වභාවය දැකීමෙන් අවබෝධය ලැබෙනවා. එතකොට අපිට පුලුවන් මේ නිරන්තරයෙන් චලනය වෙන ලෝකෙ , නිශ්චල මනසකින් යුක්තව පැහැදිලිව දකින්න සහ අවබෝධය ලබන්න.

අපේ මනස කිසිම බාහිර දෙයක් නිසා තව දුරටත් චලනය වෙන්නෙ නැත්නම් , නිවුනු ස්වභාවයක් හැමවිටම තියනවා නම් මේ බාහිර ලෝකෙ මොනවා සිද්ධ උනත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි ජීවත් වෙන මේ ලෝකෙ තියන භෞතික ස්වභාවයන්ගෙන් අපිට යින් වෙන්න බෑ මැරෙනකල්. 

අපිට කරන්න පුලුවන් එකම දේ පවතින නියම ස්වභාවය දැකලා , අවබෝධ කරගෙන නිවී, සැනසී ජීවත් වෙන එකයි.

Wednesday, December 14, 2016

පූර්ණ දැකීම



අපි අපිට පේන සියලු දේම දකින්නෙ අපිට ඕනෙ විදියට. ඒ කියන්නෙ අපිට සාපේක්ෂව. තව විදියකට කියනවානම් සිතුවිලි වලට සාපේක්ෂව. එතකොට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද ආදී වශයෙන් වූ සියලුම දේ අපි විසින් ගොඩක් වෙලාවට කැමති , අකැමති කියල වර්ග කරනවා. වර්ග කරලා දේවල් දිහා බලනවා.

උදාහරණයක් විදියට අපි කාට හරි ගොඩක් කැමතියි කියල හිතන්න. ඒ කැමැත්තත් එක්ක එයා ගැන අපිට ආස හිතෙන දේවල් මයි පේන්නෙ. අපේ හිතේ තියනවා මෙයා මෙහෙමයි කියලා සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලට සාපේක්ශව අපි ඒ කෙනා දිහා බලද්දි අපිට පේන්නෙම ඒ වගේ දේවල්. මේකෙම අනික් පැත්ත ගත්තොත් අපි කෙනෙක්ට ගොඩක් අකැමති නම් ඒ කෙනා ගැන අපිට අකැමති දේවල්ම තමයි පේන්නෙ, ඇහෙන්නෙ. ඒ මොකද අපේ සිතුවිල්ලක් තියනවා අපි මෙයාට කැමති නෑ කියලා. මේ විදියට අපි කැමති -අකැමති , ලස්සන -කැත, හොඳ -නරක කියලා වර්ග කරන තාක් සහ ඒ වගේ සිතුවිලි හදාගෙන , අරහෙමයි මෙහෙමයි කිය කියා දේවල් දිහා බලන තාක් අපිට සම්පූර්ණ දැකීමක් ඇති වෙන්නෙ නෑ. 

පූර්ව නිගමනයක් ඇතුව, මේක මෙහෙමයි කියලා හිතාගෙන දෙයක් දිහා සාපේක්ෂව බැලුවොත් අපිට සත්‍යය පේන්නෙ නැහැ. අපි කිසිම විනිශ්චයකින් තොරව යම් කිසි කෙනෙක් හෝ දෙයක් දිහා බැලුවොත් අපිට සම්පූර්ණ චිත්‍රය පේනවා. එතකොට තමයි හරි දැකීමක් ඇති වෙන්නෙ.

යමක් සත්‍යයි නම් හැම පැත්තකින්ම බලද්දි ඒක සත්‍යයම වෙන්න ඕනෙ. සත්‍යය සාපේක්ෂ නැහැ. නිරපේක්ෂයි. ධර්මය උනත්, වෙන දෙයක් උනත් මේක මෙහෙමයි කියලා පූර්ව නිගමනයක් ඔස්සේ ගන්නෙ නැතුව විවිධ පැති වලින් බලන්න අවශ්‍යයි. එතකොට තමයි පූර්ණව දැකලා අවබෝධ කරගන්න පුලුවන් වෙන්නෙ.

මේ ලෝකෙ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නෙ සාපේක්ශ බෙදා වෙන් කිරීම්, වර්ග කිරීම් සහ පූර්ව නිගමන නිසා. එහෙම වර්ග නොකර දෙවල් වල ඇත්ත ස්වරූපය ඇති සැටියෙන් ,පූර්ණව දැකීම තුලින් අපි තුල අවබෝධය ඇති වෙනවා.

උදාහරණයක් ගත්තොත් වැඩිහිටි අය නයෙක් දැක්කම පොඩි ළමයින්ට නයා ගැන එක එක කතා කියලා චිත්‍රයක් මවල පෙන්නනවා. ඒ පුන්චි අය තුල බයක් ඇති කරනවා .  ඊට පස්සෙ ජීවිත කාලෙම මේ ළමයි නයාට  බයයි. ඒත් ඇත්ත කතාව නයෙක් එයාට කරදරයක් නොකරන කෙනෙක්ට කවදාවත් කරදර කරන්නෙ නෑ.මේ සතාව දකින්න ඉඩ නොදී කලින්ම මෙයා මෙහෙමයි කියලා මනස තුලට සංකල්පයක් ඇතුල් කරහම වෙන්නෙ හරි දැකීම නැති වෙලා යන එකයි.

අපි පුරුදු වෙන්න ඕනෙ කිසිම විනිශ්චයකින් තොරව, සෑම සියලු දෙයක් දිහාම උපේක්ෂා සහගතව, නිරවුල් මනසක් ඇතුව බලන්න. එතකොට තමයි හරි දැකීමක් ඇති වෙන්නෙ.


Monday, December 12, 2016

හැම මොහොතකම වර්තාමනයේ ජීවත් වෙන සිත බොහොම නිදහස්



සිත හෙවත් සිතිවිලි හැම වෙලේම ක්‍රියාත්මක වන්නේ "කාලය" පදනම් කරගෙනයි. නමුත් හැමවිටම "සත්‍යය" යනු අකාලික දෙයකි. එතකොට අපිට තේරෙනවා කාලයට අහු වෙච්ච සිතුවිලි වල කොහෙන්ද සත්‍යයක් කියන එක!!!

අපි මේ මොහොතේ හෙවත් වර්තමානයේ අවදියෙන්, සිහියෙන් ඉන්නව නම් ඒ තැන අකාලිකයි . සත්‍යයයි.  එතන ඒ කියන්නෙ මේ මොහොතේ   "මම" කියලා අපි විසින් හදා ගත්තු බර පොදියක් නැත. 

අපි හැමෝම මේ ජීවත් වෙන වර්තමාන මොහොත හෙවත් ඒ ක්ෂණය තමයි සත්‍යය වශයෙන්ම පවතින්නෙ. අතීතය, අනාගතය කියන කාල වත් , මම කියලා අපි හදා ගත්තු ප්‍රතිරූපය වත් නෙවෙයි,  මේ මොහොතයි පවතින්නෙ. එතකොට මේ මොහොත කියන එක අකාලිකයි සහ සත්‍යයයි. ඒක නිසා තමයි බොහෝ අවබෝධයට පත් වෙච්ච උතුමන් මේ මොහොතේ ජීවත් වෙන්න කියලා අනික් අයට  දේශනා කරන්නෙ.

අපේ හිත හරියට වාහනේක සයිඩ් කණ්නාඩියක් කියල මොහොතකට හිතුවොත්, දැන් වාහනය ගමන් කරද්දි විවිධාකාර දේවල් පසු කරගෙන යනවා. විවිධ චායාවල් මේ කණ්නාඩියට වැටෙනවා. අර කණ්නාඩියට වැටෙන චායා වල් සියල්ලම මොහොතින් මොහොත මාරු වෙවී යනවා. මොනවහරි හේතුවක් නිසා මේ එක චායාවක් මේ කණ්නාඩිය විසින් අල්ල ගත්තොත් මොකක්ද වෙන්නෙ,  , එහෙම අල්ල ගත්තොත් ඒ කණ්නාඩියෙන් කිසිම පලක් නැති වෙනවා. අපේ හිතත් මේ වගේමයි. සිතුවිල්ලක් අල්ල ගත්තු ගමන් සිතේ නිවීම නැති වෙලා යනවා. සිතට නොයෙකුත් සිතුවිලි එන්න පුලුවන්. ඒක නවත්වන්න බෑ. එකම දේ අර කණ්නාඩියට වැටිච්ච චායාවල් වගේ ඒවා කිසිවක් කණ්නාඩියෙ රැදෙන් නැතුව ගමන් කරනවා නම්, කණ්නාඩිය එලෙසම පවතිනවා. මොන සිතුවිල්ලක් ආවත් අපේ හිත නිශ්චලව පවතිනවා නම් අපිට කිසිම දුකක්, පීඩාවක්, අසහනයක් ඇති වෙන්නෙ නෑ.

හැම මොහොතකම වර්තාමනයේ ජීවත් වෙන සිත බොහොම නිදහස්.

අපේ හිත සන්සුන් වුණාම ඒ දිහා බලාගෙන ඉද්දි අපිට පේනවා , හැම සිතුවිලි දෙකක් අතරම ඉඩක් තියන්වා. මෙන්න මේ අන්තරය හෙවත් අවකාශය ගොඩක් පිවිතුරුයි. ඒත් වචනයෙන් විස්තර කරන්න බෑ. සිතුවිලි වල ඇති වීම සහ නැති වීම පේනවා.

මේ ලෝකෙ සියලු දේම නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන ස්වභාවයක මයි පවතින්නෙ. ඇති වීම නැති වීම කියන දෙකෙන් මිදිනු කිසිම දෙයක් සොබා දහමේ නැහැ. ඇති වෙච්ච හැම දේම නැති වෙලා යනවා. සිතුවිලිත් එහෙමමයි. ඉතින් අපිට කරන්න පුලුවන් එකම දේ මේ ඇති වෙන හා නැති වෙන ස්වරූපය දැකලා අවබෝධ කරගෙන වර්තමානයේ ,මේ මොහොතේ ජීවත් වෙන එකයි.

එතකොට මේ යථා ස්වරූපය සත්‍ය වශයෙන්ම දැකපු කෙනෙක් ඒක දැකලා අවබෝධ කරගෙන මේ මොහොතේ ජීවත් වෙනවා නම් තව දුරටත් ඒ කෙනාට දිග සසරක් නිර්මාණය වෙන්න විදියක් නෑ. මොකද එයා ස්වභාවය දැකලා වර්තමානයේ මේ මොහොතේ පවතිනවා විතරයි.

යම් කිසි දෙයක් සරල වෙන්න සරල වෙන්න අපිට ඇතිවෙනවා ඒක තේරුම් ගැනීමේ නොහැකියාවක්. ඒ නිසා තමයි සරල වූ සත්‍ය වූ ධර්මය මිනිස්සු බොහොම සන්කීර්ණ කරලා පටලවලා තේරුම අරන් තියෙන්න.


Tuesday, December 6, 2016

To see real through illusion



Why do we call this whole world is a maya - in other words this entire thing is an illusion. Whatever exist in this world is continuously changing. It is never the same. It is not what it appears to be. It could be people or things or anything , everything changes moment to moment. So how can we call something continuously changing as real?

We take information from the external world through five senses . The senses has limited ability to perceive the truth.  Our body and mind also changes every moment.

All of us are actually living in a some kind of play. This is real truth. The illusion means it is concealing the truth and revealing it different. That is the nature. None of us is really free from this illusive nature.

When we are in deep sleep we sometimes see dreams. It appears as real in the sleep. But when we become awake we know it was just a dream. It could be a projection of our own  mind. Also in the sleep the world almost disappears.

We are all caught up in the illusion. The reason for telling this is ......whatever people call development, wealth, knowledge etc all come to an end with our death. The huge cities are built and someday they become ruined. The empires rise and fall, The stars are broken in to pieces even crushed in to powder, Saints and sinners both die. We all of us seeing these things happen every day. Even after seeing this.. we are all still attached to life.. This is the biggest maya.

"Two" is always the number of illusion. Which means dual nature  of anything is an illusion. Oneness is the truth. Where ever there is oneness, in other words where there is no duality that holds truth. If a Human experience this "oneness" at a moment that moment is free from illusion.

The person who can see the reality, sees and realizes reality through maya . If a person cannot see the reality, then he or she sees the maya as something real and thinks it as truth.


Thursday, December 1, 2016

Why It is important to be joyful all the time



Being joyful and keeping a smile on face is a better solution for all seriousness of life.

When we are joyful we feel very energized and alive. So that the possibility of external influences, affecting the inside becomes very low. But this does not mean to be artificial. Naturally our inside can be kept joyous without much effort. 

First we need to be thankful for being alive, we are still breathing. That is the main reason for us to be happy. Other every thing comes next.

There is plenty of reasons to be happy . Therefore why worry. It is better to make joyfulness as a habit of life. 

Being serious is a kind of sickness. What is there to be serious in this life and in this world. We come here on a trip with a package for a certain period of time. From the birth to death every moment we are changing. Every thing is changing. And we all of us are some day definitely going to die. So being serious about anything in this temporary life journey is a kind of pointless joke.

Life is anyway a struggle. What we can do is just to face it with a smile. No other way. There is no smooth journey for this life. Worrying cannot solve any problem. We have to totally accept our lives. Do not try to seek any permanent solutions for temporary problems. That does not work.

One day we will all realize that what a lie we are living. Because majority of people and society are following lies believing them to be true. So when everyone believes a lie as truth, it is becoming established. That is what truly happening everywhere. But since we are also born here to this world as humans we cannot run away from all these lies. 

By seeing the true nature.... what we can do is to live like a lotus.... Lotus is in the mud, but has come out of mud and stands looking towards the sun without smearing with mud.

The truth is... there is nothing within us except some chemistry happening inside. Happy chemistry, sad chemistry, then anger like wise from the things we take through five senses from outside ,these chemistries are happening inside us. 

If we can be in the center with complete balance without being affected by anything happening outside. 

Life is all about being with the balance and being in the center.  

Every situation which is passing in our life is not permanent. It could be either happy or sad, whatever it is...all passes by and we are on the journey from birth till death.

A river starts from a mountain and flows till meet the ocean. River meets many situations on the way, But it continuously flows with such a compassion till meet the ocean.