Monday, December 12, 2016

හැම මොහොතකම වර්තාමනයේ ජීවත් වෙන සිත බොහොම නිදහස්



සිත හෙවත් සිතිවිලි හැම වෙලේම ක්‍රියාත්මක වන්නේ "කාලය" පදනම් කරගෙනයි. නමුත් හැමවිටම "සත්‍යය" යනු අකාලික දෙයකි. එතකොට අපිට තේරෙනවා කාලයට අහු වෙච්ච සිතුවිලි වල කොහෙන්ද සත්‍යයක් කියන එක!!!

අපි මේ මොහොතේ හෙවත් වර්තමානයේ අවදියෙන්, සිහියෙන් ඉන්නව නම් ඒ තැන අකාලිකයි . සත්‍යයයි.  එතන ඒ කියන්නෙ මේ මොහොතේ   "මම" කියලා අපි විසින් හදා ගත්තු බර පොදියක් නැත. 

අපි හැමෝම මේ ජීවත් වෙන වර්තමාන මොහොත හෙවත් ඒ ක්ෂණය තමයි සත්‍යය වශයෙන්ම පවතින්නෙ. අතීතය, අනාගතය කියන කාල වත් , මම කියලා අපි හදා ගත්තු ප්‍රතිරූපය වත් නෙවෙයි,  මේ මොහොතයි පවතින්නෙ. එතකොට මේ මොහොත කියන එක අකාලිකයි සහ සත්‍යයයි. ඒක නිසා තමයි බොහෝ අවබෝධයට පත් වෙච්ච උතුමන් මේ මොහොතේ ජීවත් වෙන්න කියලා අනික් අයට  දේශනා කරන්නෙ.

අපේ හිත හරියට වාහනේක සයිඩ් කණ්නාඩියක් කියල මොහොතකට හිතුවොත්, දැන් වාහනය ගමන් කරද්දි විවිධාකාර දේවල් පසු කරගෙන යනවා. විවිධ චායාවල් මේ කණ්නාඩියට වැටෙනවා. අර කණ්නාඩියට වැටෙන චායා වල් සියල්ලම මොහොතින් මොහොත මාරු වෙවී යනවා. මොනවහරි හේතුවක් නිසා මේ එක චායාවක් මේ කණ්නාඩිය විසින් අල්ල ගත්තොත් මොකක්ද වෙන්නෙ,  , එහෙම අල්ල ගත්තොත් ඒ කණ්නාඩියෙන් කිසිම පලක් නැති වෙනවා. අපේ හිතත් මේ වගේමයි. සිතුවිල්ලක් අල්ල ගත්තු ගමන් සිතේ නිවීම නැති වෙලා යනවා. සිතට නොයෙකුත් සිතුවිලි එන්න පුලුවන්. ඒක නවත්වන්න බෑ. එකම දේ අර කණ්නාඩියට වැටිච්ච චායාවල් වගේ ඒවා කිසිවක් කණ්නාඩියෙ රැදෙන් නැතුව ගමන් කරනවා නම්, කණ්නාඩිය එලෙසම පවතිනවා. මොන සිතුවිල්ලක් ආවත් අපේ හිත නිශ්චලව පවතිනවා නම් අපිට කිසිම දුකක්, පීඩාවක්, අසහනයක් ඇති වෙන්නෙ නෑ.

හැම මොහොතකම වර්තාමනයේ ජීවත් වෙන සිත බොහොම නිදහස්.

අපේ හිත සන්සුන් වුණාම ඒ දිහා බලාගෙන ඉද්දි අපිට පේනවා , හැම සිතුවිලි දෙකක් අතරම ඉඩක් තියන්වා. මෙන්න මේ අන්තරය හෙවත් අවකාශය ගොඩක් පිවිතුරුයි. ඒත් වචනයෙන් විස්තර කරන්න බෑ. සිතුවිලි වල ඇති වීම සහ නැති වීම පේනවා.

මේ ලෝකෙ සියලු දේම නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන ස්වභාවයක මයි පවතින්නෙ. ඇති වීම නැති වීම කියන දෙකෙන් මිදිනු කිසිම දෙයක් සොබා දහමේ නැහැ. ඇති වෙච්ච හැම දේම නැති වෙලා යනවා. සිතුවිලිත් එහෙමමයි. ඉතින් අපිට කරන්න පුලුවන් එකම දේ මේ ඇති වෙන හා නැති වෙන ස්වරූපය දැකලා අවබෝධ කරගෙන වර්තමානයේ ,මේ මොහොතේ ජීවත් වෙන එකයි.

එතකොට මේ යථා ස්වරූපය සත්‍ය වශයෙන්ම දැකපු කෙනෙක් ඒක දැකලා අවබෝධ කරගෙන මේ මොහොතේ ජීවත් වෙනවා නම් තව දුරටත් ඒ කෙනාට දිග සසරක් නිර්මාණය වෙන්න විදියක් නෑ. මොකද එයා ස්වභාවය දැකලා වර්තමානයේ මේ මොහොතේ පවතිනවා විතරයි.

යම් කිසි දෙයක් සරල වෙන්න සරල වෙන්න අපිට ඇතිවෙනවා ඒක තේරුම් ගැනීමේ නොහැකියාවක්. ඒ නිසා තමයි සරල වූ සත්‍ය වූ ධර්මය මිනිස්සු බොහොම සන්කීර්ණ කරලා පටලවලා තේරුම අරන් තියෙන්න.


2 comments:

  1. මට මේ බ්ලොග් ඇස ගැටුනේ අහම්බෙන්. මම ඉතා උනන්දුවෙන් කියවනවා. මේ සමහරක් දේ මගේ ජීවන රටාවට සහ සිතීමේ රටාවට සමීපයි. ස්තූතියි.

    ReplyDelete
  2. අහම්බෙන් පැමිණියෙමි .ආසාවෙන් කියවමි .

    ReplyDelete


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.