Monday, July 24, 2017

මද්‍යස්ථය ට ආපු කෙනෙක් ට යම් කිසි අන්තයක ඉන්න කෙනෙක් ට වගේ විඳවීමක් නෑ


             

මේ ලෝකෙ අපිට හැම විටම අන්ත දෙකක් පවතිනවා දකින්න පුළුවන්. ඒ කියන්නෙ මේ ද්විත්ව ස්වභාවය. මේ ද්වි ස්වභාවය තුල සැප-දුක, ලාභ-අලාභ, හොඳ-නරක ආදී වශයෙන් හැම දේකම ඒකෙ ප්‍රති විරුද්ධ ස්වභාවයත් එක්ක පවතිනවා. හොඳට බැලුවම පේනවා මේ ද්විත්ව ස්වභාවය ඇතුලෙ එක පැත්තක් අල්ල ගත්තු ගමන් මොකක්ද වෙන්නෙ කියලා. එක පැත්තක් අල්ල ගත්තු ගමන් නිශ්චල බව නැති වෙනවා, සිතුවිලි ගොඩාක් ඇති වෙනවා. ඒ එක්කම අපි තුල ඇති නිදහස, සාමකාමී බව නැති වෙනවා. දුක අල්ල ගත්තත් එකයි-සැප අල්ල ගත්තත් එකයි. දෙකෙන් මොකක් අල්ල ගත්තත් තමන් ඉන්නෙ අන්තයක.  අපි හිතනවා සැප පැත්තෙ හිටියම ඔක්කොම හරි කියලා. හැබැයි ඕනෙම සැපතක් දුකක් බවට පරිවර්තනය වෙන්ඩ ගත වෙන්නෙ ඉතාම සුලු කාලයක්.

අපි මද්‍යස්ථයට එන්න අවශ්‍යයි. මද්‍යස්ථය ට ආපු කෙනෙක් ට යම් කිසි අන්තයක ඉන්න කෙනෙක් ට වගේ විඳවීමක් නෑ. සමහර වෙලාවට අපේ හිත අපිව රවට්ටනවා. එයා කියනවා දැන් ඔක්කොම හරි ඔයා මද්‍යස්ථයේ තමයි ඉන්නෙ කියලා. ඉතින් අපි එහෙම හිතාගෙන ඉන්න ගමන් යම් සිදුවීමක් හෝ බාහිර සාධකයක් නිසා ඔන්න සැලෙනවා, කම්පා වෙනවා, ඇලෙනවා, ගැටෙනවා ආදී වශයෙන් වෙනවා නම් තේරුම් ගන්න තියන දේ තමයි අපි තාවකාලිකව යම් මොහොතකට මද්‍යස්ථයට ඇවිල්ලා. හැබැයි ඒක ස්ථිර වෙලා නෑ. අපිට අන්තයකට යන්නෙ නැතුව ඒ කියන්නෙ මේ ද්විත්ව ස්වභාවයට අහු වෙන්නෙ නැතුව මද්‍යස්ථයේ දිගටම ඉන්ඩ පුලුවන් නම් අපි ඉන්නෙ ඉතාම උසස් තැනක.

 මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් ඇත්තටම දශමෙනුත් දශම ගානකට තමයි  මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නෙ ඕනෙ කියලා අදහසක් වත් ඇති වෙන්නෙ. අනික් අය මේ බණ අහන්නෙ, විවිධ පුද පූජාවන් කරන්නෙ, දන් දෙන්නෙ , සිල් රකින්නෙ අනික් අය කරන නිසා, නැත්නම් පොතක කියෙව්ව නිසා, නැත්තම් කවුරු හරි කියපු නිසා.  ඉතින් කළාතුරකින් කෙනෙක් තමයි මේක අවබෝධයෙන් දැකලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ කියලා ක්‍රියාත්මක වෙන්නෙ. ඒ ක්‍රියාත්මක වෙන අයත් සමහර විටක මේ භෞතික ලෝකෙ දේවල් වලට අහු වෙලා ආයෙ සංසාරෙ පැටලෙනවා. මේකෙන් අයින් වෙන්ඩ නම් අපි අපේ මද්‍යස්ථය සොයා ගත යුතුයි. එතන්ට පැමිණිය යුතුයි. සියලු අන්තයන් අත් හැරිය යුතුයි.

පැත්තක් ගත්තු ගමන් එහෙම නැත්නම් අන්තෙකට ගියපු ගමන් අපි සිතුවිලි වලට නැත්නම් අපේම මනසට අහු වෙනවා. මැද ඉන්නකොට මනසට බෑ අපිට බලපෑම් කරන්න,

මට තේරෙනෙ විදියට අපි හැම කෙනෙක්ම යම් මොහොතක මේ විමුක්තිය හොයනවා.

 කිසිම කිසි දේකින් චලනය නොවන, කිසිම කිසි දේකින් කම්පනය නොවන චිත්ත ස්වභාවයකට පත් වෙන්නයි අපි උත්සාහ දැරිය යුත්තේ. ඒකට සියලු අන්තයන් අත් හරින්න ඕනෙ, නැත්නම් ද්විත්ව ස්වභාවයෙන් මිදිය යුතුයි.

අපි උත්සාහ කරලා හිතේ සිතුවිලි ඇතිවෙන එක වලක්වන්න හැදුවට වැඩක් නෑ. ඒක කරන්නත් බෑ. සිත නිරන්තරයෙන් සිතුවිලි නිෂ්පාදනය කරනවා. අපිට පුලුවන් ඒ දිහා බලන් ඉන්න විතරයි. බලාගෙන ඉන්න කොට අපිට ටික ටික හිතේ ස්වභාවය තේරෙන්න ගන්නවා. එතෙන්ට ආවම අපිට පුලුවන් සිත පැත්තකින් තියලා නිදහසේ ඉන්න.

 අපි පැහැදිලිව අවබෝධ කරගත යුතු දෙයක් තියනවා. ඒක තමයි අපි හැම වෙලේම සියලු දේ දෙස බලන්ඩ ඕනෙ අපි ඉන්න ස්ථානය අනුව. අපි ලඟ නැති දෙයක් තියනවා කියලා හිතාගෙන යම් යම් දේ දිහා බලලා නිගමන වලට ඒම මුලාවක්. උදාහරණයකින් කිව්වොත් අපායෙ ඉන්න එකා මුලින්ම බලන්ඩ ඕනෙ අපායෙන් ගොඩ එන ක්‍රමයක්, ඊට පස්සෙ පුලුවන් දිව්‍ය ලෝකෙ යන්න, නිවන් දකින්න ඕනෙ දෙයක් කරන්න.

අපි මේ නිවන කියලා හොයන්නෙ ඇත්තටම මොකක්ද ?ආත්ම විමුක්තිය නේද..මේ කියන ආත්ම විමුක්තිය තියෙන්නෙන් තමන් ලඟ. තමන්ගෙ නිවන තියෙන්නෙ තමන් තුල.  වෙන කොහෙවත් නෙවෙයි. ඒකයි තමන් දිහා බලන් ඉන්න කියන්නෙ සහ තමන්ව ගවේෂනය කරන්න කියන්නෙ. මේකට ඉතින් පුදුම ඉවසීමක් , ආත්ම විශ්වාසයක් , භය නැති කමත් අවශ්‍යයි. 

සත්‍යයේ පණිවිඩය විවිධ ආකාර වලින් , විවිධ අය හරහා මේ ලෝකයට එනවා. ඒ කොයි විදියට ආවත් සත්‍යය සත්‍යයමයි. සත්‍යය යට ගහන්න , වල දමන්න හදන කොට තව තව උඩට මතු වෙනවා. භෞතික දේවල් වලින් සත්‍යය කියන දේ නැති කරන්න බෑ.

ඇත්ත කියන දේ කවුරු මොන විදියට කිව්වත් හරය එකයි. එකම දේ ...... කියන ආකාරය පමණක් වෙනස්.

තමන් ගැන හරියටම දන්නෙ වෙන කවුරුත් නෙවෙයි තමන්ම තමයි. ඒ නිසා තමන් ගෙ මධ‍යස්ථය හොයා ගන්නත් ඕනෙ තමන් විසින්මයි. ඒ වගේම තමන් මයි තමන් ව නිදහස් කරන්න ඕනෙ. ඒ නිසා එතන්ට පත් වෙන ක්‍රමය  තමන් විසින්ම අවබෝධ කර ගත යුතුයි.

Thursday, July 20, 2017

තමන්ගෙ හදවතට අවංකව ජීවත් වෙන මිනිස්සු ඇත්තෙන්ම නිවන් දකිනවා


                       


මේ ලෝකයේ ජීවත් වන අපි හැම කෙනෙක් ම එක වෙලාවකට මනස කියන විදියටත් එක වෙලාවකට හදවත කියන විදියටත් වැඩ කරනවා. ගොඩක් දුරට මිනිස්සු මනස කියන දේවල් අනුව විතරයි වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ට හදවතක් නැහැ. පුංචි කාලෙ ඉඳන් මනස කියන විදියට වැඩ කරන්න පුරුදු වෙලා. ඒක තමයි හරි ක්‍රමය කියලා මිනිස්සුන්ගෙ ඔළු වලට කාවද්දලා. ඉතින් අපි හැමෝම මුළා වෙලා.

ආදරය, කරුණාව, මයිත්‍රීය, විශ්වාසය, භක්තිය කියන මේ හැම දේම හදවත එක්ක සම්බන්ධයි. මනස සම්බන්ධ උන ගමන් එතන තියෙන්නෙ දුෂ්ඨ, තමන්ට වාසි දායක සිතුවිලි විතරයි. ගොඩක් වෙලාවට හදවත අපිට හරි දේ කියනවා. ඒත් අපේම මනස ඒක අවහිර කරනවා. ඒ විතරක් නෙවෙයි මනස බොහොම කපටි ශූර විවිධ විවිධ විදියට හදවත කියන දේ යට ගහලා මනසට ඕනෙ දේ අපි ලවා ක්‍රියාත්මක කරනවා.

තමන්ගෙ හදවතට අවංකව ජීවත් වෙන මිනිස්සු ඇත්තෙන්ම නිවන් දකිනවා. හදවත ම තමයි නිවනට මාර්ගය. ඒත් අපේ මනස මේකට ඉඩ දෙන්නෙ නෑ. අපිව මේ සංසාරෙ තව තව ඉපදි ඉපදි මැරි මැරි දුක් විඳින්න සලස්වන්නෙත් මේ මනස මයි. හදවතට අවංකව ජීවත් වෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ඒ ගොල්ලො සැනසීමෙන් ජීවත් වෙනවා. මනසට අහුවෙච්ච අපි මනස කියන කියන දේ කර කර දුක් විඳිනවා.

හදවතට අවංකව ජීවත් වෙන්ඩ නම් බය කියන දේ නැති විය යුතුයි. බය කියන්නෙ මෙතන්දි තමන් කොහොමද පවතින්නෙ කියන එකට තියන බය.
තමන් කොහොමද ජීවත් වෙන්නෙ කියන එකට තියන බය. ඇයි මිනිස්සු හොරකම් කරන්නෙ, බොරු කියන්නෙ තමන්ට යම් වාසියක් ලබා ගන්න. මොනාහරි ලාභ ප්‍රයෝජනයකට. ඒවා කරන්නෙ මනසින්. හදවතත් එක්ක ජීවත් වෙන මනුස්සයට කිසිම අවැඩක් කරන්න බෑ. මොකද හදවත් ගොඩක් පිරිසිදුයි.
 
අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි මොන තරම් අලාබයක් සිද්ද උනත් තමන්ගෙ හදවතට එකඟව ජීවත් වෙන්ඩ . විවිධ වාසි, පහසුකම්, සල්ලි වෙනුවෙන් තමන්ගෙ නිකැළල් ආත්මය විකුණන්ඩ හොඳ නෑ. එහෙම උනොත් හෘද ශාක්ෂිය නිතරම වද දෙනවා. යම් කිසි කාලයක් ඉතින් මනස කියන කියන දේ අහ අහ ඒ විදියට වාසි ලාභ ප්‍රයෝජන අත් විඳිමින්  යන්ඩ පුලුවන්. අවසන් විනිශ්චයේදි පුදුම අසරණ වීමක් තමයි සිද්ද වෙන්නෙ.
මේ ලෝකෙ කෝටි ප්‍රකෝටි ගානක් මිනිස්සු තමන්ගෙ ආත්මය විකුණගෙන කාලා ජීවත් වෙනවා. හදවත ට එකඟ නැති දේ කරනවා විවිධාකාර වාසි වෙනුවෙන්. ඒ වගේම දැන් ඉන්න දෙමවුපියොත් තමන්ගෙම ළමයින්ට එයාලගෙ හදවතට එකඟව ජීවත් වෙන්ඩ ඉඩ නොදී විවිධ ලාභ ප්‍රයෝජන, නම්බුව වෙනුවෙන් ඒ ළමයින්ගෙ හදවතට එකඟ නොවන දේ සිදු කරවනවා. 

අපිට මේ ගමන යන්න දැඩි ආත්ම විශ්වාසයක්, භය නැති කමක් අවශ්‍යයි. එතන්ට එන්ඩ අපිට එක පාරටම බෑ. අපි මනස කියන දේ අහන් නැතුව ඒ අනුව ක්‍රියා නොකර හදවතට එකඟව ජීවත් වෙන්ඩ පුරුදු කරන්න ඕනෙ.

ජීවිතේ ගන්න හැම තීරනයක්ම හදවතට එකඟව ගන්නව නම් තියන හැම පියවරක්ම හදවතට එකඟව තියනවා නම් ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ කිසිම පසු තැවීමකින්, පිච්චීමකින් තොරවයි. අන්න එතන්ට යි අපි පත් වෙන්ඩ ඕනෙ.

අපිට මේ සත්‍යය කොච්චර තේරුනත් අපි ගොඩක් වෙලාවට හදවත අතෑරලා මනසට මුල් තැනමයි දෙන්නෙ. මේ ලෝකෙ සියලු මිනිස්සු තම තමන්ගෙ හදවතට අවංකව ජීවත් වෙනවා නම් කොයිතරම් සුන්දරද?  මමත් ඔබත් අපි හැමෝමත් හදවත කියන දේට සවන් දීලා ඒ අනුව ජීවත් වෙන තැනට පත් වෙන්න ඕනෙ.

Friday, June 30, 2017

Pure awareness - utter beautiful silence and peace



We all need to realize that if a person can continue to be with pure awareness, he or she is at a continuous bliss and peace. Awareness is not concentration. We need to understand this clearly. concentration means you focus on to something. But awareness means you just be. That's all.

For a moment feel the breeze that is passing you and the sound of the rain outside. Don't listen to anything but hear. Don't look at but see .It means you open up your whole heart. You feel the Buddha nature. 

Pure awareness is silence, utter beautiful silence and the peace. You do not analyze, judge or separate. You will feel everything is in you and you are in everything. There is no mind. Mind has stopped. 

This could also happen in another way. Our five senses connects us with the outer world. Imagine you are seeing the most beautiful thing you ever want to see and you hear the maximum melodious tone you want to hear, you feel the most soothing touch you ever wanted , you feel your most favourite fragrance and you taste the most delicious taste. In this kind of a moment all your five senses (eye, ear, nose, tongue, body) all are fulfilled, at the maximum contentment. This is another moment that your mind completely stop. Because the mind cannot analyse anything. The experience is beyond mind and sacred. You become one with everything. This is another possibility a human can experience.

Our problem is that we are unable to be in the state connected with pure awareness due to our our mind interrupts. But we can practice this little by little. Just be where we are. Feeling that moment. No past, no future, no separation, no judgement and just here and now.
That is the way. Where we connect to the Buddha nature.

Friday, June 23, 2017

තමන්ම ඇඳපු , පාට කරපු, හැඩ දාපු චිත්‍ර නිසා අහිමි වන නිවීම - සැනසීම




මේ ලෝකෙ ජීවත් වෙන අපි හැමෝම වගේ ගූගල් පාවිච්චි කරනවා, ඒ හරහා විවිධ දේ ගැන හොයනවා. කරුණු එකතු කරගන්නවා, දැනුම වැඩි කරගෙන මතකයට ගන්නවා.  මේ ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ නැති කෙනෙක් හොයා ගන්න වත් නෑ. මේකෙ විශේෂත්වය තමයි අපි හොයන ඕනෙ දෙයක් ගැන විස්තර මේ ඉන්ටනෙට් එකේ තියනවා. ඉතින් අපි ඒවා ඩවුන්ලෝඩ් කරනවා. කම්පියුටර් එකක් තියනවා නම් , කරන්ට් එකට සම්බන්ධ කරලා නම් ඒකෙ ඉන්ටෙර්නෙට් එකට කනෙක්ට් වෙන සිග්නල් තියනවා නම් අපිට ඕනෙ වෙලාවක ඉන්ටෙර්නෙට් ගිහින් විවිධ දේවල් බලන්න පුලුවන්. 

විශ්වයත් හරියට ඉන්ටනෙට් එක වගේ. මේ විශ්වය තුල අපිට අවශ්‍ය ඕනෙ දෙයක් තියනවා. ඕනෙ වෙලාවට ඕනෙ දෙයක් ලබා ගන්න පුලුවන්.  

අපි හරියට චිත්‍ර ශිල්පියො වගේ , අපි විශ්වයේ තියන එක එක පාට , පැන්සල් , හැඩතල භාවිතා කරලා එක එක චිත්‍ර අඳිනවා. තමන් ඇඳපු චිත්‍රය වෙන මොකක්වත් නෙවෙයි තමන්ගෙම ජීවිතය. 

මිනිස්සු මොකද කරන්නෙ..... මේ මායා ලෝකේ ඇතුලෙ ඔන්න ගෙයක් හදනවා. ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය අකාරයට ගේ නැමති චිත්‍රය අඳිනවා. ඇඳලා නිකන් ඉන්නෙ නෑ. මේකට බැඳෙනවා. වාහනයක් ගන්නවා. ඒකත් අර තමන් හිතලා තමන්ට අවශ්‍ය විදියට වාහන චිත්‍රෙ පාට කරලා හැඩ කරලා ඒක තමන් සතු කර ගන්නවා. ඊට පස්සෙ දැන් වාහනේට බැඳෙනවා. ටිකක් කල් යද්දි තව මොකක් හරි ....තමන්ට ඕනෙ රක්ෂාවකට යනවා. ඒකට ගිහින් එතන බැඳෙනවා. ඔය විදියට මිනිස්සු තමන්ම අඳින තමන්ම පාට කරන විවිධ චිත්‍ර වලට බැඳෙනවා. මොකක්ද මේ බැඳීමත් එක්ක වෙන්නෙ? තමන්ගෙ සැහැල්ලු බව නැති වෙනවා. දැන් ඔලුවට හරි බරයි. හැම වෙලේම බර උස්සගෙන ඇවිදිනවා. ඉතින් කොයින්ද නිවීමක්, නිදහසක් හෝ සැනසීමක්?

අපි හිතන පතන හැම දේටම , අපි කරන ක්‍රියා හැම දේටම අපිට ප්‍රතිඵලයක් තියනවා. ඉතින් අපි මේ විශ්වය හරහා ඩවුන්ලෝඩ් කරන හැම දේකටම සාපේක්ෂව අවුට්පුට් එකක් නිර්මාණය වෙනවා.

බුදුන් වහන්සේ දේශනා කරපු විදියට චේතනාවමයි කර්මය වෙන්නෙ. ඒ නිසා අපේ චේතනාව අනුව කර්මය සිද්ද වෙනවා.

මේ මායා ලෝකෙ, එහෙමත් නැත්නම් බොරුවක් ඇත්ත විදියට පේන මේ ලෝකෙ අපි මොන වගේ දේවල් අපිට අවශ්‍ය ආකාරයට නිර්මාණය කර ගත්තත් කමක් නෑ එ දෙවල් වලට බැඳෙන්නෙ නැතුව. එහෙම නැත්නම් දේවල් එක්ක ගැටෙන්නෙ නැතුව.

අපි කාලෙන් කාලෙට විවිධ චිත්‍ර ඇඳ ඇඳ ඒවා අපේ කියලා හිතාගෙන මනසින් බැඳිලා  ජීවිත කාලයක් නිවීම සැනසීම අහිමි කරන් ජීවත් වෙලා මැරිලා යනවා.

නුවණින් විමසලා බැලුවොත් තේරෙනවා නිරන්තරයෙන් චලනය වෙන ලෝකයක, ඒ කියන්නෙ ඇසි පිය ගහන ක්ෂණයකින් වෙනස් වෙන ලෝකෙක අපිට මේකෙ බැඳෙන්න වත් ගැටෙන්නවත් දෙයක් නැති බව. ඒත් අපේ මේ මනස අපිව මුලා කරනවා. මනසට ඕනෙ අපිව මේකෙ දිගටම තියා ගන්න. ඒ නිසා මනස නිරතුරුවම අපිව බැඳීම් හෝ ගැටීම් වල හිර කරනවා. අවබෝධයෙන් නොදැක්කොත් අපි පත්වෙන්නෙ දුකට. ඒ නිසා සියලු දේවල යථා ස්වභාවය දකින්න තරම් නුවණක් ඇති කර ගන්න අවශ්‍යයයි.


සත්‍යයේ මාර්ගය සාමන්‍ය භෞතික ලෝකෙයේ පවතින ස්වභාවයට ප්‍රතිවිරුද්ධයි




මිනිස්සු වෙන අපිට ජීවත් වීමට විවිධ අරමුණු තියනවා. එක එක්කෙනා තම තමන්ගේ ජීවිත වල විවිධ අරමුණු ඇති කරගෙන ඒවා කරා ගමන් කරන එකයි කරන්නෙ. ඉතින් ගොඩක් මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකන් හිතින් සැලසුම් කරනවා. කවදාවත් සීයට සීයක් සැලසුම් කරපු විදියට කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. එහෙම නොවුනත් මිනිස්සු මේ මනසින් සැලසුම් හද හදා විවිධ අරමුණු කරා යන එක නවත්තන්නෙත් නෑ. මේක තමයි මනුස්ස ලෝකෙ හැම තැනකම වෙන්නෙ.

සමහර අය ජීවිතේ හොඳට උපරිමේටම විඳිනවා. උපරිම සැප , මිල, මුදල්, යාන වාහන, දේපල, ව්‍යාපාර, කීර්තිය, බලය ආදී වශයෙන් විඳිනවා. මෙහෙම විඳින ගමන් මෙයාල ට තේරෙනවා මේ දේවලින් එහා ගිය දෙයක් ඇති කියලා. එතන්දි සත්‍යය හොයන්න පටන් ගන්නවා. ධර්මය පැත්තට නැඹුරු වෙනවා. එතකොට තව කට්ටියක් ඉන්නවා ඉපදුන දවසෙ ඉඳන් කන්න බොන්න වත් නැතුව කිසිම සැපතක් නැතුව දුකම විඳිනවා. මේ අයත් මේ දුක් වලින් නිදහස් වෙන්න ධර්මය පැත්තට නැඹුරු වෙනවා. තවත් කොටසක් හැමදේම මධ්‍යස්ථ විදියට ලැබිලා සැප දුක දෙකම ජීවිතේ විඳලා යතාර්ථය නුවණින් දැකලා සත්‍යය ධර්මය පැත්තට නැඹුරු වෙනවා. මේ ධර්මය පැත්තට සත්‍යය පැත්තට නැඹුරු වෙන හැම කෙනෙක්ම නිවන ම හොයන්නෙ නෑ. සමහරුන්ට දිව්‍ය ලෝකෙ යන්න, එතකොට ඊලඟ භවය මීට වඩා යහපත් වෙන්න ආදී වශයෙන් එක එක හේතු නිසා ධර්මය පැත්තට තම තමන් යොමු වෙනවා. සමහර අය ආදරය කරන්න ගිහින් ඒකෙ ඇති වෙන දුකත් එක්ක සැනසීමක් ලබන්න ධර්මය පස්සෙන් එනවා. ඇත්තට සත්‍ය ධර්මය කියන්නෙ ආගමක් නෙවෙයි, සියලු දේවල් වල යථා ස්වභාවය හෙවත් ඇත්ත ට තමයි ධර්මය කියන්නෙ. සමහර මිනිස්සු ධර්මය ගැන මේ ලෝකෙ උවමනාවක් නැතුව ජීවිතේ එකපාර මුහුණ දෙන අත්දැකීමකින් ආධ්‍යාත්මය දෙසට යොමු වෙනවා.

ඉතින් තමන් ට මොකක්ද ඇත්තටම ඕනෙ නිවන් දකින්නද නැත්නම් වෙන දෙයක්ද ආදී වශයෙන් තමන් ගැන හරියටම සීයට සීයක් අවංකව දන්න එකම කෙනා තමන්මයි. වෙන කවුරුත් දන්නෙ නෑ.  එතකොට මේ භෞතික ලෝකෙ දියුණුව පතාගෙන ආධ්‍යාත්මික මාර්ගයකට එන කෙනෙක් ට කවදාවත් ඒ ගමන යන්න බෑ.  නමුත් භෞතික ලෝකෙ මේ තියන දේවල් කරගෙන ඉන්න ගමන් බණ අහලා, භාවනා කරලා, දන් දීලා, යහපත් ව ජීවත් වෙන්න කෙනෙක්ට පුලුවන්.

සත්‍යයේ මාර්ගය හැම විටම සාමන්‍ය ලෝකෙයේ පවතින ස්වභාවයට ප්‍රතිවිරුද්ධයි. මොකද මේ භෞතික ලෝකෙ අපි යමක් ගැන දැන ගෙන, කරුණු එක් රැස් කරල, අධ්‍යනය කරලා ආදී වශයෙන් අන්තිමට අත්දකින්න හදනවා. හැබැයි ආධ්‍යාත්මික මාර්ගයක ඒක වෙන්නෙ ප්‍රතිවිරුද්ධ පැත්තට. යමක් අත්දැක්කට පස්සෙ තමයි අපි දැන ගන්නෙ ඒ ගැන.

Friday, June 16, 2017

Truth is your own experience


This world is a maya, which means a dream. We all of us are born alone with absolutely nothing and we will be departing at death also with nothing. So the in between time period of birth and death is called life. And we people are so serious about this dream of life. We think this dream is true and permanent.

Unless someone completely liberates, his or her death in this life is temporary. After death we arrive somewhere else as a new being in different form.  

Most of us are seeking knowledge, which means we are looking to borrow the ideas of others. Knowledge that we gather is something what has been told by somebody. But the experience is different. The real thing is what we truly experience. 

About the Nirwana we people know a lot. How do we know is we know it by gathering the knowledge from the things what others told us etc. Our minds also add so much in to this. So does the word "Nirwana" carry it's real experience or true meaning? no. 

Experience is the real truth.  What we think is false.

The moment mind stops we connect to such a beautiful place with silence. Very peaceful. The same thing happens when we look deeper within and look for this "I". Where is "I" ? Can you find, where to find. This takes us very very deep. You only find the beautiful silence there.

The more we see the truth in this world and the reality within life, we need to become more compassionate and gentle. 

Because when you see that people, due to the reason they have not realized this world is a maya, they think it is true and trying so many ways to maintain permanence as well as they are seeking happiness from one after the other etc. Huge percentage of people are on  a unsatisfied journey continuously running. Even if someone point the finger and show them truth, they do not want to believe. Because the "lie" has gone in to them as a truth. They only know about it.   So once we start seeing reality our hearts need more compassion.

The moment we experience something and realize it..... then it is within us. Realizing the truth, coming to the center, going beyond the mind all these are experiences which we humans can get. You can never get the real experience only by knowing it. 

 Example is we can say many things about meditation with our knowledge, this that and other thing. But when truly experience meditation then only you realize it. There is no way realization happen with knowledge. All concepts, ideas has to be dropped.

Thursday, June 8, 2017

ඇත්ත ඇති සැටියෙන්ම දැක අවබෝධ කර ගැනීම



සත්‍යය නම් කොයි පැත්තකින් බැලුවත්, මොන කෝණයකින් බැලුවත් සත්‍යයම විය යුතුයි. සත්‍යය කියන දේ එක එක පැති වලට හරවලා , විවිධ විදියට බැලුවත් එකක්ම විය යුතුයි.   බුදු රජාණන් වහන්සේ දේශනා කළේ උන් වහන්සේ කියන දේ පවා නුවණින් විමසා බලා පිලිගන්න කියලා. සත්‍යාවබෝධය කියන්නෙ මේ තියන දේවල ඇත්ත ඇති සැටියෙන්ම දැක අවබෝධ කර ගැනීමයි.

අපි ජීවත් වෙන්නෙ සාපේක්ෂක ගොඩක් එක්ක. කොටින්ම කිව්වොත් සාපේක්ෂ ලෝකයක් තුල  තමයි අපි හැමෝම ජීවත් වෙන්නෙ. සාපේක්ෂව හිතන තාක් ම අපිට නිවනක් නෑ. සාපේක්ෂකත්වයෙන් මිදුන තැන නිවීම පවතිනවා.

අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නෙ තමන්ට වාසි සහගත වෙන විදියට. ඒ කියන්නෙ අපි ගොඩක් වෙලාවට තමන්ට වාසි වෙන විදියට ක්‍රියාත්මක වෙනවා. ගොඩක් විට අපි මට මොනවද මේ මිනිස්සු වෙනුවෙන් දෙන්න පුලුවන් කියන දෙයට වඩා හිතන්නෙ මට මොනවද මේ මිනිස්සුන්ගෙන් ගන්න පුලුවන් කියලා. දීමට වඩා ගැනීම පැත්තටයි මිනිස්සු යොමු වෙලා ඉන්නෙ. සැබෑ මයිත්‍රීය තුල තියෙන්නෙ දීමක් ම විතරයි. ගැනීමක් ගැන සිතුවිලි මාත්‍රයක් හෝ බලාපොරොත්තුවක් සැබෑ මයිත්‍රීය තුල නෑ. මිනිස්සු දානෙ දෙනවා. දානෙ දීලා ඇවිත් මම මෙහෙම දුන්නා කියලා පුරසාරම් කියනවා, ඒ මදිවට අඩුම තරමෙ පින් හරි බලාපොරොත්තු වෙනවා. දන් දීම ඉතා හොඳ ක්‍රියාවක් . නමුත් සැබෑම දානය කියන්නෙ කිසිම බලාපොරොත්තුවකින් තොරව දීමක්. මයිත්‍රීය තුල කිසිම බලාපොරොත්තුවක් නෑ.

සත්‍යාවබෝධයට පත් වෙච්ච උතුමන් බොහොම මයිත්‍රී සහගතයි. ඇත්තටම සත්‍යය අවබෝධ වෙච්ච කෙනෙක් ඒ තමන්ට අවබෝධ උන පරම නිර්මල සත්‍යය අනික් අයට අවබෝධ කරලා දෙන්න හදනවා. එහෙම කරන්නෙ කිසිම බලාපොරොත්තුවකින් තොරව සැබෑම මයිත්‍රීයකින්. 

මයිත්‍රීය කියන්නෙ ආදරයට ත් වඩා එහාට ගියපු උත්තරීතර දෙයක්.කෙනෙක් තුල සැබෑ මයිත්‍රීයක් ඇති වෙන්නෙ අවබෝධය තුලින්මයි. 

මෙතන තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි, ඇත්ත ඇති සැටියෙන් දැකලා අවබෝධයෙන් පැවැත්මයි.

අපි තුල බොහෝ ද්‍රට ක්‍රියාත්මක වෙන්නෙ සංසාර පුරුදු. සසර පුරුදු කියන ඒවා මේ මහ දිගම දිග සංසාර ගමනක  එකතුවකින් නිර්මාණය වූ දේවල්. නමුත් අපිට යම් අයහපත් පුරුද්දක් යහපත් පුරුද්දකින් වෙනස් කර ගන්ඩ පුලුවන්. ඒක මෙහෙමයි. අපි හැමදාම උදේ නැගිට්ටම දත් මදිනවා, ඒක පුරුද්දක්.ඒතකොට අපි තුන් වේලක් කෑම කනවා. ඒකත් පුරුද්දක්. ඒ වගේම ඇයි අපිට බැරි හැමදාම ටික වෙලාවක් භාවනා කරන්න එහෙම නැත්නම් යෝගා කරන්න. යම් කිසි කාලයක් අපි මේ භාවනා කිරීම එක දිගට කිරීම ඉතාමත් අවශ්‍යයි.

බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන මනුස්සයා නිතරම ඉන්නෙ සතුටෙන්. හෙටක් ගැන බලාපොරොත්තුවක් නැති මනුස්සයා ජීවත් වෙන්නෙ සැහැල්ලුවෙන්. කාගෙන්වත් මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නැතුව තියන දෙයක් බෙදා හදාගෙන ඉන්න මනුස්සයා තෘප්තිමත්.

නිවීම කියන දේ අපි තුළම තියන දෙයක්. අපේ ඔලු වලට පුංචි කාලෙ ඉඳන් දාපු සංකල්ප, මති මතාන්තර වලින් සහ "මම" කියලා හදා ගත්තු බොරුවකින් නිවන ආවරණය වෙලා. අපේ මනසේ ඇති සියලු සංකල්ප අයින් වෙලා, "මම" කියන දේ දිය වෙලා නැති වුන මොහොතක අපිට සම්පූර්ණ සත්‍යය අවබෝධ විය යුතුයි.

Wednesday, June 7, 2017

මිනිසා සහ ගැහැණිය



අපි සියල්ලෝම මිනිසුන් උවත්, ගැහැණු පිරිමි ලෙස වර්ග දෙකක් ලෝකෙ පවතිනවා. මේකත් ද්විත්වත්වයේම කොටසක්.   

මේ ගැහැණිය, පිරිමියා වශයෙන් හඳුනා ගැනීම මූලිකවම සිද්ද වෙලා තියෙනෙන් ලිංගිකත්වය මුල් කරගෙන. ඇත්ත ඇති සැටියෙන් දකින මනුස්සයෙකුට පේනවා මිනිස්සු ගෑණු නිසා මොනතරම් දුකක් විඳිනවද? අනික් පැත්තට ගෑණු මිනිස්සු නිසා මොනතරම් නම් දුකක් විඳිනවද? මොකක්ද මේ දුකට හේතුව? තමන්ගේ කියා අල්ලා ගැනීම, තමන්ගේ නම් තමන්ට අවශ්‍ය විදියට සිටිය යුතුයි කියලා හිතාගෙන සිටීම.

 බොහෝ පිරිමින් තමාගේ යයි , තමන්ට අයිති යයි මනසින් හදාගත් ගැහැනියක් ආරක්ශා කිරීමට ජීවිත කාලයක් වෙහෙස වෙන අතර... ගැහැනුන් තමන්ට අයිති යැයි සිතා ගත් පිරිමියෙකු ආරක්ශා කිරීමට මුලු ජීවිත කාලයක් වැය කරයි.

ඇත්තම කතාව නම් කිසි කෙනෙක් , කිසි කෙනෙක්ට අයිති නැහැ. ඒක සමාජ සම්මතය විසින් ගොඩ නගපු සංකල්පයක් ම විතරයි.

 දැන් නුවණින් බලන්න සසර යම් පමණකට අවබෝධ කරගත්තු කෙනෙක්ට තේරෙනවා මේ භවයේ අපේ අම්මා ගිය භවයේ මගේ දරුවෙක් වෙන්ඩ පුලුවන්. අපේ තාත්තා සමහර විට ගිය භවයේ මගේ ස්වාමි පුරුෂයා වෙන්ඩ පුලුවන්. මේ භවයේ මගේ ස්වාමිපුරුෂයා ගිය භවයේ මගේ සීයා වෙන්ඩ පුලුවන්.බිරිඳ ආච්චි වෙන්න පුලුවන්. මෙහෙම දැක්කහම තේරෙනවා මේකෙ බැඳීම් හදාගෙන අල්ල ගන්න කෙනෙක් වත් දෙයක් වත් නැති බව.

අපිට කවදාවත් තව කෙනෙක් තමන්ගේ කියලා අල්ල ගන්න බෑ. ඇත්තටම ඒක මහා විහිලුවක්. මේක උදාහරණයකින් ගැහැණිය සහ පිරිමියා ඔස්සේ පැහැදිලි කලොත්. ගැහැණිය ගරාජ් එකක් කියලා මොහොතකට හිතන්න. පිරිමියා වාහනයක් කියලා හිතන්න. දැන් මොනවද මේ ගෑණු මිනිස්සු කරන්නෙ... තමන්ගෙ ගරාජ් එකේ වෙන වාහන පාක් කරයි කියලා බයේ ඒක ආරක්ෂා කරන්න අසීමන්තිකව දඟලන මිනිස්සු පිරිසකුයි, තමගෙ වාහනේ වෙන ගරාජ් එකක පාක් කරයි කියලා හිතන ගෑණු ටිකකුයි නේද අපිට දකින්න ලැබෙන්නෙ? 

වෙන වචන වලින් කිව්වොත් තමන්ගෙ මිනිහා  වෙන ගෑනු කෙනෙක් එක්ක යයි, තමන්ගේ ගැහැණිය වෙන පිරිමි කෙනෙක් එක්ක යයි කියලා බයේ ඒක එහෙම නොකර ගන්න දැඩි වෙහෙසක් දරනවා. ඇත්ත කතාව නම් යන කෙනා කොහොමත් යනවා.  යන්නෙ නැති කෙනා කොහොමත් යන්නෙ නෑ. මිනිස්සු මේවා ඇත්ත උනත් පිලිගන්න කැමති නෑ.

මිනිස්සු පිලිගන්න අකැමති තිත්ත ඇත්ත මේකයි.

මේ ඉන්න ගෑණු , මිනිස්සු ඔක්කොම බොරුවක් තුල , බොරු කර කර ජීවත් වෙනවා.

තමන්ගේ පැවැත්ම තමන් ට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට සියලු ගැහැනුන්ට මිනිසුන්ට නිදහසක් තියනවා.  අපි පුළුවන් තරම් මයිත්‍රී සහගත විය යුතුයි. 

මමත්වය මූලික කරගෙන මගේ කියා අල්ල නොගත යුතුයි. අල්ලා ගැනීමත් සමගම මොකක්ද නිර්මාණය වෙන්නෙ. සසර.

අපි හැම කෙනෙක්ම අප්‍රමාදීව සත්‍යය අවබෝධ කර ගත යුතුයි.

සත්‍යය නම් අපි කොයිතරම් ආකර්ෂණය වෙලා මගෙ කියලා අල්ලන් ඉන්න ගෑනියෙක් උනත් එයාගෙ මතුපිට හම නිසා තමයි ලස්සනට පේන්නෙ. හම අයින් කරොත් බුදුන් වහන්සේ කියන විදියට අපිට කෝටුවක් අරන් බලු, කපුටන් එලවන්න සිදුවෙනවා. භෞතික ශරීරයේ යථා ස්වරූපය ඒකයි. මගේ කියලා අල්ලගෙන රාගයෙන් මත් වෙලා ඉන්න පිරිමියෙක් දිහා බලන්න. ඒත් ආකර්ෂණය ඇති වෙලා තියෙන්නෙ මේ මතුපිට සමකින් වැහිලා ගිය මස් සහ ඇටකටු ගොඩකට.

අපි ජීවිතයේ මොනතරම් දේවල් වින්දත් ගැටලුවක් නැහැ, යථා ස්වරූපය දැකලා. එහෙම දැකපු කෙනෙක් කිසිවක් අල්ල ගන්නෙ නෑ.

යථා ස්වරූපය අවබෝධ කර ගත්තු ශ්‍රේෂ්ඨ උතුමන්ට පුලුවන් තමන් ඉදිරියට එන ගැහැණියකගෙ ලස්සන දකින්න. ඒ වගේම ඒ ගැහැනිය ඇටකටු ගොඩක් වහලා තියන මස් ගොඩක් විදියටත් දකින්න පවා පුලුවන්. එතකොට ඇලීමක් , මගේ, තමන්ගේ යැයි සිතුවිලි ඇති වන්නේ නෑ.

මේ ලෝකය තනිකරම මායවක්. ඇත්ත වහලා බොරුවක් ඇත්ත කියලා සමාජගත කරලා පෙන්වන  මහා අමූලික බොරුවක්.

මේක නුවණින් දැකලා අවබෝධ කරගත්ත කෙනෙක්ට ගැහැනු පිරිමි බව වත්, එහෙම නැත්තම් අයිතියක්, මගේ, මම කියලා දෙයක් නෑ. එතකොට එයා අනික් අයගේ සැපත තමන්ගේ සැපත හා සමානව දැකලා බොහොම කාරුණික , මයිත්‍රී සහගතව පවතිනවා.... එච්චරයි.

මේ ලෝකෙ මිනිහෙක් හරි ගැහැණියෙක් හරි අහු වෙන්න පුලුවන් ලොකුම තැන හෙවත් ගැටේ තමයි තව ගෑනියෙක්ට හරි මිනිහෙක්ට හරි. ඒ ප්‍රතිවිරුද්ධ ස්වභාවය නිසා.

 නමුත් මේ ලෝකෙ මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ගෙ හදවත් සැබෑ ආදරෙන් පිරිලා, එයාලා කවදාවත් තමන්ට සැපතක් ගන්න තව කෙනෙක් ඇසුරු කරන්නෙ නෑ. අනික් කෙනාට සැපතක් සතුටක් ලබා දෙන්නයි ඇසුරු කරන්නෙ. තමන්ගේ යයි අල්ලා ගැනීමක් නැහැ. නමුත් අනෙකා කෙරෙහි ආදරය සහ මයිත්‍රීය උපරිමයි. මේ වගේ ගැහැණු සහ පිරිමි දෙවර්ගයම ඉන්නවා. ඒ වගේම ලෝකයේ යථා ස්වභාවය නුවණින් දැකලා අවබෝධ කරගෙන එයාල මේ ලෝකෙ තුල පවතිනවා. මෙන්න මේ වගේ පිරිමියෙක් සහ ගැහැනියෙක් යම් මොහොතක එකතු වුනොත් එතනදි විශාල යහපත් ශක්තියක් මුදා හැරෙනවා. ලෝකය සමනය වෙනවා. ඒක පූජනීය අත්දැකීමක් වෙනවා.

නමුත් මේවා උනත් මේ මායා ලෝකය තුල යම් යම් පාරමිතා පුරපු අය අත් විඳින දේවල් පමණයි. 

අපිට මේ සාපේක්ෂ ලෝකෙ බොරුව දැකලා මේකෙ තියන කිසි දේකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව පවතින්න පුලුවන් නම් මමත්වය ටික ටික දිය වෙලා යනවා.

අපි ඇත්ත ඇති සැටියෙන් දැකීමට තරම් ඉවසිලිවන්ත විය යුතුයි.කාරුණික සහ මයිත්‍රී සහගත විය යුතුයි. මිනිස්සුන්ට ඇත්ත කිව්වම පිලිගන්න කැමති නෑ. මොකද "මම" කියන කෙනාට පහරක් වදින නිසා. හැමෝම කියනවා "මම" එහෙම නෑ කියලා. 

ඒ නිසා අතිශය අවංකව ,
නිහතමානීව ,තමන් දිහා බලන්න. එතකොට න්ට සත්‍යය පේන්න පටන් ගන්නවා .

Saturday, June 3, 2017

"මම" කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද?



මේ ලොව බොහෝ මිනිසුන් ජීවත් වෙනවා යනුවෙන් කරන එකම දේ "මම" යන්න පෝෂණය කිරීමයි. "මම" මෙහෙමයි, "මම" ඉන්නෙ මෙන්න මේ තත්වයේ, මම කන්නෙ බොන්නෙ මේවා, මගේ සමාජ තත්වය මේක, මම දිනෙන් දින දියුණු වෙනවා. මට මෙච්චර ධනය තියනවා. මට මෙච්චර දේපළ සහ පිරිවර තියනවා. මට මෙන්න මේ මේ දේවල් කරන්න පුලුවන්. මගේ තැන රැක ගන්න මන් මෙන්න මේ දෙවල් කරන්න ඕනෙ. අනික් මිනිස්සු මට මෙහෙම කරන්න ඉඩ තියනවා. "මම "ගැන මෙහෙම හිතයි. "මම" ආරක්ෂා කරගන්න මේ මේ ක්‍රියා මාර්ග ගන්න වෙනවා ආදී වශයෙන්... මිනිසුන් නිතරම ජීවත් වෙන්නෙ මේ "මම" කියන සංකල්පය මුල් කර ගනිමින්. "මම" රැකුනම ඇති. මට, මම, මගේ ආදී වශයෙන් "මම" කියන දේ කොයිතරම් අපේ තුළට කිඳා බැස ඇත්ද?

තව කෙනෙක් අපි ගැන හොඳක් කිව්වොත් ප්‍රශංසා කළොත් "මම" පිම්බෙයි. මට කවුරුහරි නින්දා කළොත් "මම" හැකිළෙයි. "මම" නිතරම බලාපොරොත්තු වෙන්නෙ "මම" ඉහළ නංවා ගැනීමටයි. "මම" යන්න මූලික කරගෙන මොනතරම් දේවල් නම් සිදුවේද?

මේ ආදී වශයෙන් "මම" එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට නිවන බොහෝ දුරයි. මේ "මමත්වය" නිසා මිනිස්සු තුළින් බොහෝ දුරට යහපතට වඩා සිදුවන්නේ අයහපතකි. "මම" රැක ගන්න මිනිස්සු මොනතරම් දේ කරනවාද?

අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය ඇත්තටම "මම" කියා කෙනෙක් සිටීද යන්නයි. මේ "මම" කියන කෙනාට අර්ථ දැක්වීමක් නැත්නම් කොහොමද මේ "මම" මාව හඳුන්වන්නෙ මා සතු දේවල් වලින්ද?නැත්නම් මගේ තත්වය, මගේ රක්ෂාව, මගේ නෑදෑයො, මගේ  සමාජ තත්වය මගේ අරක මේක ආදී වශයෙන්ද? එතකොට මම කියන්නෙ මේ දේවල් වලින් කවරක්ද?

ගැඹුරට කල්පනා කරද්දි මම කියන්නෙ නිකන්ම නිකන් හිස් සංකල්පයක් බව අවබෝධ වේ.

නිතරම ආරක්ෂා කරන්න හදන "මම" , මට මේව නැති උනොත්, මට මෙහෙම උනොත් හරම උනොත්, "මම" කොහොමද , "මම" "මම" "මම" - මිනිස්සු හිතන්නේම "මම" ගැන.

බොහෝ අය මම කියලා හඳුන ගෙන ඉන්නෙ තමන්ගෙ හිත. ඉතින් මාව සනසන්න කියලා හිතාගෙන හිත කියන කියන දේ කරගෙන ජීවත් වෙනවා. කොයිතරම් සංකීර්ණද? තව කට්ටියක් භෞතික ශරීරය "මම" කියලා හිතාගෙන ශරීරයට අධික සැප බලාපොරොත්තුවෙන් නොයෙකුත් දේ කරනවා. ඇත්තටම "මම" කියන්නෙ මේ ශරීරයද? මනසද? දෙකම නෙවෙයිද? දෙකමද? "මම" කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද?

මට රූපයක් තියනවා. මට නමක් තියනවා. රූපය අනුව මාව හඳුන්වනවා. එතකොට "මම" ඉන්නෙ තමන්ව හඳුන්වා දීමට මිසක් හිතට ඕනෙ ඕනෙ විදියට පෝෂණය කිරීමටද?

තමන් තමන් ගැනම ආත්ම පර්යේෂණයක යෙදීමෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. ලෝකෙ වැඩිපුර මිනිස්සු අනුන් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අපිට පුලුවන් නම් අපේ දිහා බලන් ඉන්න. අපිට ගොඩක් දේවල් අවබෝධ වෙන්න පටන් ගන්නවා.  අපේ මනස වැඩ කරන හැටි , ශරීරය වැඩ කරන හැටි. මේ දෙවල් ගැන හරි අවබෝධයක් ලැබෙනවා.


සාපේක්ෂව ඇතිවෙන සිතිවිලි කොහොමද නිවැරදි වෙන්නෙ


අපි ජීවත් වන ලෝකය විශාල මායාවක්. අපේ ඇස , කන, නාසය, දිව ශරීරය තුළින් අපි ඇතුලට ගන්න තොරතුරු ඇත්තෙන්ම සියයට සීයක් නිවැරදි නොවේ.මොකද අපිට ඇහෙන ශබ්දයක් බල්ලෙක්ට නැත්නම් කුරුල්ලෙක්ට ආදී වෙනත් සතකුට මීට වඩා තීව්‍ර ලෙස ඇහෙන්නට පුලුවන්. ඒ වගේම එකම රූපය දිහා අපි දෙන්නෙක් බැලුවොත් පේන්නෙ දෙවිදියකට. එතකොට මොකද්ද ඇත්ත. ඒ විතරක්ම නෙවෙයි දැන් මේ පන්චේන්ද්‍රියෙන් ගන්න තොරතුරු වලින් මනස අපිට කියන කතන්දර දිහා බලන්න. ඒ දේවල් මොනතරම් බොරුද. සාපේක්ෂද? එතකොට සාපේක්ෂ ලෝකයක එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව ඇතිවෙන සිතිවිලි කොහොමද නිවැරදි වෙන්නෙ.

එකම සිදුවීම දිහා අපි කීප දෙනෙක් බැලුවත් ඒ කීප දෙනා විවිධ අදහස් පළ කරනවා. මොකද සාපේක්ෂයි. සාපේක්ෂ තාවයට අහුවෙලා ඉන්න තාක් අපි සම්පූර්ණ සැනසීමක් අත් විඳින්නෙ නෑ.

නමුත් සිතුවිලි නොවන අපිට දැනෙන දේවල් තියනවා. දැනෙන දේවල් සිතුවිලි වලට වඩා බොහෝ සෙයින් සත්‍යයි. අපේ හදවතට සැබෑ ආදරය දැනෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැති සැබෑ ආදරය දැනෙන්නෙ හදවතට.

ජීවත් වෙන්න පුලුවන් පහසුම විදිය තමයි බලාපොරොත්තුවකින් තොරව ජීවත් වීම. හොඳට බැලුවම අපිට මොකක්ද පේන්නෙ. බොහෝ අය දෙවල් කරන්නෙ බලාපොරොත්තු ඇතුව. තමන්ට ලබා ගැනීමේ අපේක්ෂාවන් ඇතුව. ඒත් ඒ අතර සමහර අය ඉන්නවා එයාලා කිසිම බලාපොරොත්තුවකින් තොරව දෙනවා. දන් දීම තුලින් මිනිස්සු පින් හරි බලාපොරොත්තු වෙනවා. එතෙන්දි සැබෑ දානයක් සිද්ද වෙන්නෙ නෑ. නැත්තම් මිනිස්සු කියනවා මන් අරය වෙනුවෙන් මෙච්චර කරා. මෙයා වෙනුවෙන් මෙච්චර කලා මොනවද ලැබුණෙ කියලා. ඒ කරලා තියන්නෙ ලැබෙයි කියලා හිතාගෙන.  මයිත්‍රීය කියන්නෙ බලාපොරොත්තුවකින් තොරව දීම. කරුණාවන්ත හිනාවක් හදවතට එකඟව තව කෙනෙක්ට දෙන්න පුලුවන් මනුස්සයෙක් ඇත්තටම දේවල් බලාපොරොත්තුවෙන් අනික් අයට යමක් කරන අයට වඩා බොහොම ශ්‍රේෂ්ඨයි.

මේ ලෝකය තුල පවතින්නෙ මායාවක්, නැත්තම මේක සිහිනයක්. හැබැයි සීයට අනූ නවයක් මිනිස්සු හිතන් ඉන්නවා මේ හීනය ඇත්තක් කියලා. ඉතින් මේගොල්ලො මේ හීනය විවිධ අයුරින් පාට කරනවා. හැඩ කරනවා. තේරුමක් තියනවද? නෑ. අවුරුදු සීයක් වැඩිම උනොත් ජීවත් වෙන අපි මේ මනුස්ස ජීවිතේ ඇත්තක් කියලා හිතන් කවදාවත් නොයෙන හෙටක් ගැන හීන දකිමින් ජීවත් වෙනවා.  මේක තේරුම් ගන්න ටිඅක අමාරුයි. තේරුම් කරන්නත් අමාරුයි. හීනයක් ඇතුලෙ හීන දැක දැක ඉන්න මිනිස්සු මේවා පිලිගන්නෙ නෑ. ලෝකය මායවක් කිව්වම එහෙම කියන කෙනා පිස්සෙක් කියලා කියනවා.

ඒ වගේම විශාල බැඳීම තොගයක් කර පින්නගෙන ඉන්න මිනිස්සු මේ බැඳීම් වල පැටලිලා. එක එක බැඳීම් වල අය කියන දේවල් කරන්න ඒ බැඳීම් සතුටු කරන්න නොනවතින අරගලයක යෙදෙනවා. පුලුවන් තරම් මේවායින් නිදහස් වූ තරමට ජීවිතය තෘපතිමත්. සැහැල්ලුයි.

ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. හුදකලා විය යුතුයි කියලා. ජීවිතේ පුලුවන් දෙයක් බලාපොරොත්තුවකින් තොරව කරලා සතුටෙන් නිදහසේ තෘප්තිමත්ව ඕනෙ කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරලා ඉන්න පුලුවන් කෙනෙක්ට  ඇත්තටම සන්සුන් මනසකින් ජීවත් වෙන්න පුලුවන්.


බලාපොරොත්තුවක් නැති තැන කොයින්ද දුකක්? අපි ජීවත් වෙන මේ මනුස්ස ලෝකෙ හැමදේම අපිට ඕනෙ විදියට සිද්ද වෙන්නෙ නෑ. අපිට පුලුවන් එකම දේ වෙන දේකට මුහුණ දීගෙන ජීවත් වෙන එක. 

අපේ හිත ගොඩක් වෙලාවට අපිව රවට්ටනවා. අපිට නොයෙකුත් කතන්දර කියනවා. ජීවිතේ යම් යම් සිදුවීම් උනාම අපේ මේ හිත අපිට මොනතරම් කතන්දර කියනවද? ඒව පට්ටපල් බොරු. සසර නිර්මාණය වෙන්නෙ මේ සාපේක්ෂ සිතුවිලි නිසාමයි.

විවේකයෙන් ඉන්න වෙලාවට අපිට පුලුවන් අපේ හිත දිහා බලන් ඉන්න. සිතුවිලි එනවා. යනවා. ඒක නවත්තන්නේ නැතුව මොන වගේ සිතුවිල්ලක් ආවත් ඒ දිහා බලා හිටියම ඒකෙන්ම ඒක නැතිවෙලා යනවා.
හමු වෙන හැම කෙනෙක්ම , වෙන හැම සිදුවීමක්ම තමන්ගෙ සංසාර ගමන කෙළවර කරගන්න හේතුවෙන, එතෙර වෙන්නදොරක් බවට පත් කර ගන්න. .

 මේ සසර ගමනේ කටුක බව නිතර අවබෝධ වෙද්දි හැම මොහොතකම මේකෙන් එතෙර වෙනවා කියන අදිෂ්ඨානය ශක්තිමත් වෙනවා. ඒක සිතුවිල්ලක් විතරක් කර නොගෙන හැම මොහොතකම ඒ ගමනට සූදනම් වෙන කෙනෙක් ට උතුම් ඌ නිවන ළඟා වෙනවා. ඒක හරියට අපි නින්දට සූදානම් වෙනවා වගේ. ඒ කියන්නෙ අපි කොට්ටෙකට ඔලුව තියාගෙන නින්දට ලෑස්ති වෙනවා. එහෙම උනාම යම් මොහොතක් නින්ද අප වෙත ළඟා වෙනවා.

Coming to the center



A continuous journey of birth and death.... which means the Samsar exists only when we are caught up in the duality. when there is no duality, then there is no samsar.

The ultimate peace and bliss exists when we are away from this duality. 

Many people in this world are outward. They never look inward. These people believe that the things which exist in the outside world are true. Which that they believe this illusion as a truth and living the life and caught up in a endless cycle of birth and death with suffering.

Some people after seeing this entire thing is an illusion.They turn inward. When someone turn him or herself inward he or she starts realizing lots of things. But after turning inward if they can be without getting affected by the outside worldly things, that is a great thing. But that only happens when we come to the center.

If someone comes to the center, for such a person the outside world does not influence the inside.

We need to realize that the practicing of yoga, pranayama, meditation gives you the required strength to be immovable by any external influences and come to the center. 

Tuesday, April 4, 2017

Final note - Words are mere words. But actions prove who you are.



There is no way one can walk on both spiritual path and physical world path at the same time. A person has to choose one path. 

This entire world exist in duality- dual nature. So do we. Yin-Yang, good-bad, hot-cold, heaven-earth, sun-moon etc. 

Dual nature simply means the separation. The conflict. We are all having this duality within us in different extent.

Until you are in dual nature there is no way you can experience complete peace and bliss.

If a person try to live with dual nature of mind which means Ego consciousness and Soul consciousness both at different times . They are really unable to experience the oneness of everything.

In simple example if we are caught up in duality... most of the times our minds are wavering with a internal dialog.
Ego consciousness says do this and soul consciousness says it is not the right way etc.

Dualistic view of reality can create confusion in one's mind and conflict.

A dualistic mind most of the time has a internal dialog. May be that, may be this etc. Duality is creating conflict in mind and it can make us deeply confused.

From my personal experience. I do have a sincere affection and need within to become completely liberated and to make this life my final visit to the earth. 

Also in this journey I sincerely wish to spread light of compassion in every corner by sharing the experiences of truth realization with every one I meet on the way and to bring more peace, love, & compassion to this earth. 

However Walking on this path After even seeing, experiencing and realizing many things..... still I do have this dual nature of my own mind.

Having found the cause. If you really want to walk on this spiritual path. Practice is a must. Which means daily meditation , yoga or pranayama is essential. That practice gives you the required strength . 
The willingness, determination and wisdom only is not enough. Practice is essential.

Not only for spirituality.... even if you want to become a good sports player or whatever you must practice and enhance yourself to become that. Without the practice it is impossible.

In this journey we have to very aware. By being aware of what is happening inside and outside every moment we can live without loosing the peace and tranquility of mind.

Anyone  can say many things in words, But the actions are the most important thing. Words are mere words. But actions prove who you are.

If your life is not a living example for what you tell others and your actions does not tally with what you are talking about then there is a issue. It is nothing - but the duality.
Being in duality and talking about non-duality is not right. 

We all have to come out of the duality.

May we all become free of dual nature of minds
May we have strength to spread compassion everywhere we step
May our actions bring more peace and happiness to all around
Through every step we keep forth bring pure love to this Earth
May we become completely liberated while helping many others also to embrace the complete liberation !!!!


Friday, March 24, 2017

සිත දමනය කිරීමෙන් මාර බැම්මෙන් මිදිය හැක



අපේ සිත නිවී නොපවතින හැම අවස්ථාවකම මේ සිත මාර ස්වභාවයට අහු වෙනවා. ඒ කියන්නෙ  ඇත්තටම මාර ස්වභාවය තමයි බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද අපි මේ ස්වභාවයට හසු නොවී ජීවත් වෙන්නෙ. තමන්ගෙ මනස මාර ස්වභාවය ට අසු වුනොත් ගලවා ගැනීම ටිකක් අමාරුයි.

මේක ක්‍රියාත්මක වෙන්නෙ හරියට මෙන්න මේ වගේ. අපි යම් දෙයක් හෝ කෙනෙක් සමග දැඩි ආශාවකින් බැඳුනොත් අන්න ඒ මොහොතේ අපි මාරයාගේ ග්‍රහණයට අහු වෙනවා. මොකද ඒක මාර බන්ධනයක්. ඒ මොහොතේ අපේ සිතේ නිවුණ ස්වභාවය නැති වෙනවා. සැහැල්ලු බව නැති වෙලා බර වැඩි වෙනවා. අකුසල් සිත් පහල වෙනවා. අපි වීර්යයෙන් මෙයින් මිදිය යුතුයි. මාරයා අපි ඉදිරියට එන්නෙ සසර කර උඩ තියාගෙන කියලයි මට හිතෙන්නෙ. මාරයාට අහුවෙන හැම මොහොතකම අපි සසරට අහු වෙනවා.

ඇත්තටම මෙතන ප්‍රශ්නය තියෙන්නෙ බාහිර ලෝකයේ කෙනෙක්, දෙයක් හෝ අදහසක වත් නෙවේ. ප්‍රශ්නය තියෙන්නෙ අපේ මනසෙ. මට බැහැ කවදාවත් කාවවත් හෝ දෙයක් පෙන්නලා ඔය එන්නෙ මාරයා කියලා නමක් දෙන්න.  අපේ ඇස , කන, නාසය, දිව , ශරීරය ඔස්සේ අපිට ඇතිවෙන අරමුණු වලින් අපි සසරට අහුවෙන්න පුලුවන්. අන්න එහෙම අරමුණක් මනස අල්ලා ගන්නා මොහොතෙදි අපි මාර ස්වභාවයට අහු වෙනවා.


බුදුන් වහන්සේ කිව්වෙ  දුර ගමන් යන -තනිව හැසිරෙන- සිරුරක් නැති -ශරීර කූඩුවෙහි වාසය කරන -සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි.  එතකොට මාර බන්ධනය බලපාන්නෙ අපේ සිතට. අපි නිරන්තරයෙන් සිහියෙන් ක්‍රියා කළ යුතුයි. සම්මා සතියෙන් හෙවත් යහපත් සිහියෙන් ජීවත් වෙන හැම මොහොතකම අපි ජීවත් වෙන්නෙ දමනය වූ සිත් ඇතිව.

 අපි එකිනෙකා ඇලීමට හෝ ගැටීමකට හසු වෙන ආකාරය එකිනෙකාට වෙනස්. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්තයේ ඉන්න සිත බොහොම නිවිලා. කිසි දෙයක් භාර ගන්නේවත් ප්‍රතික්ශේප කරන්නේවත් නැති සිත පිවිතුරුයි.

අපේ ඇස් ඉස්සරහට  අපි මොනතරම් කැම්ති රූපයක් ආවත් අපි ඒකට ඇලිලා, බැඳෙන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් , එතෙන්දි අපි ඒ රූපෙ දැක්කා, ලස්සනයි, හොඳයි කියලා දැක්කා ඒක එච්චරයි නම් සිතුවිලි ඔස්සේ ඉස්සරහට ගෙනියන්නෙ නැත්නම් එතන්දි සිද්ද වෙන්නෙ "දැක්කොත් දැක්කා පමණයි" කියන දෙය. අන්න එහෙම කෙනෙක් ගෙ සිත රූපයකට ඇලිලා ඇති වෙන්න පුලුවන් මාර බන්ධනයෙන් මිදිලා. එලියෙ චලනයක් උනාට ඇතුලත චලනයක් වෙන්නෙ නෑ.

මේකෙම අනික් පැත්ත වෙන්නත් පුලුවන්. අපි දකින්න අකැමතිම රූපයක් අපි ඉස්සරහට එනවා කියලා හිතන්න. ඒ ආවම අපිට කේන්ති යනවා නම්, තරහෙන් පුපුරනවා නම් එතකොට ද්වෙශය ඇති වෙලා සිතුවිලි එක්ක දුර ගමනක් යනවා නම් අන්න එතකොට අපි අහු වෙන්නෙත් මාර ස්වභාවයට. මොකද එතෙන්දි අපේ හිතේ ඇති වෙන්නෙ ගැටීමක්.

අපේ කනට පුදුමාකාර මදුර ස්වරයක් ඇහිලා අපි ඒකට ඇලුනොත් නැත්නම් අමිහිරි ශබ්දයක් නිසා තරහ ගිහින් ඒකෙ ගැටුනොත් සහ ඒක මනසින් අල්ලා ගත්තොත් ඒ තැන් දෙකේදිම අපි අහුවෙන්නෙ මාර ස්වභාවයට. අපි පත් වෙන්න ඕනෙ තැන තමයි "ඇහුවොත් ඇහුවා පමණයි" කියන තැනට.

අපිට අපි කැමතිම පහසක් ශරීරයට දැනෙනවා කියලා හිතන්න. අපි මේකට දැඩිව ඇලිලා මනසින් අල්ලගෙන මේ ඔස්සේ දිග සිතුවිලි ට්‍රිප් එකක ගියොත් නැත්නම් මේක නැවත නැවත වින්දනය කිරීමේ සිතුවිල්ලක් ඇති කර ගත්තොත්  අන්න එතෙන්දි අපේ සිතේ සිහිය, නිවීම නැති වෙනවා. එතනදී අපේ සිත මාර ස්වභාවයට අහු වෙනවා. අපි පත් වෙන්න ඕනෙ "වින්දොත් වින්දා පමණයි" කියන තැනට.

පළවෙනිම දේ තමයි තමන්ගේ සිත දමනය කර ගැනිම. සිත දමනය වෙච්ච නැති කෙනෙක් තුල ඇති වෙන්නෙ අවුල් ස්වභාවයක්. සමහර අවස්ථාවල අපේ හිත අපිව පිස්සු වට්ටනවා. ඒ විතරක් නෙවෙයි අපිව පාලනය කරනවා. අපේ සිත අපිව සිතුවිලි ඔස්සේ එයාට ඕනෙ ඕනෙ තැන්වල අරන් යනවා. එතකොට අපිට සිහිය පිහිටන්නෙ නෑ.

නිතර භාවනා නොකළත් අඩුම තරමෙ අපි පුරුදු වෙන්න ඕනෙ මේ මොහොතේ ජීවත් වෙන්න. මගේ ආධ්‍යාත්මික ගුරුතුමා මට කිව්වෙ සත්‍ය වශයෙන්ම පවතින්නෙ මේ මොහොත විතරක්ම බවයි. අනෙක් සියලු මොහොතවල් හෙවත් අනගතයේ එන්ඩ තියන මොහොතවල් නැත්නම් අතීතයේ පහු ගිය මොහොතවල් ඔක්කොම බොරු. මොකද ඒ කිසිම මොහොතක් එක්කො ඇවිත් නෑ, නැත්නම් ගිහිල්ලා ඉවරයි.  සත්‍ය වශයෙන්ම පවතින්නෙ මේ මොහොත විතරයි.

මේ මොහොතෙ ජීවත් වෙද්දි අපේ පන්චේන්ද්‍රිය අරමුණු වලට හසු වෙන ස්වභාවය  සහ වේගය අඩු වෙනවා.  සිතුවිලි පරම්පරා හද හදා සසර නිර්මාණය වීම පවා නවතිනවා.  එක එක්කෙනාගෙ මති මතාන්තර නැත්නම් අපේ මතකයන් අපේ සිත් මුළාකරන්නෙ නෑ මේ මොහොතේ විතරක්ම පවතිද්දි. සම්මා සතිය තුල පිහිටන්න පුලුවන්.

මේ මුලු ලෝකයම මහා මායාවක්. ඇත්තටම බොරුවක්. සිහිනයක්. ඉතින් ඒකෙන්ම අපි අවබෝධ කරන්න ඕනෙ මේක මාර ලෝකයක් බව. බුද්ධ ස්වභාවය /බුදු ගුණය ට වඩා මේ ලෝකෙ නැඹුරු වෙලා තියෙන්නෙ අපේ සිත් මාර බන්ධන (ඇලීම්, ගැටීම්) වලට හසු කිරීමට.


මනුෂ්‍යයා කියන කෙනා ස්වභාවයෙන්ම අප්‍රමාණ මයිත්‍රීයක් තියන කෙනෙක්. ඒ මයිත්‍රීය බොහෝ දුරට අපිට අවබෝධය ලබන්න උපකාර වෙනවා. 

අපේ සිත කිසිම මාර බන්ධනයකට හසු වෙන්න ඉඩ නොදී , නිවීම තුලම ජීවත් වීමට අපි සියල්ලෝම වීර්යය කළ යුතුයි.


Friday, March 17, 2017

Love without attachment is absolute light




Love without attachment is absolute light. Its the best kind of love one can experience.

The main root cause for suffering in this world is attachment. In other words the origin for suffering is attachment. We people get attached to many things  such as physical objects, people, our own ideas etc and with this attachment suffering happens.

In this world where we live.... we can see, smell, feel, hear, taste many things that we feel like getting attached to. But the reality is everything is changing every time. In a constantly changing , impermanent world what is there to be attached to. That is what we need to realize. 

Think of our own selves. Are we the same people lived some years back? Are the interests same to the interests we had as a child. Look at our own face, skin and hair. Are they same or changed. We are changed physically as well as all our thoughts, desires etc everything is changed.

However the much you are attached to anything, it is no point - does not do any good. Because some day you are definitely going to loose/leave it. See the fact everyone who born to this world ultimately die.

What are the consequences of getting attached to anything? Once attached we feel like experiencing it over and over again, we cannot bear the change, we try to own it , the clarity of mind disappears , might feel burdened etc. Once these kind of things happen we loose the peace of mind and the suffering begins.

The true dharma Buddha and other Spiritual teachers preached was really practical. It is all about the reality.  The true dharma can be applied practically in to our day to day life and it is possible to live in real world /in reality by realizing all these things. 

Love is possible without attachment. But we cannot think and do it. Once see the true nature of reality and with realization it happens within us.Then we become like a Lotus flowers. Very beautiful, unattached, liberated and full of love and compassion.

True love is not attachment. In the practical reality a human can live loving any one/ any thing or everyone without being attached to. This love is the purest love on earth. 

If it applies for a relationship with someone - the love is total surrender, total acceptance of the other person, unconditional, no expectations in return, only giving , loving in all the ways possible but not attached. A person who experiences this kind of a supreme love- he or she become god like. Godly love.

There is a way that you can love anyone or anything without attachment. That is very beautiful and best kind of a feeling. It is a beyond feeling- it is the compassion.

How can we love without attachment? Very first thing is to look at the reality with an open mind without acceptance or rejection. See the constantly changing nature of this world. How impermanent everything is. What a short period of time we live here. When you see these things with wisdom, you can see the light.

We all need to see the real nature. We are all born again and again until liberated. Time to time we born as animals, humans, gods in hell, heaven, earth etc. This life is actually a temporary stop as a human in this world. This is not the very first time we met our mother and father, brother , sister , girlfriend, boyfriend , wife husband etc. We have met them thousands & thousands of times in different lives in various forms. This life our brother and sister could be previous life mother and father. We do not know. We meet them over and over again until karmic debts are settled or may be until we liberate.

After someone seeing all this, if she or he realizes the true nature of every attachment. Then he or she is able to love totally without any kind of attachment. 

A person who loves without attachment does not mean he or she does not enjoy the life and the world. They enjoy everything more freely and contented.

Thursday, March 16, 2017

සියලුම දෙනා දැනගෙන හෝ නොදැනගෙන හොයන එකම දේ නිදහසයි, නිවීමයි


මනුෂ්‍යයින් වශයෙන් අපි, අපේ පැවැත්මේ සම්පූර්න වගකීම අපිම භාර ගත යුතුයි. ජීවත් වන කාල සීමාව තුල අපි කරන කියන දේ, හිතන පතන දේ, තීන්දු තීරණ මේ සියල්ලේ සම්පූර්ණ අයිතිකරුවා හෙවත් වග කිව යුත්තා තමන්මයි. බොහෝ විට මිනිසුන් අපිට මෙහෙම උනේ අරයා හින්දා , මෙයා හින්දා, මේගොල්ලො හින්දා කියමින් නිදහසට කරුණු කිය කියා තමන්ගේ පැවැත්මේ වගකීම අනුන්ට පවරයි. එය මුලාවකි.

අපේ ජීවිත වල අපිට අවශ්‍ය දේ මොකක්ද යන්න නිරවුල්ව තෝරා බේරා ගෙන ඒ අනුව ජීවත් වීමටත්, සත්‍යවාදී වීමටත් තරම් ආත්ම විශ්වාසයක් අපි තුල ගොඩ නගා ගත යුතුයි. අපි යන ගමන භෞතික වේවා , ආධ්‍යාත්මික වේවා ඒ මොකක් උනත් කරන දේ හරියට කළ යුතුයි. 

මනුශ්‍යයෙක් වශයෙන් ඉපදිච්ච සියලුම දෙනා දැනගෙන හෝ නොදැනගෙන හොයන එකම දේ නිදහසයි, නිවීමයි. සියලු දෙනා විවිධාකාර ක්‍රම වලින් හොයන්නෙ නිදහස සහ නිවීමයි. මේ භෞතික ලෝකෙ ඇත්තක් කියලා හිතන මිනිස්සු පවා සියලු දේ කරලා ඒ තුලින් හොයන්නෙ නිදහස. සමහර අය මානසික නිදහස හොයනවා. අපි හැමෝම මොන ක්‍රමයකින් හරි හොයන්නෙ නිදහසක් /නිවීමක්.

අපි විනෝද චාරිකා යනවා, එතකොට පෝයට පන්සල් යනවා මේ හැමදේම කරන්නෙ තාවකාලිකව නිවීම හොයන්න.එතකොට අපි තේරුම් ගන්න ඕනෙ අපි මේ එක එක ක්‍රම වලින් හොයන්නෙ නිදහසක් හෙවත් නිවෙන්න ක්‍රමයක්.

අපේ නිදහස/නිවීම අපි විසින්ම ආවරණය කරගෙනයි මේ ජීවත් වෙන්නෙ. මොකද නිවීම සූක්ෂම විදියට අපේ ඇතුලෙම හංගලා.  අපි කරන කියන දේවල්, අපේ සිතුවිලි, අපේ ආශාවන්, තණ්හාවන්,ද්වේශය, මෝඩකම් විසින් අපි තුල තියන නිවීම සූක්ෂම විදියට ආවරණය කරලා. 

අපේ මනස නිරතුරුවම අපිව මුළා කරනවා. මනස නිසා භෞතික ශරීරය පවා ලෙඩ වෙන්න පුලුවන්. මනස වෙහෙසට පත් වුන ඕනෙම වෙලාවක අපිට ශාරීරික වෙහෙසකට වඩා දැඩි අපහසුතාවක් දැනෙනවා. ඇත්තටම මනස සුවපත් නම් අපිට දැනෙන්නෙ විශාල සැනසීමක්. තමන්ගේ මනස ගැන තමන් තරම් දන්න තව කෙනෙක් නැති තරම්. 

ඒ වුනාට අපේ අනුබලයක් නැතුව තනියෙන් ක්‍රියාත්මක වෙන්න මනසට බෑ. අපි එක්කො ඇස, කන, නාසය, දිව, ශරීරය තුලින් යම් තොරතුරක් එයට ලබා දිය යුතුයි. නැත්තම් පෙර මතකයක්, යම් දැනුමක් විසින් මනස මෙහෙයවිය යුතුයි. 

අපේ මනසට නිරතුරුවම විවිධාකාර සිතුවිලි ගලාගෙන එනවා. ඒක මනසේ ස්වභාවය. සැනසිලිදායක සිතුවිලි එනවනම් ගැටලුවක් නෑ. හැබැයි ලෝබය, ද්වේශය, මෝහය වගේ සිතුවිලිත් මේ අතර ඇති වෙන්න පුලුවන්. අපිට සිතුවිලි ඇති වෙන එක වලක්වන්න බෑ. හැබැයි ඒ දෙස බලා සිටීමෙන්ම එයින් නිදහස් වෙන්න පුලුවන්. තමන්ට ලෝබ සිතුවිල්ලක් ආවොත් ඒක දිහා බලා හිටියම එයින් ම ඒක දුරු වෙලා යනවා.

දැක්කොත් දැක්කා පමණයි, ඇහුවොත් ඇහුවා පමණයි, වින්දොත් වින්දා පමණයි - කියන තැනට ඇවිත්, පවතින කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනා සම්පුර්ණ නිවුන ස්වභාවයක පවතිනවා.


Wednesday, March 1, 2017

අපි භෞතික ලෝකයක ජීවත් වෙන මිනිස්සු



මේ අපි භෞතික ලෝකයක ජීවත් වෙන භෞතික ශරීර තියන මිනිස්සු.එතකොට අපේ අත්දැකීම් බොහෝමයක් ඇත්තටම භෞතිකයි. උදාහරණ වශයෙන් පැහැදිලි කරොත් මිනිස්සු වෙන අපිට බඩගිනි දැනෙනවා. ඒ වෙලාවට අපි කෑම කෑවම මේ බඩගින්න නිවෙනවා. ඊලඟට තිබහ ආවම, වතුර බිව්වම ඒක නිවෙනවා. අපිට නිදිමත දැනෙනවා. නිදා ගත්තම සනීපයි.වැසිකිලි යාමේ අවශ්‍යතාවක් ඇති උනොත් ඒක පිට කරාම නැවත සනීපයක් තමයි ඇති වෙන්නෙ.  ඔය විදියට අපිට මේ මනුශ්‍ය ශරීරයක් ලැබුන හින්දා භෞතික දැනීම් අනුව අවශ්‍යතා ඇති වෙලා තියනවා. 

හැබැයි ඔන්න බඩගිනි වෙලා ඕනෙවට වඩා කෑවොත් මොකද වෙන්නෙ.අපහසුයි.  ඒ වගේම අඩුවෙන් කෑවොත් මොකද වෙන්නෙ. වැඩිපුර කෑවත් , අඩුවෙන් කෑවත් ඇති වෙන්නෙ අපහසුවක්.හැබැයි ප්‍රමාණයට කෑවොත් දැනෙන්නෙ පහසුවක්. නිදිමතයි කියලා ඕනෙවට වඩා නිදා ගත්තත් අමාරුයි. අඩුවෙන් නිදා ගත්තත් එහෙමයි.ඉතින් අපි අවබෝධ කරගන්න අවශ්‍යයි අපේ ශරීරයට වඩාත් පහසුවක් දැනෙන විදියට ජීවත් වෙන්න.

මේව ඇත්තටම භෞතික ශරීරයක් ලැබිච්ච හින්දා දැනෙන දැනීම්. එතකොට නිකමට හිතන්න කවුරුහරි මනුශ්‍යයෙක් එයාට මේ ඇති වෙන භෞතික දැනීම් අනුව ජීවත් වෙනවා කියලා.. එතකොට ඒ කෙනාගෙ ජීවිතේ ගොඩාක් පහසු වෙනවා. මොකද බඩගිනි දැනුනම කනවනම්, නිදිමත ආවම නිදා ගන්නවනම් එයා එයාගෙ මේ භෞතික ශරීරය ට දැනෙන දැනීම් අනුව ජීවත් වෙනවා.ජීවිතේ බොහොම සරලයි.

කොහොමද මේ පැවැත්ම සංකීර්ණ උනේ. දැන් කොතනද ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නෙ.පොඩි කාලෙ ඉඳන් ළමයින්ට උගන්නවා දවසට කන්න පුලුවන් වේල් තුනයි. ඒක කන්නෙත් වෙලාවට.එතකොට කන වෙලාවල් කාල සටහන් දෙනවා. ඊලඟට නිදා ගන්න වෙලාවක් දෙනවා.මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකල් විතරයි නිදා ගන්න පුලුවන් කියලා නීති දානවා. ඔය විදියට කාලයට අහු කරනවා. එතකොට මේ පුන්චි ළමයි කන්නෙ තමන්ගෙ ශරීරයට බඩගිනි දැනිලා නෙවෙයි අර දීපු කාල සටහනට. එතකොට නිදා ගන්නෙ නිදිමතට නෙවෙයි.කාල සටහනට. මෙහෙම උනාම මේ ළමයින් තුල ඇති වෙන්නෙ  මහා අසමතුලිත භාවයක්.  තමන්ගෙ ශරීරයට දැනෙන දේ අනුව නෙවෙයි ඒගොල්ලන්ගෙ අවශ්‍යතා සිද්ධ වෙන්නෙ. එතකොට බිහිවෙන්නෙ හිරවෙච්ච, බොහොම අසමතුලිත මිනිස්සු.

කොහොමද මිනිස්සු මේ තත්වයට ඇත්තටම පත් උනේ? මනස නිසාමයි. මොකද මනසින් කොටු, රාමු හැදුවා. හදලා ඒවා ඇතුලෙ මිනිස්සු හිර උනා. ඊට පස්සෙ මිනිස්සු මුල් තැන දුන්නෙ තමන්ගෙ ශාරීරික අවශ්‍යතා වලට නෙවෙයි මානසික අවශ්‍යතාවලට.  මනසේ අවශ්‍යතා හරිම සංකීර්ණයි. ඉශ්ඨ කරලා ඉවරයක් කරන්න බෑ. ඒකනෙ ගොඩක් මිනිස්සු අසංතෘප්ත තත්වයෙන් ජීවත් වෙන්නෙ.

ශාරිරික අවශ්‍යතා සරලයි. මානසික අවශ්‍යතා වගේ නෙවෙයි. ඒකයි මේ ශරීරයට දැනෙන දැනීම් අනුව ජීවත් වෙච්ච පුරාණ කාල වල මිනිස්සු බොහොම සංතෘප්තියෙන් හා සතුටෙන් ජීවත් වුනේ.

නිවීම කියන එක භෞතිකයි. අපි ජීවත් වෙන්නෙ මේ නිවීම තුළමයි. අපිට වෙලා තියෙන්නෙ අපි මානසික ලෝකයක් හා මම කියලා කෙනෙක් හදාගෙන කිසිම තේරුමක් නැතිව දුක් විඳිනවා. අපිට මේ භෞතික ලෝකෙක භෞතිකව ඉන්න අපේ ස්වභාවය පේන්නෙ නෑ. අපිට පේන්නෙ මානසිකව හදා ගත්තු මම. ඒකයි දුක ඇති වෙන්නෙ.

අපිට කවුරුහරි බැන්නම දුක හිතෙන්නෙ , ඒ කියපු දේවල් ඇවිල්ල අපේ ඇඟට වැදිලා හානියක් උන නිසාද? නෑ. අපිම හදාගත්තු අපේ මානසික ප්‍රතිරූපයටයි මේ දුක.  අපිට කවුරුහරි හොඳ කිව්වම සතුටු හිතෙන්නෙත් මේ හේතුව නිසාමයි. 

භෞතික ශරීරයක් ලැබිච්ච නිසා අපිට ලෙඩ හැදෙන්න පුලුවන්. අපි මොහොතින් මොහොත වයසට යනවා. අවසානයේ මැරිලා යනවා.මැරිලා පොළවට පස් වෙනවා. මේ දේවල් සිද්ද වෙන හැටි අවබෝධයෙන් දැක්කම මනුශ්‍යයෙක්ට පුලුවන් සමතුලිතව , මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙමින්... ඇත්තටම නිවිලා ජීවත් වෙන්න පුලුවන්.

කවදාවත් අවබෝධ වෙච්ච කෙනෙක් නිවීම තව දුරටත් හොයන්නෙ නෑ. නිවීම තුළ පවතිනවා මිසක්.

Wednesday, February 15, 2017

The possibilities as a Human




The best way to look at this world is to look at it, as if you are a guest here. In other words look at it in a way, how would this world be seen in an eye of an Alien. Then we can realize lots of things. When we see like that... we will start laughing and laughing about our own doings as well as about what other people are doing. Also in the meantime realize the reality of things in its actual state.

What are the qualities of humans? They are most compassionate and spiritual beings by the creation. But now what has happened. Original nature of humans are covered by various factors. Actually they have almost forgotten that they are humans. That is hilarious.

Actually most of humans in today's world are in a box created by themselves. They cannot see anything else other than the box they have created on their own. Actually the earth is full of prisoners. But no one put them in prison. They themselves built their own prison and they are living in it suffering throughout the whole life. People are not free, that is the main issue.

Nowadays for some people their entire world is sitting in front of a computer . So their prison like 2 feet length. For some it is few yards, for others it could be a smart phone and him/herself... for them the prison is 1 feet. When this happens they never identify the full capacity as a human. They live a extremely limited life and die.

But actually we humans have come here with unlimited capacity and possibilities. Buddha said to people being born as a human is a rare thing and never be late for realization.

Every spiritual process on this earth is trying to show us this capacity of humans in various ways. Spiritual processes are revealing the human possibilities. 

Human is the only being who can make a choice about his journey. Other animals cannot do that. By his own actions humans can decide where they are heading. To the heaven or hell or towards liberation. Its our own choice. 

What ever the religion we belong or where ever we are coming from we all can practice one thing. That is to enhance our wisdom to see the true nature of everything. Realize and come out of boxes created by our own. To become very happy, free, contented, compassionate beings. 

This life is one stop for us on a continuous journey. But we think this Maya as a real truth and live life blindly and die. But the truth is this is a temporary destination of a very long journey. 

What is the point of coming to a life and not exploring it. We have to observe and explore our own selves and find out who we are. Then only we realize what a universal joke the life is.


Monday, February 13, 2017

සැබෑ ආදරය, කරුණාව, මයිත්‍රීය ඇති වෙන්නේ සත්‍යය අවබෝධය තුලින්මයි


මේ ලෝකෙ සැබෑ ආදරයක් , කරුණාවක් , මයිත්‍රීයක් කාගෙ හරි තුල සත්‍ය වශයෙන්ම ඇති වෙනවා නම් ඒ ඇත්තටම යම්කිසි ප්‍රමාණයකට හෝ සත්‍යය අවබෝධ කර ගත්තු කෙනෙක්  තුළ විතරමයි. 

බොහෝ අය ආදරෙයි කියලා තව කෙනෙක්ට කිව්වට ඒගොල්ලො ඇත්තටම ආදරේ තමන්ටම විතරයි. ඒක තමයි තිත්ත උනත් ඇත්තම කතාව. මිනිස්සු මේ ආකාර කියන මේ "ආදරය " කියන වචනයේ ඇත්තටම ආදරයක් තියෙනවද කියලා කල්පනා කරල බලන්න. මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නෙ සහ බලන්නෙ මේ ආදරේ නිසා තමන්ට ලැබෙන ලාබ ප්‍රයෝජන , වාසි මොනවද කියන එක. මේක මේ ආදරවන්තයො විතරක් නෙවෙයි දෙමවුපියන්ගෙ , නෑදෑයොන්ගෙ ඉඳලා ඇත්තම කතාව ඕකයි. ඒගොල්ලො කියනවා ආදරෙයි කියලා, ඒත් ඇතුලතින් තියෙන්නෙ තමන් ගැනම ආදරයක් විතරයි. ඒ ආදරය තුල යටින් නූලක් තියනවා. බලාපොරොත්තු තියනවා. මිනිස්සු ගොඩක් වෙලාවට කියන්නෙ ඔයා මට අරක අරන් දුන්නොත් ඔන්න මන් ආදරෙයි කියලා. නැත්නම් මෙන්න මේ මේ දේවල් කලොත් ආදරේලු. මේ මොනතරම් බොරුවක්ද. තමන්ට ඒ ලැබෙන දේවල් නිසා ආදරෙයිලු. 

සැබෑම ආදරය තුල යටින් නූලක් නෑ. ඒකෙන් යම් යම් දේ බලාපොරොත්තු වෙන්නෙ නෑ. තමන්ට ලබා ගැනීමක් ගැන හිතන්නෙ නෑ. ඒ තුල තියෙන්නෙ දීමක් විතරමයි. අන්න ඒක නිසා තමයි ඇත්තම සත්‍යම ආදරයක් කරුණාවක් අපිට ලැබුණොත් ලැබෙන්නෙ සත්‍යය අවබෝධ කරපු කෙනෙක්ගෙන් විතරමයි. ඒගොල්ලො අපිට ඇත්තටම කරුණාවන්තයි, ආදරෙයි. කවදාවත් දීමක් මිස ලබා ගැනීමක් ගැන උවමනාවක් ඒ අය තුල නෑ. අන්න එහෙම කෙනෙක් තමන්ගෙ ජීවිත කාලෙ මුණ ගැහුනොත් අපිට දැනෙනවා සැබෑම ආදරය කරුණාව මොනතරම් දුරක් විහිදුනු මොනතරම් නිවුනු දෙයක්ද කියන එක. ඇත්තටම ඒක වචන වලින් කියන්න බැරි තරම් ශ්‍රේෂ්ඨයි.  ඇත්තටම ඒක අප්‍රමාණ වූත් අනන්ත වූත් ආදරේකට එහා ගියපු මයිත්‍රීයක්.

අපිට ජීවමාන බුදු වරයෙක් මුණ ගැහුනොත් ඇත්තටම උන් වහන්සේ තුල මොනතරම් කරුණාවක් , සැබෑ ආදරයක් තියෙයිද. ඒක අපිට අප්‍රමාණව දැනේවි. ඒ වගේම සත්‍යය යම් කිසි දුරකට හෝ අවබෝධ වෙච්ච කෙනෙක් තුලත් මේ සැබෑ කරුණාව යම් තරමක් පවතිනවා. මේ භෞතික ලෝකෙ ආදරෙයි , ආදරෙයි කියා ගත්තු කිසි මිනිහෙක් තුල ඒක නෑ. තමන් ආදරේ තමන්ට විතරයි. මේ ගොල්ලො බලන්නෙ තමන්ට ලැබෙන දේවල්, තමන්ගෙ ගොඩ වැඩි කරගන්න හැටි, එතකොට කොහොමද ගරු නම්බු නාම ලබන්නෙ ඕවා මේව විතරයි. ඒ උනාට කියන්නෙ ආදරෙයි , කරණාවයි කියලා. මේ ලෝකෙ මේ සජීවී ව තිරගත වෙන ඩ්‍රාමා එක බලන් ඉන්න එක හරිම විනෝද ජනකයි.මිනිස්සු කොයිතරම් මෝඩයිද සහ මොනතරම් බොරු ගොඩකද මේ ජීවත් වෙන්නෙ. කිව්වත් තේරෙන්නෙ නෑ. මොකද ඒ තරම් අපි මේ මායාවට නැත්තම් බොරුවට අහු වෙලා.

ඇත්තටම මම ඇතුලු අපි හැමෝම මේ ලෝකෙ ගැටීම් වලට වඩා හිරවෙන තැන තමයි බැඳීම්. අපි සමහර දේවල් කෙරේ මනසින් බැඳෙනවා. එතනයි ගැටලුව තියෙන්නෙ. මනසින් බැඳෙන් නැත්තම් අපි අවට ඉන්න දෙමවුපියො, නෑදෑයො, යාලුවො , එතකොට අනිකුත් සම්බන්ධතා මේ සියල්ල තිබුණා කියලා ප්‍රශන්යක් නෑ. මොකද මේ කිසිම බැඳීමක් අපි ඔසවාගෙන ජීවත් වෙන්නෙ නෑ. ඒත් මනසින් බැඳුනොත් එතන ඉඳන් අපි භෞතිකව ඔසවා නොගත්තට බැඳීම මානසිකව ඔසවාගෙන ගමන් කරනවා. එතනදි ගැළවීම ටිකක් අපහසු වෙනවා. ඔය මොන මානසික බැඳීමක් ගත්තත් යතාර්ථය නම් , ඇත්තම ඇත්ත නම් ඒවා තුල නිවනක් නම් නෑ.

සැබෑම ආදරයක් ඇති කෙනෙක් අපිට හම්බුණොත් එයා අපිට සත්‍යය කියලා දෙනවා. යතාර්ථය පෙන්වලා දෙනවා කිසිම යටි බලාපොරොත්තුවකින්, තමන්ට ලැබෙන දෙයක් ගැන අදහසකින් තොරව. අන්න ඒ වගේ උතුමන් හැර මේ ලෝකෙ කවුරු ආදරෙයි ,කරුණාවයි කිව්වත් ඒ ආදරය, කරුණාව කියන වචන තුල ඇත්තටම ඒක නෑ. 

අපිට පුලුවන් සැබෑම ආදරක් , කරුණාවක් , දයාවක්, මයිත්‍රීයක් ඇති කරගන්න. අපි බලාපොරොත්තුවකින් තොරව දෙන්න පුරුදු වෙන්න ඕනෙ.  මිනිස්සු අඩුම තරමෙ පින් හරි බලාපොරොත්තු වෙනවමයි මොන මොනවා හරි කරලා. එතනයි ගැටලුව.  මිනිස්සුන්ට කරුණාවෙන් කතා කරන්න, තියන දේවල් බෙද හදා ගන්න, එතකොට උදව්වක් කරන්න, අඩුම තරමෙ අවන්කව හිනාවෙන්න වත් පුලුවන් නම් ඒක සැබෑ මයිත්‍රී සහගත දීමක් වෙනවා.

සැබෑ ආදරය, කරුණාව, මයිත්‍රීය ඇති වෙන්නේ සත්‍යය අවබෝධය තුලින්මයි.

Thursday, February 9, 2017

ස්වභාව ධර්මය




ධර්මය අවබෝධ කර ගැනීමේ මූලිකම පියවර, ස්වභාවය හෙවත් ස්වභාව ධර්මය එහෙමත් නැත්නම් දේවල් පවතින ඇත්තම ආකාරය දෙස බලා සිටීම. 

ඇත්තටම ධර්මය අවබෝධ කරගැනීම මහ අමුතු දෙයක් නෙවෙයි. ඇත්තටම මෙතන තියෙන්නෙ මේ සියලු දේ තුල පවතින යථාර්තය හෙවත් නියම ස්වභාවය අවබෝධ කර ගැනීමයි.

ස්වභාව ධර්මය දිහා හොඳින්ම බැලුවම පේනවා මෙන්න මේ කරුණු හතර. ඒ තමයි,

1. මේ ස්වභාව ධර්මය තුල සියලු දේ පැවතීම නැමති ස්වභාවය (We exist)

2. මේ ස්වභාව ධර්මය තුල පවතින අපි ඇතුලුව සියලුම දේ හැදිලා තියෙන්නෙ එකම සතර මහා භූතයින්ගෙන් බව (ආපෝ/තේජෝ/වායෝ/පඨවි ) -we all are made out of same thing

3. අපි කරන සෑම සියලුම ක්‍රියාවකටම ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති බව (Every action has a similar and opposite reaction)

4. මේ ඉහත සඳහන් කරුණු තුන හැර අනික් හැමදේම නිරතුරුවම වෙනස් වෙන බව  (Everything is changing every moment)

මේ කාරණා හරියටම අවබෝධ කරගත්තු කෙනෙක්ට  තේරෙනවා අපේ පැවැත්ම,  කර්මය කියන්නෙ මොකක්ද ,එතකොට අනිත්‍ය ස්වභාවය ඇතුලු බොහෝ දේවල්.

අපි ගොඩක් වෙලාවට අනික්  අයගෙ දේවල් හොයන්න බලන්න මහා කාලයක්  හා ශක්තියක් වැය කරනවා. අන්න ඒ කාලෙ තමන් දිහා බලා හිටියම, නැත්නම් මේ ස්වභාව ධර්මය දිහා බලා හිටියම ලැබෙන අවබෝධය හරිම විශ්මය ජනකයි.


Tuesday, January 24, 2017

Observing and Exploring Our Own Selves



Where there is life, there is death. Where there is death, there is life. It is like if there is a "before" there is "after". If there is "here" you find a "there" too. If there is "light", the "darkness" is there. If there is "male" there is "female" .One cannot exist without the other. That is the truth.

The life and death also happens together. Life can never be separated from death. Every life happened here has a definite journey towards death. The moment we are born  the fact that someday we die is assured. 

When we explore and observe our own selves carefully we can see that every moment a set of cells in our body dies and new set of cells are born.  Example is when we rub our skin we can see dry cells fall. So every moment some set of cells in us are born and a part is dying. In other words this is a continuation process. Every moment we are being transformed.

Every moment we born and die. Before we were born here, we have already passed many births and deaths. So there is no real beginning for us. We all have passed thousands of lives born, died again born and died etc.

So that we are able to see that this life birth and death is only happening on the surface.

Observing our own life so deeply we find out the true nature of it. 

Actually the death is a transformation. It is not an end unless we have attained complete realization and liberated. For a person who is at Nirwana -"Samsara"/ continuation of journey stopped -he or she has no death ,no birth.

The best example to realize the life is "to keep looking at a river". At times you can see waves in it.  A wave is like our life. The wave goes up means as if it is born, the very next moment it goes down. That is like the death of the wave. The wave is going between life and death same like our lives. It continuously happens with no end/endlessly.The wave must be afraid of life & death. why? The reason is wave does not know that when going up also it is "water" and when going down also it is "water". 

This is same story for us too. We just have to realize our own true nature. That is the only way towards complete realization.

Monday, January 16, 2017

The message of True Love



What is true Love and how do we become true Lovers. 

We can see that the world is full of suffering. But the true love always help us to suffer less.

The Love which includes below four qualities in it,can be described as the true love.
Metta
Karuna
Muditha
Upeksha


Metta is the loving kindness, which we have the power to offer happiness to our own selves and the others.When we are able to generate happiness and joy for ourselves that is true love. If we can help the other person also generate happiness and joy that is also true love. A true lover will let the other person recognize many conditions of joy. When we are able to generate happiness for ourselves as well as the others that is the real metta.

Karuna is the compassion. The capacity we have to make ourselves suffer less. Help other people also to suffer less. Karuna is we help the other people to transform their suffering in to a happiness.

Buddha is called "Mahakaruna" and "Mahamaithree" because Buddha had such a great compassion to help the entire living beings to end suffering .

Muditha is we will feel other person's happiness as our own happiness. True love will never create suffering for anyone, but only generate joy and happiness.

Upeksha means that you will look at everyone by being in the center. No individuality or attachment. Actually in true love there is no boundary between the person who love and the person who is being loved. It is like this example, when a person go to Buddha and worship there is no boundary in that. When there is no boundary the perfect communication starts happening.

In true love your suffering becomes my suffering. My happiness becomes your happiness. There will be no individual suffering or happiness anymore. No differentiation or separation and it will include everyone equally.

When we begin to love ourselves truly, our hearts will open and continue to expand and one day we will include everyone in our love. We will not separate or exclude anyone or anything.

The Love of Buddha includes all living beings. That love and compassion is infinite. 

In the true love, that love will continue to expand until it includes everyone in the entire universe. The Love with metta, karuna, muditha and upeksha is the real true love that exist.