Tuesday, January 24, 2017

Observing and Exploring Our Own Selves



Where there is life, there is death. Where there is death, there is life. It is like if there is a "before" there is "after". If there is "here" you find a "there" too. If there is "light", the "darkness" is there. If there is "male" there is "female" .One cannot exist without the other. That is the truth.

The life and death also happens together. Life can never be separated from death. Every life happened here has a definite journey towards death. The moment we are born  the fact that someday we die is assured. 

When we explore and observe our own selves carefully we can see that every moment a set of cells in our body dies and new set of cells are born.  Example is when we rub our skin we can see dry cells fall. So every moment some set of cells in us are born and a part is dying. In other words this is a continuation process. Every moment we are being transformed.

Every moment we born and die. Before we were born here, we have already passed many births and deaths. So there is no real beginning for us. We all have passed thousands of lives born, died again born and died etc.

So that we are able to see that this life birth and death is only happening on the surface.

Observing our own life so deeply we find out the true nature of it. 

Actually the death is a transformation. It is not an end unless we have attained complete realization and liberated. For a person who is at Nirwana -"Samsara"/ continuation of journey stopped -he or she has no death ,no birth.

The best example to realize the life is "to keep looking at a river". At times you can see waves in it.  A wave is like our life. The wave goes up means as if it is born, the very next moment it goes down. That is like the death of the wave. The wave is going between life and death same like our lives. It continuously happens with no end/endlessly.The wave must be afraid of life & death. why? The reason is wave does not know that when going up also it is "water" and when going down also it is "water". 

This is same story for us too. We just have to realize our own true nature. That is the only way towards complete realization.

Monday, January 16, 2017

The message of True Love



What is true Love and how do we become true Lovers. 

We can see that the world is full of suffering. But the true love always help us to suffer less.

The Love which includes below four qualities in it,can be described as the true love.
Metta
Karuna
Muditha
Upeksha


Metta is the loving kindness, which we have the power to offer happiness to our own selves and the others.When we are able to generate happiness and joy for ourselves that is true love. If we can help the other person also generate happiness and joy that is also true love. A true lover will let the other person recognize many conditions of joy. When we are able to generate happiness for ourselves as well as the others that is the real metta.

Karuna is the compassion. The capacity we have to make ourselves suffer less. Help other people also to suffer less. Karuna is we help the other people to transform their suffering in to a happiness.

Buddha is called "Mahakaruna" and "Mahamaithree" because Buddha had such a great compassion to help the entire living beings to end suffering .

Muditha is we will feel other person's happiness as our own happiness. True love will never create suffering for anyone, but only generate joy and happiness.

Upeksha means that you will look at everyone by being in the center. No individuality or attachment. Actually in true love there is no boundary between the person who love and the person who is being loved. It is like this example, when a person go to Buddha and worship there is no boundary in that. When there is no boundary the perfect communication starts happening.

In true love your suffering becomes my suffering. My happiness becomes your happiness. There will be no individual suffering or happiness anymore. No differentiation or separation and it will include everyone equally.

When we begin to love ourselves truly, our hearts will open and continue to expand and one day we will include everyone in our love. We will not separate or exclude anyone or anything.

The Love of Buddha includes all living beings. That love and compassion is infinite. 

In the true love, that love will continue to expand until it includes everyone in the entire universe. The Love with metta, karuna, muditha and upeksha is the real true love that exist.


Tuesday, January 10, 2017

යතාර්ථය දැකීම, අවබෝධ කර ගැනීම හා ඒ තුල පැවතීම



මමත් ඇතුලුව අපි හුඟක් දෙනෙක්ට මේ ලෝකෙ තියන යතාර්ථය එහෙම නැත්නම් සත්‍යය පේනවා. ඒක ඇත්තටම අපිට දකින්න පුලුවන්, තේරෙනවා .එහෙම පෙනුනට, මේක තේරුම් අරගත්තට මේ අපි තුල ඇති වෙන අවබෝධය තුල දිගටම පැවතීමේ නොහැකියාවක් අපිට තියනවා. මේ අපි අවබෝධ කර ගන්න දේවල් තුල දිගට පැවතීමේ නොහැකියාව නිසා අපි විසින්ම වරින් වර අපේ තුල තියන නිවීම සහ සැනසීම අහිමි කර ගන්නවා. 

මේ ජීවත් වෙන කාලය තුල එක මොහොතකට හරි නිවීමක් සැනසීමක් අත් නොවින්ද කෙනෙක් නැතුව ඇති. එක ක්ෂණයකට හරි අපි හැමෝම ඒක අත් විඳල තියනවා විවිධ මට්ටම් වලින්. 

ගොඩාක් පිරිසක් වේගෙන් නොනවත්වාම එකම පැත්තකට දුවමින් අපිටත් ඒ පැත්තට දුවන්න කතා කරනවා. ඒත් අපි එයාලට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා. කොයිතරම් අප්‍රමාණ ශක්තියක් , ධයිර්යක්, ආත්ම විශ්වාසයක් අවශ්‍යද මෙහෙම වේගයෙන් චලිත වෙන ස්වභාවයක් තුලම දිගටම නිශ්චලව පවතින්න.

මේ නිශ්චලත්වයට මූලික වෙන්නෙ අපේම සිතේ ස්වභාවය. සියලු ක්‍රියාවන්ට සිත මයි මූලික වෙන්නෙ.

අපේ මුලු ශරීරයම , ඒකෙ හැම කොටසක්ම එකිනෙකට සම්බන්ධයි (closely inter connected). අපේ හදවත, ඔළුව, කකුල්, බඩ මේවා ඔක්කොම තනි තනියෙන් නෙවෙයි, එකට එක පද්ධතියක් හැටියටයි මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නෙ. ඒ වගේම අපේ හිත මේ මුලු ශරීරයටම සම්බන්ධයි. කොයිතරම් ද කියනවා නම් ශරීරය සුවපත් කරන්න වගේම ලෙඩ කරන්න අපේ හිතට පුලුවන්. ගොඩක් ලෙඩ දුක් වලට හේතුව ශරීරය නෙවෙයි අපේ හිතේ ස්වභාවයන්ගේ බලපෑමයි. 

හිත මහ ප්‍රබල බලවේගයක්. සිත තරමට සැලෙන, පෙරළෙන, මැනිය නොහැකි අවබෝධ කර ගැනීමට අසීරු වෙනයම් දෙයක් දැකිය නොහැකි තරම්.

බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි,
"දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැක.  අපි විසින් කරන කියන සෑම දෙයකටම මුල්වන සිත අපේම දුක - සැප තීරණය කරන බලවේගයකි. සිත මුල් වීමෙන් පුද්ගල ක්‍රියාකාරීත්වය සිදුවේ"

තමන් විසින් තමන් දිහා,කරන කියන දෙවල් දිහා බලාගෙන ඉද්දි තමන්ට තමන් ගැනම අවබෝධ වෙනවා. ඒ වගේම සිත දිහාත් හොඳට බලා හිටියොත් අපිට සිතේ ස්වභාවය අවබෝධ කරගන්න පුලුවන්.

මොහොතින් මොහොත අපේ සිත වෙනස් වෙන හැටි උපේක්ෂාවෙන් බලාගෙන හිටියොත් සිතේ ස්වභාවය අවබෝධ කර ගන්න පහසුයි.

ජීවිතේ ගලා යන ගංගාවකට අතිශයින්ම සමාන බව මට  අවබෝධ වී ඇත. 

වරෙක මට හැඟෙන්නේ "සිතිවිලි" මේ ජීවිතේ ගලා යාම සකස් කරන්නට දැඩි උත්සාහයක් දරන බව.  එතනම යි ද්විත්වත්වය හෙවත් මෝඩ කම ඇති වෙන්නෙ. සිතිවිල්ල දෙකට කැඩී "මම" කියලා කෙනෙක්ව හදනවා. දැන් මේ "මම" කියන කෙනාව හොඳට සෝදිසි කරලා බැලුවොත් ඇත්තමයි.... දැනෙනවා, පෙනනවා, හසු වෙනවා මහ පුදුම මායාවක් බව. ජීවිතේ ගලා යාම, පාලනය කිරීම, විවිධ ආකාරයෙන් සකස් කිරීම සිදු කරන්නේ "මම" කියන සංකල්පය විසින්.

"මම" කියන සංකල්පය මූලික කරගෙන මොනතරම් දේවල් සිදු වෙනවාද? 


Sunday, January 1, 2017

හැම දෙයක් දිහාම සියලු ආකාර/පැතිකඩ වලින් බලන්න


අපි සියලු දෙනාම ජීවත් වෙන කාලය තුල විවිධාකාරයේ ජීවිත අත්දැකීම් ලබන්නෙමු. ඒ ලබන ජීවිත අත්දැකීම් අපේ පැවැත්මත් එක්ක තියෙන්නෙ බොහොම කිට්ටු සම්බන්ධතාවයක්. අත්දැකීම් මිනිස්සුන්ව වෙනස් කරනවා. 

අපි හොඳට බැලුවොත් පේනවා, මේ සමාජයේ ජීවත් වෙන කොටසක් ඉන්නවා ජීවිතේ විඳපු අමිහිරි අත්දැකීම් නිසාම තැලිලා පොඩිවෙලා එයාලාට ජීවිතේ ගැන තියෙන්නෙ කලකිරීමක්. කිසිම දෙයක් ගැන එයාලට හැඟීමක් නැහැ. ඒ වගේ අය අර ජීවිත අත්දැකීම් එක්කම ඇති වූ අප්‍රමාණ විඳවීම එක්ක බැඳීම් සහ බලාපොරොත්තු අත්හැරලා. ජීවත් වන්නන් වාලෙ ජීවත් වෙනවා මැරෙනකල්. සුන්දර දෙයක් පෙන්නුවත් ඒකෙ කිසි සුන්දර බවක් දකින්නෙ නෑ. කටුක බව විතරයි දකින්නෙ. ආදරය සහ කරුණාව ගනන් ගන්නෙ නෑ. මනුෂ්‍යත්වය දකින්නෙ නෑ.

අන්න එහෙම අය කිසිම දෙයක් ගැන නිවැරදි අවබෝධයක් ලැබිලා නෙවෙයි එහෙම ජීවත් වෙන්නෙ. ජීවිතේ කටුක අත්දැකීම් එයාලගෙ සිත් ගල් කරලා. 

නමුත් සත්‍යය ධර්මය අවබෝධ කරපු කෙනෙක් හැඟීම් දැනීම් නැති කළු ගල් වගේ අය නෙවෙයි. බොහොම කරුණවන්තයි.මයිත්‍රී සහගතයි.ආදරණීයයි වගේම මානුෂිකයි.

තුන් ලෝකෙම අවබෝධ කොට දේශනා කළ බුදු රජාණන් වහන්සේ මොනතරම් කරුණාවන්තද. උන් වහන්සේ තුල අප්‍රමාණ මයිත්‍රීයක් තිබුණා. ජේසු තුමන් මිනිස්සු දිහා බැලුවෙ කොයිතරම් ආදරයකින් හා කරුණාවකින්ද? සත්‍යය අවබෝධ කළ උතුමන් අපරිමිත මයිත්‍රී සහගත අය.

එතකොට මේ හැඟීම් දැනීම් නැති කරගැනීම නෙවෙයි අවබෝධය. මොකද හැඟීම් දැනීම් නැතුව ගල් වගෙ ජීවත් වීම තුල යතාර්ථයේ පවතින නියම ස්වභාවය හෝ ධර්මය ගැන අවබෝධයක් ඇති වෙන්නෙ නෑ.

වෙන්න ඕනෙ මෙච්චරයි. දේවල් වල ඇත්ත ඇති සැටියෙන්, අවබෝධයෙන් දැකලා කිසිම දේකට ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ජීවත් වෙන එකයි සත්‍යය වශයෙන්ම අවබෝධ වීම කියන්නෙ.

මේ ජීවත් වෙන කාලෙ ඕනෙ දෙයක් කාටවත් හානියක් නොවන ආකාරයට පරිහරණය කිරීමේ ගැටළුවක් නෑ. හැඟීම් වලට හෝ දැනීම් වලට බයේ මේකෙන් පැනලා දුවලා වැඩක් ඇත්තෙත් නෑ. මේ සමාජයෙන් , ප්‍රශ්න වලින් පැනලා ගිහින් විමුක්තියක් හෝ සැබෑ නිදහසක් ලබන්න බෑ.

උදාහරණයක් කිව්වොත්  මේ ජීවිතේ දුකයි කියලා ,ප්‍රශ්න වලින් පැනලා යන්න හිතාගෙන කෙනෙක් වනගත වුනා කියලා හිතන්න. මේ වනයේ තනියෙන් ජීවත් වෙන කාලෙ ඒ මනුස්සයගෙ තුල තියන කෙලෙස් ඒ කියන්නෙ ආශාවන්, තණ්හාවන්, ක්‍රොධයන් තාවකාලිකව යටපත් වෙන්න පුලුවන්. ඒ වුනාට බැරි වෙලාවත් වනන්තරෙන් ඇවිල්ලා මේ සමාජයේ ටික කලක් ජීවත් වෙන්න උනොත් තුඹසක නිදාගෙන හිටපු නයෙක් වගේ එයාගෙ කෙලෙස් මතු වෙනවා. 

ඒ නිසා කෙනෙකුට කෙලෙස් නැසීමට හෙවත් අවබෝධය ලැබීමට තියන ක්‍රමය තමයි යථාර්තය දැකීමට තරම් නුවණක් තමන්ගේ ඇතුලාන්තය තුල ඇති කර ගැනීමට ක්‍රියා මාර්ගයන් ගැනීම.

එහෙම නැතුව කිසිම ප්‍රාණයක් නැති කලු ගලක් වගේ ජීවත් වීම වත්, මේ හැමදේම අතෑරලා යාමවත් නෙවෙයි  අවබෝධයට මග.

අත් හැරීමෙන් සැනසීම ලැබෙනවා කියන්නෙ, භෞතික අත් හැරීමක් හෝ තියන දේවල් වලින් පැනලා යාමක් නෙවෙයි. මනසින් දේවල් කෙරෙහි ඇති වන ඇලීම් ගැටීම් වලින් මිදීමයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කල මධ්‍යම ප්‍රතිපදාව තුලම සියලු දේට උත්තරය හමු වෙනවා.  මාර්ගය නම් මද්‍යයේ ගමන් කිරීම මයි.

මේ ලෝකෙ රජවරු, සිටුවරු, ධනවතුන් ඉන්නවා. බුදු හාමුදුරුවන් ජීවමානව හිටපු කාලෙත් මේ වගේ අය හිටියා. ඒ වගේ අයට තමන් ගේ කුශල ශක්තියට අනුරූපව සැප සම්පත්, පරිවාර සම්පත් ලැබිලා තියනවා. මේ ලැබීම් තුල කිසි වරදක් නෑ. ඒවා නොලැබුණ අය ඒ දේවල් දිහා ඊර්ෂ්‍යාවෙන් බලලා වැඩක් නෑ. එක එක්කෙනාට ලැබෙන්නෙ තමන්ගෙ පැකේජ් එක. හැබැයි ලැබෙන දේවල් කෙරෙහි උනත් තණ්හාව , ආශාව උපදවාගෙන ඒවයෙ ඇලුනොත් අන්න එතෙන්දි ඒ කෙනා අපාය පැත්තට වැටෙන්න පුලුවන්.  නොලැබීම තුල කෙනෙක් ඊර්ෂ්‍යාව , ක්‍රෝධය ඇති කරගත්තොත් එයා ඒත් වැටෙන්නෙ අපාය පැත්තට.

මෙන්න මේ නිසා මොනවා ලැබුණත්, නොලැබුණත් , උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඕනෙ.

නැවතත් එකම උත්තරයමයි ලැබෙන්නෙ. නිවීම සහ සැනසීම මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවත් වෙන කෙනෙක්ට ස්ථිර වශයෙන්ම ලැබෙනවා.

අපි දකින , අහන, විඳින, දැනෙන හැම දෙයක් දිහාම සියලු පැතිකඩ වලින් බලන්න අවශ්‍යයි. එහෙම බැලුවම තමයි ඕනෙම දේක ඇත්ත හෙවත් සත්‍යය පේන්නෙ.  කිසිම දෙයක් කවුරුවත් කියපු නිසා වත්, දැක්ක නිසා පිලිගන්න එපා. තමන්ම පර්යේෂණය කරන්න. මේවා සත්‍යයද? සියලුම පැති වලින් බැලුවමත් එහෙමද ? අන්න ඒ විදියට නුවණ මෙහෙයවීම තුල තමන්ටම තමන් තුලින්ම දෙවල් අවබෝධ වෙනවා.