Friday, June 30, 2017

Pure awareness - utter beautiful silence and peace



We all need to realize that if a person can continue to be with pure awareness, he or she is at a continuous bliss and peace. Awareness is not concentration. We need to understand this clearly. concentration means you focus on to something. But awareness means you just be. That's all.

For a moment feel the breeze that is passing you and the sound of the rain outside. Don't listen to anything but hear. Don't look at but see .It means you open up your whole heart. You feel the Buddha nature. 

Pure awareness is silence, utter beautiful silence and the peace. You do not analyze, judge or separate. You will feel everything is in you and you are in everything. There is no mind. Mind has stopped. 

This could also happen in another way. Our five senses connects us with the outer world. Imagine you are seeing the most beautiful thing you ever want to see and you hear the maximum melodious tone you want to hear, you feel the most soothing touch you ever wanted , you feel your most favourite fragrance and you taste the most delicious taste. In this kind of a moment all your five senses (eye, ear, nose, tongue, body) all are fulfilled, at the maximum contentment. This is another moment that your mind completely stop. Because the mind cannot analyse anything. The experience is beyond mind and sacred. You become one with everything. This is another possibility a human can experience.

Our problem is that we are unable to be in the state connected with pure awareness due to our our mind interrupts. But we can practice this little by little. Just be where we are. Feeling that moment. No past, no future, no separation, no judgement and just here and now.
That is the way. Where we connect to the Buddha nature.

Friday, June 23, 2017

තමන්ම ඇඳපු , පාට කරපු, හැඩ දාපු චිත්‍ර නිසා අහිමි වන නිවීම - සැනසීම




මේ ලෝකෙ ජීවත් වෙන අපි හැමෝම වගේ ගූගල් පාවිච්චි කරනවා, ඒ හරහා විවිධ දේ ගැන හොයනවා. කරුණු එකතු කරගන්නවා, දැනුම වැඩි කරගෙන මතකයට ගන්නවා.  මේ ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ නැති කෙනෙක් හොයා ගන්න වත් නෑ. මේකෙ විශේෂත්වය තමයි අපි හොයන ඕනෙ දෙයක් ගැන විස්තර මේ ඉන්ටනෙට් එකේ තියනවා. ඉතින් අපි ඒවා ඩවුන්ලෝඩ් කරනවා. කම්පියුටර් එකක් තියනවා නම් , කරන්ට් එකට සම්බන්ධ කරලා නම් ඒකෙ ඉන්ටෙර්නෙට් එකට කනෙක්ට් වෙන සිග්නල් තියනවා නම් අපිට ඕනෙ වෙලාවක ඉන්ටෙර්නෙට් ගිහින් විවිධ දේවල් බලන්න පුලුවන්. 

විශ්වයත් හරියට ඉන්ටනෙට් එක වගේ. මේ විශ්වය තුල අපිට අවශ්‍ය ඕනෙ දෙයක් තියනවා. ඕනෙ වෙලාවට ඕනෙ දෙයක් ලබා ගන්න පුලුවන්.  

අපි හරියට චිත්‍ර ශිල්පියො වගේ , අපි විශ්වයේ තියන එක එක පාට , පැන්සල් , හැඩතල භාවිතා කරලා එක එක චිත්‍ර අඳිනවා. තමන් ඇඳපු චිත්‍රය වෙන මොකක්වත් නෙවෙයි තමන්ගෙම ජීවිතය. 

මිනිස්සු මොකද කරන්නෙ..... මේ මායා ලෝකේ ඇතුලෙ ඔන්න ගෙයක් හදනවා. ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය අකාරයට ගේ නැමති චිත්‍රය අඳිනවා. ඇඳලා නිකන් ඉන්නෙ නෑ. මේකට බැඳෙනවා. වාහනයක් ගන්නවා. ඒකත් අර තමන් හිතලා තමන්ට අවශ්‍ය විදියට වාහන චිත්‍රෙ පාට කරලා හැඩ කරලා ඒක තමන් සතු කර ගන්නවා. ඊට පස්සෙ දැන් වාහනේට බැඳෙනවා. ටිකක් කල් යද්දි තව මොකක් හරි ....තමන්ට ඕනෙ රක්ෂාවකට යනවා. ඒකට ගිහින් එතන බැඳෙනවා. ඔය විදියට මිනිස්සු තමන්ම අඳින තමන්ම පාට කරන විවිධ චිත්‍ර වලට බැඳෙනවා. මොකක්ද මේ බැඳීමත් එක්ක වෙන්නෙ? තමන්ගෙ සැහැල්ලු බව නැති වෙනවා. දැන් ඔලුවට හරි බරයි. හැම වෙලේම බර උස්සගෙන ඇවිදිනවා. ඉතින් කොයින්ද නිවීමක්, නිදහසක් හෝ සැනසීමක්?

අපි හිතන පතන හැම දේටම , අපි කරන ක්‍රියා හැම දේටම අපිට ප්‍රතිඵලයක් තියනවා. ඉතින් අපි මේ විශ්වය හරහා ඩවුන්ලෝඩ් කරන හැම දේකටම සාපේක්ෂව අවුට්පුට් එකක් නිර්මාණය වෙනවා.

බුදුන් වහන්සේ දේශනා කරපු විදියට චේතනාවමයි කර්මය වෙන්නෙ. ඒ නිසා අපේ චේතනාව අනුව කර්මය සිද්ද වෙනවා.

මේ මායා ලෝකෙ, එහෙමත් නැත්නම් බොරුවක් ඇත්ත විදියට පේන මේ ලෝකෙ අපි මොන වගේ දේවල් අපිට අවශ්‍ය ආකාරයට නිර්මාණය කර ගත්තත් කමක් නෑ එ දෙවල් වලට බැඳෙන්නෙ නැතුව. එහෙම නැත්නම් දේවල් එක්ක ගැටෙන්නෙ නැතුව.

අපි කාලෙන් කාලෙට විවිධ චිත්‍ර ඇඳ ඇඳ ඒවා අපේ කියලා හිතාගෙන මනසින් බැඳිලා  ජීවිත කාලයක් නිවීම සැනසීම අහිමි කරන් ජීවත් වෙලා මැරිලා යනවා.

නුවණින් විමසලා බැලුවොත් තේරෙනවා නිරන්තරයෙන් චලනය වෙන ලෝකයක, ඒ කියන්නෙ ඇසි පිය ගහන ක්ෂණයකින් වෙනස් වෙන ලෝකෙක අපිට මේකෙ බැඳෙන්න වත් ගැටෙන්නවත් දෙයක් නැති බව. ඒත් අපේ මේ මනස අපිව මුලා කරනවා. මනසට ඕනෙ අපිව මේකෙ දිගටම තියා ගන්න. ඒ නිසා මනස නිරතුරුවම අපිව බැඳීම් හෝ ගැටීම් වල හිර කරනවා. අවබෝධයෙන් නොදැක්කොත් අපි පත්වෙන්නෙ දුකට. ඒ නිසා සියලු දේවල යථා ස්වභාවය දකින්න තරම් නුවණක් ඇති කර ගන්න අවශ්‍යයයි.


සත්‍යයේ මාර්ගය සාමන්‍ය භෞතික ලෝකෙයේ පවතින ස්වභාවයට ප්‍රතිවිරුද්ධයි




මිනිස්සු වෙන අපිට ජීවත් වීමට විවිධ අරමුණු තියනවා. එක එක්කෙනා තම තමන්ගේ ජීවිත වල විවිධ අරමුණු ඇති කරගෙන ඒවා කරා ගමන් කරන එකයි කරන්නෙ. ඉතින් ගොඩක් මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකන් හිතින් සැලසුම් කරනවා. කවදාවත් සීයට සීයක් සැලසුම් කරපු විදියට කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. එහෙම නොවුනත් මිනිස්සු මේ මනසින් සැලසුම් හද හදා විවිධ අරමුණු කරා යන එක නවත්තන්නෙත් නෑ. මේක තමයි මනුස්ස ලෝකෙ හැම තැනකම වෙන්නෙ.

සමහර අය ජීවිතේ හොඳට උපරිමේටම විඳිනවා. උපරිම සැප , මිල, මුදල්, යාන වාහන, දේපල, ව්‍යාපාර, කීර්තිය, බලය ආදී වශයෙන් විඳිනවා. මෙහෙම විඳින ගමන් මෙයාල ට තේරෙනවා මේ දේවලින් එහා ගිය දෙයක් ඇති කියලා. එතන්දි සත්‍යය හොයන්න පටන් ගන්නවා. ධර්මය පැත්තට නැඹුරු වෙනවා. එතකොට තව කට්ටියක් ඉන්නවා ඉපදුන දවසෙ ඉඳන් කන්න බොන්න වත් නැතුව කිසිම සැපතක් නැතුව දුකම විඳිනවා. මේ අයත් මේ දුක් වලින් නිදහස් වෙන්න ධර්මය පැත්තට නැඹුරු වෙනවා. තවත් කොටසක් හැමදේම මධ්‍යස්ථ විදියට ලැබිලා සැප දුක දෙකම ජීවිතේ විඳලා යතාර්ථය නුවණින් දැකලා සත්‍යය ධර්මය පැත්තට නැඹුරු වෙනවා. මේ ධර්මය පැත්තට සත්‍යය පැත්තට නැඹුරු වෙන හැම කෙනෙක්ම නිවන ම හොයන්නෙ නෑ. සමහරුන්ට දිව්‍ය ලෝකෙ යන්න, එතකොට ඊලඟ භවය මීට වඩා යහපත් වෙන්න ආදී වශයෙන් එක එක හේතු නිසා ධර්මය පැත්තට තම තමන් යොමු වෙනවා. සමහර අය ආදරය කරන්න ගිහින් ඒකෙ ඇති වෙන දුකත් එක්ක සැනසීමක් ලබන්න ධර්මය පස්සෙන් එනවා. ඇත්තට සත්‍ය ධර්මය කියන්නෙ ආගමක් නෙවෙයි, සියලු දේවල් වල යථා ස්වභාවය හෙවත් ඇත්ත ට තමයි ධර්මය කියන්නෙ. සමහර මිනිස්සු ධර්මය ගැන මේ ලෝකෙ උවමනාවක් නැතුව ජීවිතේ එකපාර මුහුණ දෙන අත්දැකීමකින් ආධ්‍යාත්මය දෙසට යොමු වෙනවා.

ඉතින් තමන් ට මොකක්ද ඇත්තටම ඕනෙ නිවන් දකින්නද නැත්නම් වෙන දෙයක්ද ආදී වශයෙන් තමන් ගැන හරියටම සීයට සීයක් අවංකව දන්න එකම කෙනා තමන්මයි. වෙන කවුරුත් දන්නෙ නෑ.  එතකොට මේ භෞතික ලෝකෙ දියුණුව පතාගෙන ආධ්‍යාත්මික මාර්ගයකට එන කෙනෙක් ට කවදාවත් ඒ ගමන යන්න බෑ.  නමුත් භෞතික ලෝකෙ මේ තියන දේවල් කරගෙන ඉන්න ගමන් බණ අහලා, භාවනා කරලා, දන් දීලා, යහපත් ව ජීවත් වෙන්න කෙනෙක්ට පුලුවන්.

සත්‍යයේ මාර්ගය හැම විටම සාමන්‍ය ලෝකෙයේ පවතින ස්වභාවයට ප්‍රතිවිරුද්ධයි. මොකද මේ භෞතික ලෝකෙ අපි යමක් ගැන දැන ගෙන, කරුණු එක් රැස් කරල, අධ්‍යනය කරලා ආදී වශයෙන් අන්තිමට අත්දකින්න හදනවා. හැබැයි ආධ්‍යාත්මික මාර්ගයක ඒක වෙන්නෙ ප්‍රතිවිරුද්ධ පැත්තට. යමක් අත්දැක්කට පස්සෙ තමයි අපි දැන ගන්නෙ ඒ ගැන.

Friday, June 16, 2017

Truth is your own experience


This world is a maya, which means a dream. We all of us are born alone with absolutely nothing and we will be departing at death also with nothing. So the in between time period of birth and death is called life. And we people are so serious about this dream of life. We think this dream is true and permanent.

Unless someone completely liberates, his or her death in this life is temporary. After death we arrive somewhere else as a new being in different form.  

Most of us are seeking knowledge, which means we are looking to borrow the ideas of others. Knowledge that we gather is something what has been told by somebody. But the experience is different. The real thing is what we truly experience. 

About the Nirwana we people know a lot. How do we know is we know it by gathering the knowledge from the things what others told us etc. Our minds also add so much in to this. So does the word "Nirwana" carry it's real experience or true meaning? no. 

Experience is the real truth.  What we think is false.

The moment mind stops we connect to such a beautiful place with silence. Very peaceful. The same thing happens when we look deeper within and look for this "I". Where is "I" ? Can you find, where to find. This takes us very very deep. You only find the beautiful silence there.

The more we see the truth in this world and the reality within life, we need to become more compassionate and gentle. 

Because when you see that people, due to the reason they have not realized this world is a maya, they think it is true and trying so many ways to maintain permanence as well as they are seeking happiness from one after the other etc. Huge percentage of people are on  a unsatisfied journey continuously running. Even if someone point the finger and show them truth, they do not want to believe. Because the "lie" has gone in to them as a truth. They only know about it.   So once we start seeing reality our hearts need more compassion.

The moment we experience something and realize it..... then it is within us. Realizing the truth, coming to the center, going beyond the mind all these are experiences which we humans can get. You can never get the real experience only by knowing it. 

 Example is we can say many things about meditation with our knowledge, this that and other thing. But when truly experience meditation then only you realize it. There is no way realization happen with knowledge. All concepts, ideas has to be dropped.

Thursday, June 8, 2017

ඇත්ත ඇති සැටියෙන්ම දැක අවබෝධ කර ගැනීම



සත්‍යය නම් කොයි පැත්තකින් බැලුවත්, මොන කෝණයකින් බැලුවත් සත්‍යයම විය යුතුයි. සත්‍යය කියන දේ එක එක පැති වලට හරවලා , විවිධ විදියට බැලුවත් එකක්ම විය යුතුයි.   බුදු රජාණන් වහන්සේ දේශනා කළේ උන් වහන්සේ කියන දේ පවා නුවණින් විමසා බලා පිලිගන්න කියලා. සත්‍යාවබෝධය කියන්නෙ මේ තියන දේවල ඇත්ත ඇති සැටියෙන්ම දැක අවබෝධ කර ගැනීමයි.

අපි ජීවත් වෙන්නෙ සාපේක්ෂක ගොඩක් එක්ක. කොටින්ම කිව්වොත් සාපේක්ෂ ලෝකයක් තුල  තමයි අපි හැමෝම ජීවත් වෙන්නෙ. සාපේක්ෂව හිතන තාක් ම අපිට නිවනක් නෑ. සාපේක්ෂකත්වයෙන් මිදුන තැන නිවීම පවතිනවා.

අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නෙ තමන්ට වාසි සහගත වෙන විදියට. ඒ කියන්නෙ අපි ගොඩක් වෙලාවට තමන්ට වාසි වෙන විදියට ක්‍රියාත්මක වෙනවා. ගොඩක් විට අපි මට මොනවද මේ මිනිස්සු වෙනුවෙන් දෙන්න පුලුවන් කියන දෙයට වඩා හිතන්නෙ මට මොනවද මේ මිනිස්සුන්ගෙන් ගන්න පුලුවන් කියලා. දීමට වඩා ගැනීම පැත්තටයි මිනිස්සු යොමු වෙලා ඉන්නෙ. සැබෑ මයිත්‍රීය තුල තියෙන්නෙ දීමක් ම විතරයි. ගැනීමක් ගැන සිතුවිලි මාත්‍රයක් හෝ බලාපොරොත්තුවක් සැබෑ මයිත්‍රීය තුල නෑ. මිනිස්සු දානෙ දෙනවා. දානෙ දීලා ඇවිත් මම මෙහෙම දුන්නා කියලා පුරසාරම් කියනවා, ඒ මදිවට අඩුම තරමෙ පින් හරි බලාපොරොත්තු වෙනවා. දන් දීම ඉතා හොඳ ක්‍රියාවක් . නමුත් සැබෑම දානය කියන්නෙ කිසිම බලාපොරොත්තුවකින් තොරව දීමක්. මයිත්‍රීය තුල කිසිම බලාපොරොත්තුවක් නෑ.

සත්‍යාවබෝධයට පත් වෙච්ච උතුමන් බොහොම මයිත්‍රී සහගතයි. ඇත්තටම සත්‍යය අවබෝධ වෙච්ච කෙනෙක් ඒ තමන්ට අවබෝධ උන පරම නිර්මල සත්‍යය අනික් අයට අවබෝධ කරලා දෙන්න හදනවා. එහෙම කරන්නෙ කිසිම බලාපොරොත්තුවකින් තොරව සැබෑම මයිත්‍රීයකින්. 

මයිත්‍රීය කියන්නෙ ආදරයට ත් වඩා එහාට ගියපු උත්තරීතර දෙයක්.කෙනෙක් තුල සැබෑ මයිත්‍රීයක් ඇති වෙන්නෙ අවබෝධය තුලින්මයි. 

මෙතන තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි, ඇත්ත ඇති සැටියෙන් දැකලා අවබෝධයෙන් පැවැත්මයි.

අපි තුල බොහෝ ද්‍රට ක්‍රියාත්මක වෙන්නෙ සංසාර පුරුදු. සසර පුරුදු කියන ඒවා මේ මහ දිගම දිග සංසාර ගමනක  එකතුවකින් නිර්මාණය වූ දේවල්. නමුත් අපිට යම් අයහපත් පුරුද්දක් යහපත් පුරුද්දකින් වෙනස් කර ගන්ඩ පුලුවන්. ඒක මෙහෙමයි. අපි හැමදාම උදේ නැගිට්ටම දත් මදිනවා, ඒක පුරුද්දක්.ඒතකොට අපි තුන් වේලක් කෑම කනවා. ඒකත් පුරුද්දක්. ඒ වගේම ඇයි අපිට බැරි හැමදාම ටික වෙලාවක් භාවනා කරන්න එහෙම නැත්නම් යෝගා කරන්න. යම් කිසි කාලයක් අපි මේ භාවනා කිරීම එක දිගට කිරීම ඉතාමත් අවශ්‍යයි.

බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන මනුස්සයා නිතරම ඉන්නෙ සතුටෙන්. හෙටක් ගැන බලාපොරොත්තුවක් නැති මනුස්සයා ජීවත් වෙන්නෙ සැහැල්ලුවෙන්. කාගෙන්වත් මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නැතුව තියන දෙයක් බෙදා හදාගෙන ඉන්න මනුස්සයා තෘප්තිමත්.

නිවීම කියන දේ අපි තුළම තියන දෙයක්. අපේ ඔලු වලට පුංචි කාලෙ ඉඳන් දාපු සංකල්ප, මති මතාන්තර වලින් සහ "මම" කියලා හදා ගත්තු බොරුවකින් නිවන ආවරණය වෙලා. අපේ මනසේ ඇති සියලු සංකල්ප අයින් වෙලා, "මම" කියන දේ දිය වෙලා නැති වුන මොහොතක අපිට සම්පූර්ණ සත්‍යය අවබෝධ විය යුතුයි.

Wednesday, June 7, 2017

මිනිසා සහ ගැහැණිය



අපි සියල්ලෝම මිනිසුන් උවත්, ගැහැණු පිරිමි ලෙස වර්ග දෙකක් ලෝකෙ පවතිනවා. මේකත් ද්විත්වත්වයේම කොටසක්.   

මේ ගැහැණිය, පිරිමියා වශයෙන් හඳුනා ගැනීම මූලිකවම සිද්ද වෙලා තියෙනෙන් ලිංගිකත්වය මුල් කරගෙන. ඇත්ත ඇති සැටියෙන් දකින මනුස්සයෙකුට පේනවා මිනිස්සු ගෑණු නිසා මොනතරම් දුකක් විඳිනවද? අනික් පැත්තට ගෑණු මිනිස්සු නිසා මොනතරම් නම් දුකක් විඳිනවද? මොකක්ද මේ දුකට හේතුව? තමන්ගේ කියා අල්ලා ගැනීම, තමන්ගේ නම් තමන්ට අවශ්‍ය විදියට සිටිය යුතුයි කියලා හිතාගෙන සිටීම.

 බොහෝ පිරිමින් තමාගේ යයි , තමන්ට අයිති යයි මනසින් හදාගත් ගැහැනියක් ආරක්ශා කිරීමට ජීවිත කාලයක් වෙහෙස වෙන අතර... ගැහැනුන් තමන්ට අයිති යැයි සිතා ගත් පිරිමියෙකු ආරක්ශා කිරීමට මුලු ජීවිත කාලයක් වැය කරයි.

ඇත්තම කතාව නම් කිසි කෙනෙක් , කිසි කෙනෙක්ට අයිති නැහැ. ඒක සමාජ සම්මතය විසින් ගොඩ නගපු සංකල්පයක් ම විතරයි.

 දැන් නුවණින් බලන්න සසර යම් පමණකට අවබෝධ කරගත්තු කෙනෙක්ට තේරෙනවා මේ භවයේ අපේ අම්මා ගිය භවයේ මගේ දරුවෙක් වෙන්ඩ පුලුවන්. අපේ තාත්තා සමහර විට ගිය භවයේ මගේ ස්වාමි පුරුෂයා වෙන්ඩ පුලුවන්. මේ භවයේ මගේ ස්වාමිපුරුෂයා ගිය භවයේ මගේ සීයා වෙන්ඩ පුලුවන්.බිරිඳ ආච්චි වෙන්න පුලුවන්. මෙහෙම දැක්කහම තේරෙනවා මේකෙ බැඳීම් හදාගෙන අල්ල ගන්න කෙනෙක් වත් දෙයක් වත් නැති බව.

අපිට කවදාවත් තව කෙනෙක් තමන්ගේ කියලා අල්ල ගන්න බෑ. ඇත්තටම ඒක මහා විහිලුවක්. මේක උදාහරණයකින් ගැහැණිය සහ පිරිමියා ඔස්සේ පැහැදිලි කලොත්. ගැහැණිය ගරාජ් එකක් කියලා මොහොතකට හිතන්න. පිරිමියා වාහනයක් කියලා හිතන්න. දැන් මොනවද මේ ගෑණු මිනිස්සු කරන්නෙ... තමන්ගෙ ගරාජ් එකේ වෙන වාහන පාක් කරයි කියලා බයේ ඒක ආරක්ෂා කරන්න අසීමන්තිකව දඟලන මිනිස්සු පිරිසකුයි, තමගෙ වාහනේ වෙන ගරාජ් එකක පාක් කරයි කියලා හිතන ගෑණු ටිකකුයි නේද අපිට දකින්න ලැබෙන්නෙ? 

වෙන වචන වලින් කිව්වොත් තමන්ගෙ මිනිහා  වෙන ගෑනු කෙනෙක් එක්ක යයි, තමන්ගේ ගැහැණිය වෙන පිරිමි කෙනෙක් එක්ක යයි කියලා බයේ ඒක එහෙම නොකර ගන්න දැඩි වෙහෙසක් දරනවා. ඇත්ත කතාව නම් යන කෙනා කොහොමත් යනවා.  යන්නෙ නැති කෙනා කොහොමත් යන්නෙ නෑ. මිනිස්සු මේවා ඇත්ත උනත් පිලිගන්න කැමති නෑ.

මිනිස්සු පිලිගන්න අකැමති තිත්ත ඇත්ත මේකයි.

මේ ඉන්න ගෑණු , මිනිස්සු ඔක්කොම බොරුවක් තුල , බොරු කර කර ජීවත් වෙනවා.

තමන්ගේ පැවැත්ම තමන් ට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට සියලු ගැහැනුන්ට මිනිසුන්ට නිදහසක් තියනවා.  අපි පුළුවන් තරම් මයිත්‍රී සහගත විය යුතුයි. 

මමත්වය මූලික කරගෙන මගේ කියා අල්ල නොගත යුතුයි. අල්ලා ගැනීමත් සමගම මොකක්ද නිර්මාණය වෙන්නෙ. සසර.

අපි හැම කෙනෙක්ම අප්‍රමාදීව සත්‍යය අවබෝධ කර ගත යුතුයි.

සත්‍යය නම් අපි කොයිතරම් ආකර්ෂණය වෙලා මගෙ කියලා අල්ලන් ඉන්න ගෑනියෙක් උනත් එයාගෙ මතුපිට හම නිසා තමයි ලස්සනට පේන්නෙ. හම අයින් කරොත් බුදුන් වහන්සේ කියන විදියට අපිට කෝටුවක් අරන් බලු, කපුටන් එලවන්න සිදුවෙනවා. භෞතික ශරීරයේ යථා ස්වරූපය ඒකයි. මගේ කියලා අල්ලගෙන රාගයෙන් මත් වෙලා ඉන්න පිරිමියෙක් දිහා බලන්න. ඒත් ආකර්ෂණය ඇති වෙලා තියෙන්නෙ මේ මතුපිට සමකින් වැහිලා ගිය මස් සහ ඇටකටු ගොඩකට.

අපි ජීවිතයේ මොනතරම් දේවල් වින්දත් ගැටලුවක් නැහැ, යථා ස්වරූපය දැකලා. එහෙම දැකපු කෙනෙක් කිසිවක් අල්ල ගන්නෙ නෑ.

යථා ස්වරූපය අවබෝධ කර ගත්තු ශ්‍රේෂ්ඨ උතුමන්ට පුලුවන් තමන් ඉදිරියට එන ගැහැණියකගෙ ලස්සන දකින්න. ඒ වගේම ඒ ගැහැනිය ඇටකටු ගොඩක් වහලා තියන මස් ගොඩක් විදියටත් දකින්න පවා පුලුවන්. එතකොට ඇලීමක් , මගේ, තමන්ගේ යැයි සිතුවිලි ඇති වන්නේ නෑ.

මේ ලෝකය තනිකරම මායවක්. ඇත්ත වහලා බොරුවක් ඇත්ත කියලා සමාජගත කරලා පෙන්වන  මහා අමූලික බොරුවක්.

මේක නුවණින් දැකලා අවබෝධ කරගත්ත කෙනෙක්ට ගැහැනු පිරිමි බව වත්, එහෙම නැත්තම් අයිතියක්, මගේ, මම කියලා දෙයක් නෑ. එතකොට එයා අනික් අයගේ සැපත තමන්ගේ සැපත හා සමානව දැකලා බොහොම කාරුණික , මයිත්‍රී සහගතව පවතිනවා.... එච්චරයි.

මේ ලෝකෙ මිනිහෙක් හරි ගැහැණියෙක් හරි අහු වෙන්න පුලුවන් ලොකුම තැන හෙවත් ගැටේ තමයි තව ගෑනියෙක්ට හරි මිනිහෙක්ට හරි. ඒ ප්‍රතිවිරුද්ධ ස්වභාවය නිසා.

 නමුත් මේ ලෝකෙ මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ගෙ හදවත් සැබෑ ආදරෙන් පිරිලා, එයාලා කවදාවත් තමන්ට සැපතක් ගන්න තව කෙනෙක් ඇසුරු කරන්නෙ නෑ. අනික් කෙනාට සැපතක් සතුටක් ලබා දෙන්නයි ඇසුරු කරන්නෙ. තමන්ගේ යයි අල්ලා ගැනීමක් නැහැ. නමුත් අනෙකා කෙරෙහි ආදරය සහ මයිත්‍රීය උපරිමයි. මේ වගේ ගැහැණු සහ පිරිමි දෙවර්ගයම ඉන්නවා. ඒ වගේම ලෝකයේ යථා ස්වභාවය නුවණින් දැකලා අවබෝධ කරගෙන එයාල මේ ලෝකෙ තුල පවතිනවා. මෙන්න මේ වගේ පිරිමියෙක් සහ ගැහැනියෙක් යම් මොහොතක එකතු වුනොත් එතනදි විශාල යහපත් ශක්තියක් මුදා හැරෙනවා. ලෝකය සමනය වෙනවා. ඒක පූජනීය අත්දැකීමක් වෙනවා.

නමුත් මේවා උනත් මේ මායා ලෝකය තුල යම් යම් පාරමිතා පුරපු අය අත් විඳින දේවල් පමණයි. 

අපිට මේ සාපේක්ෂ ලෝකෙ බොරුව දැකලා මේකෙ තියන කිසි දේකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව පවතින්න පුලුවන් නම් මමත්වය ටික ටික දිය වෙලා යනවා.

අපි ඇත්ත ඇති සැටියෙන් දැකීමට තරම් ඉවසිලිවන්ත විය යුතුයි.කාරුණික සහ මයිත්‍රී සහගත විය යුතුයි. මිනිස්සුන්ට ඇත්ත කිව්වම පිලිගන්න කැමති නෑ. මොකද "මම" කියන කෙනාට පහරක් වදින නිසා. හැමෝම කියනවා "මම" එහෙම නෑ කියලා. 

ඒ නිසා අතිශය අවංකව ,
නිහතමානීව ,තමන් දිහා බලන්න. එතකොට න්ට සත්‍යය පේන්න පටන් ගන්නවා .

Saturday, June 3, 2017

"මම" කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද?



මේ ලොව බොහෝ මිනිසුන් ජීවත් වෙනවා යනුවෙන් කරන එකම දේ "මම" යන්න පෝෂණය කිරීමයි. "මම" මෙහෙමයි, "මම" ඉන්නෙ මෙන්න මේ තත්වයේ, මම කන්නෙ බොන්නෙ මේවා, මගේ සමාජ තත්වය මේක, මම දිනෙන් දින දියුණු වෙනවා. මට මෙච්චර ධනය තියනවා. මට මෙච්චර දේපළ සහ පිරිවර තියනවා. මට මෙන්න මේ මේ දේවල් කරන්න පුලුවන්. මගේ තැන රැක ගන්න මන් මෙන්න මේ දෙවල් කරන්න ඕනෙ. අනික් මිනිස්සු මට මෙහෙම කරන්න ඉඩ තියනවා. "මම "ගැන මෙහෙම හිතයි. "මම" ආරක්ෂා කරගන්න මේ මේ ක්‍රියා මාර්ග ගන්න වෙනවා ආදී වශයෙන්... මිනිසුන් නිතරම ජීවත් වෙන්නෙ මේ "මම" කියන සංකල්පය මුල් කර ගනිමින්. "මම" රැකුනම ඇති. මට, මම, මගේ ආදී වශයෙන් "මම" කියන දේ කොයිතරම් අපේ තුළට කිඳා බැස ඇත්ද?

තව කෙනෙක් අපි ගැන හොඳක් කිව්වොත් ප්‍රශංසා කළොත් "මම" පිම්බෙයි. මට කවුරුහරි නින්දා කළොත් "මම" හැකිළෙයි. "මම" නිතරම බලාපොරොත්තු වෙන්නෙ "මම" ඉහළ නංවා ගැනීමටයි. "මම" යන්න මූලික කරගෙන මොනතරම් දේවල් නම් සිදුවේද?

මේ ආදී වශයෙන් "මම" එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට නිවන බොහෝ දුරයි. මේ "මමත්වය" නිසා මිනිස්සු තුළින් බොහෝ දුරට යහපතට වඩා සිදුවන්නේ අයහපතකි. "මම" රැක ගන්න මිනිස්සු මොනතරම් දේ කරනවාද?

අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය ඇත්තටම "මම" කියා කෙනෙක් සිටීද යන්නයි. මේ "මම" කියන කෙනාට අර්ථ දැක්වීමක් නැත්නම් කොහොමද මේ "මම" මාව හඳුන්වන්නෙ මා සතු දේවල් වලින්ද?නැත්නම් මගේ තත්වය, මගේ රක්ෂාව, මගේ නෑදෑයො, මගේ  සමාජ තත්වය මගේ අරක මේක ආදී වශයෙන්ද? එතකොට මම කියන්නෙ මේ දේවල් වලින් කවරක්ද?

ගැඹුරට කල්පනා කරද්දි මම කියන්නෙ නිකන්ම නිකන් හිස් සංකල්පයක් බව අවබෝධ වේ.

නිතරම ආරක්ෂා කරන්න හදන "මම" , මට මේව නැති උනොත්, මට මෙහෙම උනොත් හරම උනොත්, "මම" කොහොමද , "මම" "මම" "මම" - මිනිස්සු හිතන්නේම "මම" ගැන.

බොහෝ අය මම කියලා හඳුන ගෙන ඉන්නෙ තමන්ගෙ හිත. ඉතින් මාව සනසන්න කියලා හිතාගෙන හිත කියන කියන දේ කරගෙන ජීවත් වෙනවා. කොයිතරම් සංකීර්ණද? තව කට්ටියක් භෞතික ශරීරය "මම" කියලා හිතාගෙන ශරීරයට අධික සැප බලාපොරොත්තුවෙන් නොයෙකුත් දේ කරනවා. ඇත්තටම "මම" කියන්නෙ මේ ශරීරයද? මනසද? දෙකම නෙවෙයිද? දෙකමද? "මම" කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද?

මට රූපයක් තියනවා. මට නමක් තියනවා. රූපය අනුව මාව හඳුන්වනවා. එතකොට "මම" ඉන්නෙ තමන්ව හඳුන්වා දීමට මිසක් හිතට ඕනෙ ඕනෙ විදියට පෝෂණය කිරීමටද?

තමන් තමන් ගැනම ආත්ම පර්යේෂණයක යෙදීමෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. ලෝකෙ වැඩිපුර මිනිස්සු අනුන් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අපිට පුලුවන් නම් අපේ දිහා බලන් ඉන්න. අපිට ගොඩක් දේවල් අවබෝධ වෙන්න පටන් ගන්නවා.  අපේ මනස වැඩ කරන හැටි , ශරීරය වැඩ කරන හැටි. මේ දෙවල් ගැන හරි අවබෝධයක් ලැබෙනවා.


සාපේක්ෂව ඇතිවෙන සිතිවිලි කොහොමද නිවැරදි වෙන්නෙ


අපි ජීවත් වන ලෝකය විශාල මායාවක්. අපේ ඇස , කන, නාසය, දිව ශරීරය තුළින් අපි ඇතුලට ගන්න තොරතුරු ඇත්තෙන්ම සියයට සීයක් නිවැරදි නොවේ.මොකද අපිට ඇහෙන ශබ්දයක් බල්ලෙක්ට නැත්නම් කුරුල්ලෙක්ට ආදී වෙනත් සතකුට මීට වඩා තීව්‍ර ලෙස ඇහෙන්නට පුලුවන්. ඒ වගේම එකම රූපය දිහා අපි දෙන්නෙක් බැලුවොත් පේන්නෙ දෙවිදියකට. එතකොට මොකද්ද ඇත්ත. ඒ විතරක්ම නෙවෙයි දැන් මේ පන්චේන්ද්‍රියෙන් ගන්න තොරතුරු වලින් මනස අපිට කියන කතන්දර දිහා බලන්න. ඒ දේවල් මොනතරම් බොරුද. සාපේක්ෂද? එතකොට සාපේක්ෂ ලෝකයක එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව ඇතිවෙන සිතිවිලි කොහොමද නිවැරදි වෙන්නෙ.

එකම සිදුවීම දිහා අපි කීප දෙනෙක් බැලුවත් ඒ කීප දෙනා විවිධ අදහස් පළ කරනවා. මොකද සාපේක්ෂයි. සාපේක්ෂ තාවයට අහුවෙලා ඉන්න තාක් අපි සම්පූර්ණ සැනසීමක් අත් විඳින්නෙ නෑ.

නමුත් සිතුවිලි නොවන අපිට දැනෙන දේවල් තියනවා. දැනෙන දේවල් සිතුවිලි වලට වඩා බොහෝ සෙයින් සත්‍යයි. අපේ හදවතට සැබෑ ආදරය දැනෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැති සැබෑ ආදරය දැනෙන්නෙ හදවතට.

ජීවත් වෙන්න පුලුවන් පහසුම විදිය තමයි බලාපොරොත්තුවකින් තොරව ජීවත් වීම. හොඳට බැලුවම අපිට මොකක්ද පේන්නෙ. බොහෝ අය දෙවල් කරන්නෙ බලාපොරොත්තු ඇතුව. තමන්ට ලබා ගැනීමේ අපේක්ෂාවන් ඇතුව. ඒත් ඒ අතර සමහර අය ඉන්නවා එයාලා කිසිම බලාපොරොත්තුවකින් තොරව දෙනවා. දන් දීම තුලින් මිනිස්සු පින් හරි බලාපොරොත්තු වෙනවා. එතෙන්දි සැබෑ දානයක් සිද්ද වෙන්නෙ නෑ. නැත්තම් මිනිස්සු කියනවා මන් අරය වෙනුවෙන් මෙච්චර කරා. මෙයා වෙනුවෙන් මෙච්චර කලා මොනවද ලැබුණෙ කියලා. ඒ කරලා තියන්නෙ ලැබෙයි කියලා හිතාගෙන.  මයිත්‍රීය කියන්නෙ බලාපොරොත්තුවකින් තොරව දීම. කරුණාවන්ත හිනාවක් හදවතට එකඟව තව කෙනෙක්ට දෙන්න පුලුවන් මනුස්සයෙක් ඇත්තටම දේවල් බලාපොරොත්තුවෙන් අනික් අයට යමක් කරන අයට වඩා බොහොම ශ්‍රේෂ්ඨයි.

මේ ලෝකය තුල පවතින්නෙ මායාවක්, නැත්තම මේක සිහිනයක්. හැබැයි සීයට අනූ නවයක් මිනිස්සු හිතන් ඉන්නවා මේ හීනය ඇත්තක් කියලා. ඉතින් මේගොල්ලො මේ හීනය විවිධ අයුරින් පාට කරනවා. හැඩ කරනවා. තේරුමක් තියනවද? නෑ. අවුරුදු සීයක් වැඩිම උනොත් ජීවත් වෙන අපි මේ මනුස්ස ජීවිතේ ඇත්තක් කියලා හිතන් කවදාවත් නොයෙන හෙටක් ගැන හීන දකිමින් ජීවත් වෙනවා.  මේක තේරුම් ගන්න ටිඅක අමාරුයි. තේරුම් කරන්නත් අමාරුයි. හීනයක් ඇතුලෙ හීන දැක දැක ඉන්න මිනිස්සු මේවා පිලිගන්නෙ නෑ. ලෝකය මායවක් කිව්වම එහෙම කියන කෙනා පිස්සෙක් කියලා කියනවා.

ඒ වගේම විශාල බැඳීම තොගයක් කර පින්නගෙන ඉන්න මිනිස්සු මේ බැඳීම් වල පැටලිලා. එක එක බැඳීම් වල අය කියන දේවල් කරන්න ඒ බැඳීම් සතුටු කරන්න නොනවතින අරගලයක යෙදෙනවා. පුලුවන් තරම් මේවායින් නිදහස් වූ තරමට ජීවිතය තෘපතිමත්. සැහැල්ලුයි.

ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. හුදකලා විය යුතුයි කියලා. ජීවිතේ පුලුවන් දෙයක් බලාපොරොත්තුවකින් තොරව කරලා සතුටෙන් නිදහසේ තෘප්තිමත්ව ඕනෙ කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරලා ඉන්න පුලුවන් කෙනෙක්ට  ඇත්තටම සන්සුන් මනසකින් ජීවත් වෙන්න පුලුවන්.


බලාපොරොත්තුවක් නැති තැන කොයින්ද දුකක්? අපි ජීවත් වෙන මේ මනුස්ස ලෝකෙ හැමදේම අපිට ඕනෙ විදියට සිද්ද වෙන්නෙ නෑ. අපිට පුලුවන් එකම දේ වෙන දේකට මුහුණ දීගෙන ජීවත් වෙන එක. 

අපේ හිත ගොඩක් වෙලාවට අපිව රවට්ටනවා. අපිට නොයෙකුත් කතන්දර කියනවා. ජීවිතේ යම් යම් සිදුවීම් උනාම අපේ මේ හිත අපිට මොනතරම් කතන්දර කියනවද? ඒව පට්ටපල් බොරු. සසර නිර්මාණය වෙන්නෙ මේ සාපේක්ෂ සිතුවිලි නිසාමයි.

විවේකයෙන් ඉන්න වෙලාවට අපිට පුලුවන් අපේ හිත දිහා බලන් ඉන්න. සිතුවිලි එනවා. යනවා. ඒක නවත්තන්නේ නැතුව මොන වගේ සිතුවිල්ලක් ආවත් ඒ දිහා බලා හිටියම ඒකෙන්ම ඒක නැතිවෙලා යනවා.
හමු වෙන හැම කෙනෙක්ම , වෙන හැම සිදුවීමක්ම තමන්ගෙ සංසාර ගමන කෙළවර කරගන්න හේතුවෙන, එතෙර වෙන්නදොරක් බවට පත් කර ගන්න. .

 මේ සසර ගමනේ කටුක බව නිතර අවබෝධ වෙද්දි හැම මොහොතකම මේකෙන් එතෙර වෙනවා කියන අදිෂ්ඨානය ශක්තිමත් වෙනවා. ඒක සිතුවිල්ලක් විතරක් කර නොගෙන හැම මොහොතකම ඒ ගමනට සූදනම් වෙන කෙනෙක් ට උතුම් ඌ නිවන ළඟා වෙනවා. ඒක හරියට අපි නින්දට සූදානම් වෙනවා වගේ. ඒ කියන්නෙ අපි කොට්ටෙකට ඔලුව තියාගෙන නින්දට ලෑස්ති වෙනවා. එහෙම උනාම යම් මොහොතක් නින්ද අප වෙත ළඟා වෙනවා.

Coming to the center



A continuous journey of birth and death.... which means the Samsar exists only when we are caught up in the duality. when there is no duality, then there is no samsar.

The ultimate peace and bliss exists when we are away from this duality. 

Many people in this world are outward. They never look inward. These people believe that the things which exist in the outside world are true. Which that they believe this illusion as a truth and living the life and caught up in a endless cycle of birth and death with suffering.

Some people after seeing this entire thing is an illusion.They turn inward. When someone turn him or herself inward he or she starts realizing lots of things. But after turning inward if they can be without getting affected by the outside worldly things, that is a great thing. But that only happens when we come to the center.

If someone comes to the center, for such a person the outside world does not influence the inside.

We need to realize that the practicing of yoga, pranayama, meditation gives you the required strength to be immovable by any external influences and come to the center.