Wednesday, June 7, 2017

මිනිසා සහ ගැහැණිය



අපි සියල්ලෝම මිනිසුන් උවත්, ගැහැණු පිරිමි ලෙස වර්ග දෙකක් ලෝකෙ පවතිනවා. මේකත් ද්විත්වත්වයේම කොටසක්.   

මේ ගැහැණිය, පිරිමියා වශයෙන් හඳුනා ගැනීම මූලිකවම සිද්ද වෙලා තියෙනෙන් ලිංගිකත්වය මුල් කරගෙන. ඇත්ත ඇති සැටියෙන් දකින මනුස්සයෙකුට පේනවා මිනිස්සු ගෑණු නිසා මොනතරම් දුකක් විඳිනවද? අනික් පැත්තට ගෑණු මිනිස්සු නිසා මොනතරම් නම් දුකක් විඳිනවද? මොකක්ද මේ දුකට හේතුව? තමන්ගේ කියා අල්ලා ගැනීම, තමන්ගේ නම් තමන්ට අවශ්‍ය විදියට සිටිය යුතුයි කියලා හිතාගෙන සිටීම.

 බොහෝ පිරිමින් තමාගේ යයි , තමන්ට අයිති යයි මනසින් හදාගත් ගැහැනියක් ආරක්ශා කිරීමට ජීවිත කාලයක් වෙහෙස වෙන අතර... ගැහැනුන් තමන්ට අයිති යැයි සිතා ගත් පිරිමියෙකු ආරක්ශා කිරීමට මුලු ජීවිත කාලයක් වැය කරයි.

ඇත්තම කතාව නම් කිසි කෙනෙක් , කිසි කෙනෙක්ට අයිති නැහැ. ඒක සමාජ සම්මතය විසින් ගොඩ නගපු සංකල්පයක් ම විතරයි.

 දැන් නුවණින් බලන්න සසර යම් පමණකට අවබෝධ කරගත්තු කෙනෙක්ට තේරෙනවා මේ භවයේ අපේ අම්මා ගිය භවයේ මගේ දරුවෙක් වෙන්ඩ පුලුවන්. අපේ තාත්තා සමහර විට ගිය භවයේ මගේ ස්වාමි පුරුෂයා වෙන්ඩ පුලුවන්. මේ භවයේ මගේ ස්වාමිපුරුෂයා ගිය භවයේ මගේ සීයා වෙන්ඩ පුලුවන්.බිරිඳ ආච්චි වෙන්න පුලුවන්. මෙහෙම දැක්කහම තේරෙනවා මේකෙ බැඳීම් හදාගෙන අල්ල ගන්න කෙනෙක් වත් දෙයක් වත් නැති බව.

අපිට කවදාවත් තව කෙනෙක් තමන්ගේ කියලා අල්ල ගන්න බෑ. ඇත්තටම ඒක මහා විහිලුවක්. මේක උදාහරණයකින් ගැහැණිය සහ පිරිමියා ඔස්සේ පැහැදිලි කලොත්. ගැහැණිය ගරාජ් එකක් කියලා මොහොතකට හිතන්න. පිරිමියා වාහනයක් කියලා හිතන්න. දැන් මොනවද මේ ගෑණු මිනිස්සු කරන්නෙ... තමන්ගෙ ගරාජ් එකේ වෙන වාහන පාක් කරයි කියලා බයේ ඒක ආරක්ෂා කරන්න අසීමන්තිකව දඟලන මිනිස්සු පිරිසකුයි, තමගෙ වාහනේ වෙන ගරාජ් එකක පාක් කරයි කියලා හිතන ගෑණු ටිකකුයි නේද අපිට දකින්න ලැබෙන්නෙ? 

වෙන වචන වලින් කිව්වොත් තමන්ගෙ මිනිහා  වෙන ගෑනු කෙනෙක් එක්ක යයි, තමන්ගේ ගැහැණිය වෙන පිරිමි කෙනෙක් එක්ක යයි කියලා බයේ ඒක එහෙම නොකර ගන්න දැඩි වෙහෙසක් දරනවා. ඇත්ත කතාව නම් යන කෙනා කොහොමත් යනවා.  යන්නෙ නැති කෙනා කොහොමත් යන්නෙ නෑ. මිනිස්සු මේවා ඇත්ත උනත් පිලිගන්න කැමති නෑ.

මිනිස්සු පිලිගන්න අකැමති තිත්ත ඇත්ත මේකයි.

මේ ඉන්න ගෑණු , මිනිස්සු ඔක්කොම බොරුවක් තුල , බොරු කර කර ජීවත් වෙනවා.

තමන්ගේ පැවැත්ම තමන් ට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට සියලු ගැහැනුන්ට මිනිසුන්ට නිදහසක් තියනවා.  අපි පුළුවන් තරම් මයිත්‍රී සහගත විය යුතුයි. 

මමත්වය මූලික කරගෙන මගේ කියා අල්ල නොගත යුතුයි. අල්ලා ගැනීමත් සමගම මොකක්ද නිර්මාණය වෙන්නෙ. සසර.

අපි හැම කෙනෙක්ම අප්‍රමාදීව සත්‍යය අවබෝධ කර ගත යුතුයි.

සත්‍යය නම් අපි කොයිතරම් ආකර්ෂණය වෙලා මගෙ කියලා අල්ලන් ඉන්න ගෑනියෙක් උනත් එයාගෙ මතුපිට හම නිසා තමයි ලස්සනට පේන්නෙ. හම අයින් කරොත් බුදුන් වහන්සේ කියන විදියට අපිට කෝටුවක් අරන් බලු, කපුටන් එලවන්න සිදුවෙනවා. භෞතික ශරීරයේ යථා ස්වරූපය ඒකයි. මගේ කියලා අල්ලගෙන රාගයෙන් මත් වෙලා ඉන්න පිරිමියෙක් දිහා බලන්න. ඒත් ආකර්ෂණය ඇති වෙලා තියෙන්නෙ මේ මතුපිට සමකින් වැහිලා ගිය මස් සහ ඇටකටු ගොඩකට.

අපි ජීවිතයේ මොනතරම් දේවල් වින්දත් ගැටලුවක් නැහැ, යථා ස්වරූපය දැකලා. එහෙම දැකපු කෙනෙක් කිසිවක් අල්ල ගන්නෙ නෑ.

යථා ස්වරූපය අවබෝධ කර ගත්තු ශ්‍රේෂ්ඨ උතුමන්ට පුලුවන් තමන් ඉදිරියට එන ගැහැණියකගෙ ලස්සන දකින්න. ඒ වගේම ඒ ගැහැනිය ඇටකටු ගොඩක් වහලා තියන මස් ගොඩක් විදියටත් දකින්න පවා පුලුවන්. එතකොට ඇලීමක් , මගේ, තමන්ගේ යැයි සිතුවිලි ඇති වන්නේ නෑ.

මේ ලෝකය තනිකරම මායවක්. ඇත්ත වහලා බොරුවක් ඇත්ත කියලා සමාජගත කරලා පෙන්වන  මහා අමූලික බොරුවක්.

මේක නුවණින් දැකලා අවබෝධ කරගත්ත කෙනෙක්ට ගැහැනු පිරිමි බව වත්, එහෙම නැත්තම් අයිතියක්, මගේ, මම කියලා දෙයක් නෑ. එතකොට එයා අනික් අයගේ සැපත තමන්ගේ සැපත හා සමානව දැකලා බොහොම කාරුණික , මයිත්‍රී සහගතව පවතිනවා.... එච්චරයි.

මේ ලෝකෙ මිනිහෙක් හරි ගැහැණියෙක් හරි අහු වෙන්න පුලුවන් ලොකුම තැන හෙවත් ගැටේ තමයි තව ගෑනියෙක්ට හරි මිනිහෙක්ට හරි. ඒ ප්‍රතිවිරුද්ධ ස්වභාවය නිසා.

 නමුත් මේ ලෝකෙ මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ගෙ හදවත් සැබෑ ආදරෙන් පිරිලා, එයාලා කවදාවත් තමන්ට සැපතක් ගන්න තව කෙනෙක් ඇසුරු කරන්නෙ නෑ. අනික් කෙනාට සැපතක් සතුටක් ලබා දෙන්නයි ඇසුරු කරන්නෙ. තමන්ගේ යයි අල්ලා ගැනීමක් නැහැ. නමුත් අනෙකා කෙරෙහි ආදරය සහ මයිත්‍රීය උපරිමයි. මේ වගේ ගැහැණු සහ පිරිමි දෙවර්ගයම ඉන්නවා. ඒ වගේම ලෝකයේ යථා ස්වභාවය නුවණින් දැකලා අවබෝධ කරගෙන එයාල මේ ලෝකෙ තුල පවතිනවා. මෙන්න මේ වගේ පිරිමියෙක් සහ ගැහැනියෙක් යම් මොහොතක එකතු වුනොත් එතනදි විශාල යහපත් ශක්තියක් මුදා හැරෙනවා. ලෝකය සමනය වෙනවා. ඒක පූජනීය අත්දැකීමක් වෙනවා.

නමුත් මේවා උනත් මේ මායා ලෝකය තුල යම් යම් පාරමිතා පුරපු අය අත් විඳින දේවල් පමණයි. 

අපිට මේ සාපේක්ෂ ලෝකෙ බොරුව දැකලා මේකෙ තියන කිසි දේකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව පවතින්න පුලුවන් නම් මමත්වය ටික ටික දිය වෙලා යනවා.

අපි ඇත්ත ඇති සැටියෙන් දැකීමට තරම් ඉවසිලිවන්ත විය යුතුයි.කාරුණික සහ මයිත්‍රී සහගත විය යුතුයි. මිනිස්සුන්ට ඇත්ත කිව්වම පිලිගන්න කැමති නෑ. මොකද "මම" කියන කෙනාට පහරක් වදින නිසා. හැමෝම කියනවා "මම" එහෙම නෑ කියලා. 

ඒ නිසා අතිශය අවංකව ,
නිහතමානීව ,තමන් දිහා බලන්න. එතකොට න්ට සත්‍යය පේන්න පටන් ගන්නවා .

No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.