Sunday, August 13, 2017

අපිව මේ විශ්වයේ රිද්මය සමග සම්බන්ධ කරන්නෙ වෙන කිසිවක් නෙවෙයි අපේම හදවත


සම්පූර්ණ අවබෝධත්වයට පත්වෙච්ච කෙනෙක් ඔහේ පවතිනවා විතරයි. පවතින්න දරන උත්සාහයක් එතන නෑ. විශ්වයේ රිද්මය ඒ උතුම් පුද්ගලයා තුලින් එලියට එනවා මිසක් ඇත්තටම යම් කිසි දෙයක් කරන්නෙක් එතන  නෑ. 

අපිට ඒ තත්වෙට එන්න බැරි වෙලා තියෙන්නෙ අපි බයයි අපේ සම්පූර්ණ පාලනය අපේ හදවතට භාර දෙන්න.   සම්පූර්ණයෙන් ම හදවතට එකඟව ජීවත් වෙන කෙනෙක් තුල දෙවියන් වැඩ සිටිනවා. අපි අපේ හදවතට එකඟව ජීවත් වෙන හැම මොහොතකම අපි විශ්වයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා.

අපිව සත්‍යය වෙත යොමු කරන්නෙ එහෙම නැත්නම් අපිව මේ විශ්වයේ රිද්මය සමග සම්බන්ධ කරන්නෙ වෙන කිසිවක් නෙවෙයි අපේම හදවත.

සත්‍යය අවබෝධත්වයට පත් උන / සියල්ලේම යථා ස්වරූපය අවබෝධ කරපු  ඒ තැනට පත් වෙච්ච කෙනෙක් ඉස්සරහට ගියාම ඇත්තටම මම මගේ අත්දැකීමෙන් කියන්නෙ. එයාලා කතා කරන්නෙ අපිට අවශ්‍ය සත්‍යයේ පණිවිඩය.  ඒ කියන්නෙ විශ්වයේ රිද්මය ඔවුන් තුලින් එලියට එනවා. එහෙම උතුම් කෙනෙක් ළඟදි අපිට යම් ශක්තියක්/ වේගයක්/aliveness එකක් දැනෙනවා ඒක වචන වලින් කියන්න ඇත්තටම අමාරුයි.

When ever I go in front of the Wise Yogi, the experience is as if I go near a mirror. I can see my entire self through him. I mean seeing almost everything about my inner most core. He speaks.... and it is like I tune the channel I want to hear and he speaks accordingly. In other words we turn on some channel in radio and the info in that channel being played. He speaks the ultimate truth in a way that we can understand and realize. This experience is the same with other people who comes to him as well. We all recognize our selves.

The Wise Yogi always says this is a practical way of living. Not any kind of knowledge or set of words. 

We all of us have the possibility to realize the truth and live a life which has no more suffering. Actually that is what we all seek for. 

අපේ ඇතුලාන්තයට කිසිම බාහිර සාධකයක් නිසා චලනයක් ඇති නොවෙන , මද්‍යස්ථයේ දිගටම පවතින තත්වයට අපි පත් උනොත් තව දුරටත් ජීවිතේ කිසි දෙයක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් හරි මේකෙ ඇත්ත ස්වභාවය ඇති සැටියෙන් දැකලා අවබෝධ කරගන්නවා නම් ඒක මොනතරම් දෙයක් ද. අනේ ඒක කොයිතරම් වටිනවද. මොනතරම් උතුම් යහපත් ශක්තියක් ද/ආලෝකයක් ද  එතන ඇති වෙන්නෙ. 

අපි හැම කෙනෙක්ටම පුලුවන් අපිට මේ තේරෙන සත්‍යය තේරෙන මට්ටමෙන් අනික් අයට කියලා දෙන්න. ඇත්තටම වෙන්න ඕනෙත් ඒකමයි.  සත්‍යයේ පණිවිඩය හැම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්ත වෙන්න ඕනෙ. 
ලොකු දෙයක් නෙවෙයි අපේ අපේ ජීවිත වෙනස් කරගන්න ඕනෙ.  අපේ ජීවිතය තමයි අපි මේ ලෝකෙට දෙන පණිවිඩය.

මමත්වය ටික ටික දිය වෙලා යද්දි මෙතන මම කියලා තනි පුදගලයෙක් නෑ කියලා තේරෙද්දි , යම් කෙනෙක් කිසිම දෙයක් කිසිම  පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් වෙනුවෙන් කරන්නෙ නෑ. එයා පවතින්නෙ අනික් අයගෙ සුඛ විහරනය/ සෙතක් සැලසීම උදෙසා මයි. සත්‍යයේ සැබෑ පණිවුඩය අනික් අයට කියලා දෙන්න ඒ වෙනුවෙන් එයා පවතිනවා. ඒක වචනවලින් කියන්න බැරි තරම්ම  උත්තරීතරයි.ශ්‍රේෂ්ඨයි. 

අපි කිසිම වෙලාවක තව කෙනෙක් අනුකරණය කරන්න යන්න නරකයි. ඒක ඇත්තටම ප්‍රායෝගිකව කරන්ඩත් බෑ. හැබැයි අපිට අනුගමනය කරන්න පුලුවන්. ඒක තමයි මාර්ගය. අවබෝධයෙන් දැකලා අනුගමනය කිරීමෙන් සත්‍යය අවබෝධ කරගන්න පුලුවන්.

මෙහෙමයි මේක සරලව තේරුම් ගන්න පුලුවන්.නිකන් හිතන්න දැන් මට ඕනෙ මේ ලෝකෙ තියන සියලු දේවල් වල ඇත්තම ඇත්ත අවබෝධ කරගෙන, යථාර්තය නුවණින් දැකලා, බොහොම සතුටින්, තෘප්තිමත්ව , කිසි කෙනෙක්ට බය නැතුව ජීවිතය විඳින්න පුලුවන් උපරිමයෙන් විඳිමින් ජීවත් වෙන්න. ඉතින් මම ඒකට විදියක් හොයනවා. හොයද්දි මට හම්බෙනවා කෙනෙක්... අන්න එයා සත්‍යය අවබෝධ කර ගත්තු උතුම් කෙනෙක්. මම එයා වගේ වෙන්න නම් එයා කියන මාර්ගයේ යන්න ඕනෙ. එයාව අනුගමනය කරන්න ඕනෙ. අනුකරණය කරොත් වෙන්නෙ බොහොම අවුලකට පත් වෙන එකයි. 

සත්‍යය කියන්නෙ මහා අමුතු දෙයක් නෙවෙයි, මේ සියලු දේ වල පවතින ඇත්ත ඇති සැටියෙන් දැකලා අවබෝධ කර ගැනීම මයි සත්‍යය අවබෝධය. එහෙම අවබෝධ වෙච්ච කෙනෙක්ට අපිට වඩා එහාට දේවල් දකින්න පුලුවන්, අහන්න පුලුවන්, විඳින්න පුලුවන්. ඒගොල්ලො මේ විශ්වයේ රිද්මයට නිරන්තරයෙන් සමබන්ධ වී පවතිනවා. (can experience more dimensions than we do)


No comments:

Post a Comment


What do you think?

It’s your turn.

Please feel free to share your experiences, opinions, thoughts in the comments box below.